අධිකරණ සේවා කොමිසමට රජයේ ඉහළ තැන්වලින් එල්ල වෙතියි කියන බලපෑම් ද රජයට සම්බන්ධ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් අධිකණ තීරණ විවේචනයට ලක් කිරීම ද හෙළා දකින බවට ලංකා නීතිඥ සංගමය යෝජනා දෙකක් සම්මත කැර ගත්තේය. මෙහි මුල් පියවර ලෙස ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය හමුවන බව ලේකම් සංජය ගමගේ මහතා කියයි. උසාවියට අපහාස වන පුවත් පළ කළැයි කියන ආයතන වලින් එරෙහිව උසාවියට අපහාස කිරීමේ නඩු පැවැරීමේ ඉඩ කඩ සොයා බැලීම සඳහා නීතිඥවරුන් දස දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කැර ඇත. එම නීතිඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ මහතාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ දේශපාලන බලවතුන්ට එක් නීතියකුත්, රටේ සාමාන්‍ය පුරවැසියන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙන්නේ ඇයි? (නි)
අයියෝ සල්ලි
මොන තරමට රටක් පිරිහුණත් රටක නීතිය පිරිහෙනවයි කියලා කියන්නේ රටක ජනතාවට කිසිම පිළිසරණක් නැති වෙනවයි කියන එක. ඒ නිසා සැබැවින්ම ඔය තීරණය අරන් ජනතාව සුරක්ෂිත කිරීම, නීතිය ගැන වගකීමක් තියෙනවාය කියලා අපි හිතන පිරිස ගන්නා ලද හොද තීරණයක්. ඒ තීරණ ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන පිළිවෙළ පිළිබදව ජනතාව බලාගෙන ඉන්නවා. (නි)
වැඩේ නම් හොදයි. ඒත් මේකෙත් ඉන්නේ දේශපාලඥයොනේ. (නි)
මා හිතන්නේ අරය මෙහෙටත් බලපෑම් කරලා වගේ. (ස)
හාමුදුරුවනි, අධිකරණයේ සරණ වුනත් ඉක්මනින් ලැබෙන්නේ නැහැ.එකටත් දිගු කලක් ඉන්න වෙනවා, (ස)
අධිකරණයට දේශපාලන අතපෙවීම් වහා නතර කළ යුතුයි. (නි)
දේශපාලන දුරස්ථ පාලකය තිබෙන තුරු අපේ රටේ කිසිවක් කළ නොහැක. (නි)
නීතියේ හැටි තේරුම්ගන්න පුළුවන් හොද අවස්ථාවක් (නි)
සද්දේ තරමට වැඩ තියෙයිද කියලා බලමුකෝ. (නි)
වගකිවයුත්තන් අල්ලලා දාන්න ඇතුළට. (නි)
වර්තමානයේ ලංකාවට තෙරුවන් සරණ අභිබවා අධිකරණයේ සරණ වැදගත් වෙමින් පවතී. (නි)
සංගමය ඇතුළෙත් දේශපාලනය... (නි)
අපහාස නොවෙන ආතකාරයෙන් කටයුතු කළොත් එහෙම වෙන්නේ නැහැනේ. ඉක්මණින් නඩුව අවසන් කරලා දමන්න. (නි)
නැතුවට වැඩ
හොද නීතිඥවරුත් ඉන්නවා (නි)
අපේ රට යන අත කොයිබද? (නි)
මාධ්‍ය නිදහස පිළිබදව පැහැදිලිව ලියැවී ඇති තැන කොතනද? (නි)
මාධ්‍ය තුළින් සත්‍ය හෙළිකිරීම අපහාසයක් වන්නේ කෙසේද? (නි)
රටේ නීතිය ගෑන දෑන් ජනතාවට එතරම් විශ්වාසයක් නෑතිතරම්. ඇතැම් ගුවන්විදුලි වැඩසටහන් මාධ්‍ය සදාචාරය පමණක් නොවේ, රටේ නීතියද අභියෝගයට ලක්කරන අවස්ථා අපි දෑක ඇත. මේ සම්බන්ධව පියවරක් ගෑනීම රටේ අනගතයට යහපතකි. (නි)
ක්‍රියාත්මක වුණොතින් නම් මසුරන්. (නි)
පලක් නැති වැඩ
අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. (නි)
මේක හොඳ දෙයක්. ඒත් වෙන හැම දෙයකදීම වගේ පටන් ගන්න විදියටම යහපත් ප්‍රතිපලයක් නොලැබෙන විදියට ඉවර වුණොත් තමයි වැඩක් වෙන්නේ නැත්තේ. පහුගිය කාලේ වුණ හැමදෙයකම අන්තිමට දිනුවේ වැරදි කරපු මිනිස්සු විනා වැරැද්දට විරුද්ධව සටන් කරපු අය නොවෙයි. (නි)