( දසුන් රාජපක්ෂ)
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සන්තකයේ තිබී සොයාගත් දුරකතන සංවාද හඩපට නිසා බිදවැටී තිබෙන නීතියේ ආධිපත්‍යය යළි කඩිනමින් ස්ථාපිත කිරීමට රජය ක්‍රියාකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණ අද (7) පිරකෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ මුසම්මිල් මහතා එම හඩපටවලින් අනාවරණය වූ සිද්ධීන්ට අදාළව අසාධාරණයට ලක් වූ වින්දිතයන්ට රජය මැදිහත් වී සහන සැළසිය යුතු බවද කියා සිටියේය.
රන්ජන් රාමනායක මහතා සමග දේශපාලන දඩයම් කිරීමට එක්වූ බවට දුරකතන සංවාදවලින් අනාවරණය වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන අය නීතිය හමුවට රැගෙනවිත් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවද මුසම්මිල් මහතා සදහන් කළේය.
පසුගිය යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය බිදහෙලමින් විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රනය යොදාගත් ආකාරයට අදාළ තිත්ත ඇත්ත රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හරහා ජනතාවට ඔප්පු වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

(ඡායාරූපය - දසුන් රාජපක්ෂ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වහල්ලු ................
උසාවි නියෝගයකින් අත් අඩංගුවට ගත්ත සී.ඩී පැය කිහිපයක් යන්නත් පෙර සමාජ ජාලා වලට දුන්නේ කව්ද කියලත් මේ ගමන්ම හොයන්න වේවි. පොලිසියේ ඉහල නිලධාරියෙකු ඉදිරියේ මුද්‍රා තබා උසාවියට ඉදිරිපත් කළයුතු නඩු භාණ්ඩ, උසාවියට ඉදිරිපත් කිරීමට පෙර සමාජ ජාලා වලට ලබා දීමෙන් මේ සාක්කි සියල්ලේම නීතිමය වටිනාකම නැති කළේ කාගේ උවමනාවටද ?
මොනවා කියවනවද මන්ද? දන්නා දෙයක් කියන්න.
නීතියෙන් හරි සාධාරණයක් බලාපොරොත්තු වෙන තැන මෙහෙම නම් අපි කාගෙන්ද සාධාරණයක් බලාපොරොත්තු වන්නේ ?
මොනවා.................නීතියේ ආධිපත්‍යය බිඳවැටිලා? සමහරවිට ඩබල් පාස්පෝට් නඩුව, සනුහරේට නිවාස දීමේ නඩුව වගේ දේවල් හරියට ඇහුවේ නැති හින්දා වෙන්න බැරුවද ඕක බිඳ වැටුනේ? නායකයාගෙන් ඇහුව නම් කියයි.
එහෙම කළොත් පහුගිය වකවානුවේ ගහපු ගැහිලි වලට එළියේ ඉන්න පුලුවන් වෙයිද?
කටින් බතල හිටවන්නේ මෙහෙමයි.
‘නීතියේ ආධිපත්‍යය යළි කඩිනමින් ස්ථාපිත කරන්න‘ කියලා කියන්නේ මැදමුලන නීතිය ආපහු ගෙන්න කියලා.................
මේ තරම් නීතිය බල්ලට ගිහිල්ලා තියන රටක පාට කණ්නාඩිවලින් අන්ධවෙලා දාන කමෙන්ට්ස් බැලුවම පුදුමත් හිතෙනවා. මේ වගේ අමන මිනිස්සු ඉන්න රටකට මොන නීතියක්ද ?