ගිය වසරේ ඔක්තෝබරයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරී කොම්පඤ්ඤවීදිය ගොඩනැගිල්ලකට අනවසරයෙන් ඇතුළු වීයැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් පී පෙරේරා, ආර් යෝගරාජන් හා නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක් සම්බන්ධ ඉදිරි කටයුතු කරගෙන යායුතුද යන්න ගැන නීතිපති මතය මෙතෙක් ලැබී නැතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රීලනිපයේ නිදහස් සේවක සංගමය රජයේ දේපොළක් භාවිත කරමින් ජනපතිවරණ අපේක්ෂකයකු වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව එහි ගිය බව සැකකරුවන්ගේ නීතීඥවරු කියති.
නොතීසි නොලැබුණු නිසා සැකකරුවන් ඔවුහු අද උසාවි නොගියහ. මහේස්ත්‍රාත් කීවේ නොතීසි ලදහොත් පමණක් උසාවිය එන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යහපාලනය! (නි)
පරක්කු කරන්න එපා නීතිපති තුමනි. (අ)
නීතිපතිතුමන් කඩිනම් පියවරක් ගත්තොත් හොඳයි. නැතිනම් යහපාලනය ගැන නොයෙක් කතා කියන අයට ඉදිරියේදී මෙය තවත් මාතෘකාවක් වනු ඇත. (බ)
මේ කටයුතු ඉක්මන් කරන්න (නි)