සීතාවක රාජසිංහ රජ මාළිගයේ පිවිසුම් දොරටුව කොටු පවුර හා ලන්දේසි බළකොටුවේ නටබුන් ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීමත් සමග බොහෝ පිරිස් එහි එති.
රාජසිංහ මාළිගාව තනා ඇත්තේ අඩි 300ක් දිග පළල භූමියක බවත්, ලන්දේසි බළකොටුවේ නටුබුන් ඇත්තේ ද එහි බවත් සහකාර කැණීම් ශිල්පී ඩී එම් එස් දසනායක මහතා කියයි.
මළිගය සිව්කොනේ බැස්ටියන් මුරපොළ හතරක් ද තිබී ඇත.
සීතාවක රාජධානියේ මෙතෙක් ශිලාලේඛනයක් සොයා ගෙන නැත.
ප්‍රාදේශීය කැනීම් හා කෞතුකාරාග නිලධාරී ජයන්ති බියන්විල මහත්මිය -
‘ක්‍රි.ව 1521 සිට 1581 දක්වා මායාදුන්න රජතුමාත් ක්‍රි.ව 1581-1593 ටිකිරි කුමරු හෙවත් පළමුවැනි රාජසිංහ රජුත් රාජ්‍ය මෙහෙයැවුණේ අපි සොයා ගත් මේ මාලිගයේ සිට.
ක්‍රි.ව 1538 දී මායාදුන්නේ සීතාවක ප්‍රබල රාජ්‍යයක් බවට පත් කරනවා. 1547 කොට්ටේ රාජධානිය විරුද්ධව යුද වදිනවා. එහිදී ඔහු පරාද වී දැරනියගල ප්‍රදේශයට පලා යනවා. කොට්ටේ සතුරු හමුදා පෘතුගීසීන් සමග පැමිණ මේ මාලිගය අඩිතාලම හාරා මාලිගයේ වස්තුව කොල්ලකා මාලිගයද ගිනි බත් කරනවා. 1596 මුල්ලේරියා සටනින් පසු කොළඹ යාපනය හැර ලංකාවේ සියලුම ප්‍රදේශ සීතාවක රාජධානියට අයත් වෙනවා. කන්ද උඩරට විමලධර්මසූරිය රජු සමග පළමුවැනි රාජසිංහ කරන ලද සටනේදී පරාජය වීමෙන් පසු 1587 පළමුවැනි රාජසිංහ රජු මිය යනවා. මේ අතර නිකපිටිය බණ්ඩාර, රාජසුරිය කුමරු, අරිවති කිවෙන්ඩු (පෙරුමාල්) පාලක බලය අපේෂා කරනවා. 1594 දී කොට්ටේ සීතාවක බලය ලබා ගන්නවා. එම අවස්ථාවේ මාලිගාව ගිනිබත් කරනවා. පස්සේ ලන්දේසි බලකොටුවක් බවට පත් වෙනවා. 1685 ඔවුන් මෙය අතහැර යනවා. 1685 සිට පැවැතියේ අවධානයට යොමු නොවුන ප්‍රදේශයක් හැටියටයි. සීතාවක රාජ්‍ය සමයේ ඉතිහාසය එයයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 40 කට පෙර මම සීතාවක ගලබලනකන්ද විද්‍යාලයේ සේවය කළා. සීතාවක පුරණය හොයන එක ඉතා හොඳයි. රජවරු නොමග යවන අරිට්ට කීවෙන්දුලා අදටත් ඉන්නවා (නි)
වන්නි තිලක්, ඔබ අවිස්සාවේල්ල / සීතාවක සහ "ලෝ ලෙවල්" පාරේ අවට ඇති කඳු ආදිය ගැන ලියා ඇත්තේ සත්‍ය කරුණුය. මේ ප්‍රදේශවල ඇති ඔබ විසින් සඳහන් කරන ලද බොහෝ දෙය මා දැක ඇත. ස්තූතියි. (ස)
වන්නි තිලක්, ඔබ සඳහන් කළ දෑ මම ගූගල් ගුවන් ඡායාරූපයේ දැක්කා. හොඳ විස්තරයක්. ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්. බොහොම ස්තුතියි. (නි)
කන්ද උඩරට විමලධර්මසූරිය රජු සමග පළමුවැනි රාජසිංහ කරන ලද සටනේදී පරාජයවීමෙන් පසු 1587 පළමුවැනි රාජසිංහ රජු මිය යනවා. එතකොට මේකේ තේරුම මොකක්ද? (නි)
අපි දන්නේ නැති හොඳ විස්තර රැසක් ඉදිරිපත් කලාට වන්නි තිලක්ට ගොඩක් ස්තුතියි.ටිකිරි කුමරු හෙවත් පළමුවන රාජසිංහ රජතුමා ගැන මම පළමුවෙන්ම කියෙව්වේ ඩබ්.ඒ.ද සිල්වා ශුරීන්ගේ විජයබා කොල්ලය නව කතාවෙන්.ඒ කාලය ගැන උනන්දු වන අය අනිවාර්යෙන්ම කියවිය යුතු නව කතාවක්. (ස)
මේ අතීත ආවර්ජනය ගොඩක් හොදයි.මේ අපේකම.ඒක පිළිගන්නවා.ඒ වෙනුවෙන් කැපකරන නුඹලාට පින්.ඒත් අැයි දෙවියනේ වර්තමානයේ අපට තිබෙන ගහකොළ ටිකවත් රැකගන්න මේ විදියට මහන්සි නොවෙන්නේ? (නි)
මේ කරන්නේ ගවේෂණය නාමයෙන් පුරා වස්තු විනාශයකි. මේ අරන් දාන පස් මාලිගයේ ඇති වරම තුල එදා සිට තිබුන සවිමත් කල ද්‍රව්‍යන්ය. මේ තියන ටිකවත් රැක ගමු. මේ කොටස වටේ තාපයක් බැඳ රක්ෂිත ඉඩමක් කරමු. මේ කරන්නේ තවත් විනාශයකි. මෙහි අනාරක්ෂිත බව මොවුන් පෙනේ. (ස)
බැරැන්ඩි කෝවිල වටා ගෙතුණු කතාවක් තියෙනවා. අරිට්ටකී වෙන්ඩු කියලා බමුණෙක් ඇවිල්ලා රජ්ජුරුවෝ මුලා කරගෙන ආගම වෙනස් කරලා(ඒක දිග කතාවක්) පන්සල් කඩවලා කෝවිලක් ඉදිකරන්න කැමති කරවා ගත්තලු. මේ කපටි බමුණා කිව්වලු රජතුමා මැරෙනකම් හෝ මම මැරෙනකම් හෝ ගඟ ඉවර වෙනකම් හෝ මේ තුනෙන් එකක් ඉවර වෙන තුරු මේ කෝවිලේ වැඩ ඉවර කරන්නේ නැහැ කියලා. ඒ කතාව පසුව රාජා හෝ මා හෝ ගංගා හෝ කියල ජන වහරට එකතු වුනා. එසේම අවසන් නොකළ කෝවිලේ පාදම අදත් තියෙනවා. ගූගල් ගිහින් බලන්න පුළුවන්. (නි)
අපි පුංචි කාලේ ගම්වල හරියට නාට්‍ය කණ්ඩායම් තිබුණා. ගමින් ගමට ගිහින් මේ නාට්‍ය වලින් මේ ඉතිහාසය සමාජයට කියා දුන්නා.දැන් හැමදේම දියුණු වෙලා නිසා ළමා ලෝකයෙන් මේවා දුරස් වෙලා.මෙහෙම හරි දැක බලා ගැනිම සතුටක්. (ස)
දුර දිග බලා කතා කරන්න උපාලි මහත්තයා (නි)
මොහමඩ් කියලා බොරු නමකින් ලියපු කෙනා කවුද කියලත් කිව්වොත් හොඳයි. (නි)
අනේ අර අහවලාගේ පුතාට මෙතන නිධන් හාරන්න නම් දෙන්න එපා. (නි)
රජ මාලිගය තිබුණු බිම්කඩ පසු කරලා තව ටිකක් යනකොට ගඟ කිට්ටුවම හතරැස් හැඩයේ උස් ගල් පර්වතයක් ඇති. ඒකට කියන්නේ ගලබලන කන්ද කියලා. ඒ ගලේ ඉඳලා බලනකොට කොළඹ නගරය පියවි ඇසින් මනාව දකින්න පුළුවන්. මේ කන්දේ ඉඳලා තමයි ඒ කාලේ පෘතුගීසි හමුදා කොළඹ ඉඳලා එනවද කියලා ඔත්තු බැලුවේ. අදත් මේ කන්දේ වැඩිපුරම ඉන්නේ ගලබලනලාගේ වාසගම සහිත මිනිස්සු. (නි)
