(ජේ.ඉඳුරුවගේ )
කසකස්ථානයේ සිට නත්තල් සැමරීමට හා සංචාරයකට නත්තලදා මෙරටට පැමිණ සිටි විදේශිකයෙකු බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලී මියගිය බව බෙන්තොට පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ ටිටෝ වැඩ්ලොව් නැමති 51 හැවිරිදි කසකස්ථාන ජාතිකයෙකි.
නත්තල් දා මෙරටට පැමිණ බෙන්තොට හෝටලයක නතරව සිටි ඔහු සිය බිරිඳ සමග ඊයේ( 26) මුහුදේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd