නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Head - නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධූරය පියසේන ගමගේට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම මහා ආර්ථික ව්‍යසනයකට පත්ව ඇති මොහොතක යහපාලනයේ තවත් උත්කර්ෂවත් පියවරක්.................
ඉතිරි අයටත් දීල දාන්න. ඇයි රටේ සල්ලි උතුරනවනේ. ඒ නිසා කොහොම හරි වියදම් කරලා දාන්න එපාය.
යහපාලන ගමනක අවසානය.... තව ඇමතියෙක් ....ඉපදෙනවා නෙවෙයි පැටව් ගහනවා....
මෙතුමා රටට සේවයක් කල කෙනෙක් සහ සංසන්දනාත්මකව දක්ෂ කෙනෙක්.........
මෙයාට නියම පිනා චාන්ස් එකක් ලැබුනේ මන්ත්‍රී කමට . දැන් ඇමති කමක් ?මට හිතෙන්නේ යහපාලනයම මුවන්පලස්සේ පිනා වගේමයි කියලයි.
ඇයි මේ අමාත්‍යංශයෙන් මහ ලොකු සේවයක් වු නිසාද?
මතක විදිහට ඇමති මණ්ඩලය 25ක් කරනවා කියලයි 2015 ට කලින් ජනාධිපති කිවුවේ. රට අසරණ වෙලා ඉන්න මේ වෙලාවේ අනවශ්‍ය තනතුරු මොකටද. පත්වන අමතිලට දෙන දීමනා ජනාධිපතිගේ සාක්කුවෙන් ද දෙන්නේ. අපි වැටුණ මුලාවක තරම.
2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීපු තිස්ස අත්තනායකට අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ නඩුවක් ගොනුකළා. එතකොට මේ මැතිවරණ සමයේ අමාත්‍ය ධුරයක දිවුරුම් දෙන පියසේන ගමගේට ඒ නීතිය අදාළ නැද්ද? අකො, මැකෙි, නිතිපති ලට මේව පෙනිල නැතුවවත්ද?
සාගල ගල් කලේ ඇයි .... ? මේ තාක් අසාර්ථක නිසාද .... රනිල්ගේ ගෝලයෙක් නිසාද ?
රිලවා පනින කොටම ඉනිමඟ තියලා. අපි මෙතනත් පැරණි සිංහල උපහරණය වෙනස් කරමු "පක්ෂෙට පනින දේට ඇමතිකම දෙනවා" වගෙයි කියලා.
මෙතුමා රටට සේවයක් කල කෙනෙක් සහ සංසංදනාත්මකව දක්ෂ කෙනෙක්ලු.. රටට, පළාතට, ජනතාවට කරපු සේවය මොකක්ද?
මහින්දව අරගෙන අගමැතිකම දෙන්නකෝ... ජනාධිපති බලතල පවරලා. අප අකමැති නැත.