කොන්ද පණනැති රියදුටෝ (දී)
සදකඩ පහන්, මුරගල්, හෝ වෙන ඓතිහාසික වටිනාකමක් ඇති ගල් කැටයක් හරි තිබුනොත් කරුණ කරලා එස් ටී එෆ් එක දමල හරි අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරලා දෙන්න ....දන්නවනේ අපේ කට්ටිය ...අම්මා තාත්තා හරි විකුණ ගෙන කනවා කියලා. (ස)
"රාජා හෝ මා හෝ ගංගා හෝ" කියන වැකිය අසා තිබුනත් පසුබිම් කතාව යලි මතක් කර දීම ගැන තිලක් අයියාට ගොඩක් පින්..(නදී)
වන්නිතිලක, කටතිබුණු පලියට බොරුබේගල් අැදබාන්න එපා (නි)
දැන් එතකොට අපේ මුතුන් මිත්තෝ පල්ලි කරවලා නැද්ද? (නි)
හූ හඩ මගින් තමයි ඒ කාලේ සංඥා දැන්නුවේ. තවමත් හූ සංඥා එම පළාතේ තිබෙනවා. (නි)
ස්තූතියි වන්නි තිලක් (නි)
ඔය පැත්තේ තියනවා ශ්‍රී පාදය කියලා තැනක්. සීතාවක ගඟේ වැලි ගොඩ දාන අය දන්නවා රජතුමා බිසව රවටන්න නිර්මාණය කරපු තැන (සද්භාවයෙන්) බිසව දරුවකු ලැබෙන්න හිටි වෙලාවෙ ශ්‍රි පද වදින්න ඕන කීවලු. (ස)
මල් සහ ගල් දෙකටම ස්තුතියි! ඒ දෙකම උපේක්ෂාවෙන් ඉවසමි. (නි)
සුභා ඔබ නිවැරදියි. ඔය ගලබලන කන්ද සහ ගඟ අතර පටු බිම් තීරුව පින්නපොලේ කියනවා. මේ හරියේ වැලි කර්මාන්තය බහුලයි. ඔය කියන ශ්‍රී පාදය තියෙන්නේ ඒ හරියෙයි. මේ පින්නපොලේ ගල් ගුහාවක් තිබෙනවා. පුරා විද්‍යාඥයින්ගේ නිගමනයට අනුව වසර තුන්දාහකට පෙර මිනිසුන් වාසය කළ සාධක තිබෙනවා. (නි)
රාජසිංහ රජතුමාට විශාල ඇත් හමුදාවක් තිබුණා. මේ ඇත් හමුදාව ගාල් කරලා තිබුණු හරිය ගමේ ඇතුළේ සැඟවුණු හරියක තියෙන්නේ. මේ හරියට අදත් ඇත් පන්තිය කියලා කියන්නේ. (නි)
රජ මාලිගය නිතර සතුරු ආක්‍රමණයකට සුදානම්ව තිබුනලු. එනිසා රන් මැණික් වැනි අගනා වස්තු සහිත රාජ්‍ය භාණ්ඩාගාරය හදලා තිබුනේ ගමේ ටිකක් දුරින්. ඒ හරියට අද කියන්නේ රන්ගේගම කියලා. රජතුමා නඩු අැසූ තැන වගේම හිරගෙය තිබුණු තැන දිව්රුම්පිටිය හෙවත් වැරදි කරුවන් ලෙස චෝදනා ලද අය තමන් නිර්දෝෂී යැයි දිව්රු තැන ආදී බොහෝ දේ මේ පෙදෙසේ තිබෙනවා. (නි)
ගලබලන කන්දේ උසම ස්ථානය යකහටු ගල. මුහුදු මට්ටමේ සිට අඩි එක්දහස් හාරසියයක් උසයි. මේ ගල මුදුනේ අදටත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව නඩත්තු කොට පවත්වාගෙන යන ලංකා සිතියමේ මිනුම් ලක්ෂයක් තියෙනවා. (නි)
රාජිත, වන්නි තිලක් ලියා ඇති දෙය බොරු බේගලයක් වෙන්නේ කොහොමද කියා ඔබට හැකි නම් නිවැරදි කර කියන්න බලන්න. (නි)
