ලක්බිම නිවුස් පත්‍රයේ හිටපු කර්තෘ රාජ්පාල් අබේනායකට නීතිඥ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී පහරදුන්නැයි කියන නීතිඥ අශෝක සෝමරත්නට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොල්ලුපිටිය පොලිසියටනියෝග කෙළේය. මේ සිද්ධිය සමථ මණ්ඩලයෙන් බේරුම්කැර ගත නොහැකි බව පොලිසිය පැවැසූ විට මහේස්ත්‍රාත් එම නියෝග කෙළේය. අබේනායක මහතා එම සාදයට බලෙන් පැමිණි බව සෝමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පැවැසීය. ඊට අදාල වාර්තාව ඊළඟ නඩු දිනයේ දී ගොනු කරන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය දන්න අයත් මෙහෙමනම් අනෙක් අය ගැන මොන කතාද?(නු)
අපේ දුප්පත් සල්ලි වලින් කන්න බොන්න ගියහම ඔහොම තමයි. (නි)
වැටත් නියරත් ගොයම් කා නම්.... (නි)
මෙයාලා දන්නේ නීතිය විතරයි. (නි)
ඔය නිතිඥ මහතා නිතරම ගහගන්න බලගෙන ඉන්න කෙනෙක් වගෙයි. (නි)
මෙයාව නිතීඥ්ය වෘත්තියට සුදුසුද කියලා නඩුකාරයන්ට තීරණය කරන්න වෙනවා. රස්තියාදුකාරයන් ලෙස හැසිරෙන අය මේතරම් වටිනා වෘත්තියක ඉන්නවා කියන එක හරිම ශෝචනීය කරුණක්. (නි)
නීතිය දන්නා බොහෝ දෙනෙක් මනුස්සකම හදුනන්නේ නැත. (නි)
ප්‍රිය සම්භාෂණ වලට බලෙන් ඇතුලු වෙන එක වැරදියි. (නි)