මේ සීතාවක රජ මාලිගය තියෙන්නේ අවිස්සාවේල්ල නගරයට කි මී 1 1/2 ක් දුරින් මානියම්ගම පාරේ. එහි අද නටබුන් ලෙස දකින්න තියෙන්නේ ගල් කිහිපයක් විතරයි. මේ කැනීමෙන් පස්සේ බලන්න යමක් තියේවි. සීතාවක කිව්වට මාලිගය තියෙන ප්‍රදේශයත් අයත් වෙන්නේ මානියම්ගම ගමටයි. ගූගල් අර්ත් එකෙන් බලන්න අවිස්සආවෙල්ල මානියම්ගම පාරේ ගඟේ ලොකු වංගුවක ගඟට දකුණත පැත්තෙන් පෙනේවි එල් හැඩයේ ගොඩනැගිල්ලක් ඒ තමා අපේ පුරා විද්‍යා කාර්යාලය. ඊට කිට්ටුවම ඇති කණමැදිරි වල කියල චායාරුපයක් එයිට එගොදින් තමයි බයිරන්දී කෝවිල තියෙන්නේ. එකත් ගූගල් ගුවන් ඡායාරුපයේ පෙනෙනවා.(නදී)
ගලබලන කන්දට කොළඹ සිට එන පාරේ තැන් කිහිපයක්ම පෙනෙනවා. ඒ වගේම මාලිගය තියෙන තැනත් කෙළින්ම පෙනෙනවා. කොළඹින් හමුදා පිටත් වුණොත් දුම් මගින් ගිනි ගොඩවල් දැල්වීම මගින් සංඥා දෙන ක්‍රමයක් තිබිලා තියෙනවා. කඩුවෙල පත්තිනි දේවාල බිම නවගමුවේ හොරෙකන්ද ඇඹුල්ගම රජමහා විහාරය තියෙන කන්ද හේවායින්න කන්ද ආදියේ හිටපු මුරපොළවල් වලින් එවන සංඥා මාලිගයට දැනුම් දුන්නේ මෙකී ගලබලන කන්දේ සිටලු. (නි)
මම මේ කතාව අහල තියෙන්නේ වෙනස් විදිහට. ඒ.පී. ගුණරත්න මහතා ගේ නගුල් මුන්නා සහ තවත් කතා කියන පොතේ එන්නේ.. "එක රජ කෙනෙකුට ඕනේ උනාලු තිත්ත නැති කොහොඹ ගහක් හදන්න තමන්ගේ රටේ. රජ තුමා ඒසඳහා අණ බෙරයක් ප්‍රසිද්ධ කලාලු. එක මිනිහෙක් ඉදිරි පත් වෙලා තියෙනවා වැඩේට කොන්දේසි ඇතුව . ගඟක් අයිනේ කොහොඹ පැළයක් සිටුවලා ඒ මිනිහට සම්පූර්ණ පහසුකම් ඒ අසලින්ම සලසලා කොහොඹ ගහට දවසගානේ කිරිකල හතක් ආදී වසයෙන් මිනිහ කියන විදිහට සාත්තු කරනවලු. ටික කලකින් අර ගඟ උතුරා ගලනවිට කොහොඹ පැලේ ගහගෙන යනවලු. නැවත වරක් අලුතින් කොහොඹ පැළයක් සිටුවලා සාත්තු කරන කොට ආයෙත් ගසාගෙන යනවලු. ඉතින් දවසක් මෙතනට ආපු වෙන මිනිහෙක් ඇහුවලු මේ වැඩේ ඉවර වෙන්නේ කොහොමද කියල. ඒ පාර වැඩේ බාරගත්තු මිනිහ කියනවලු, "රාජ හෝ මාහෝ ගංගා හෝ" කියල. ඒ කියන්නේ කවදා හරි මේ රජ හරි මා හරි මේ ගඟ හරි නැති උන දවසට තමයි මේ වැඩේ ඉවර වෙන්නේ කියල. ඒ කියන්නේ මෝඩ රජවරු ගැන උපහාසයෙන් ගොතපු කතා. මේ වගේ කතා සිය ගණනක් තියෙනවා. ඒදවස්වල පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල ළමයින්ගේ කියවීමේ රුචිය වැඩි දියුණු කිරීමට පාසල් පුස්තකාලවලට රජයෙන් දීපු පොත් පත් තමයි මේවා. "රන් කැකිර සහ තවත් කතා", "ඉසොප් ගේ උපමා කතා" ඒ වගේ පොත් අද ළමයින්ට නැහැ.හරි ලස්සන කතා.(නදී)