අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ ප‍්‍රහාරය ගැනත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීම ගැනත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ සේවා කොමිෂන් සභාව අද සවස 4ට සාකච්ඡාවක් පැවැත්වීමට යයි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සමග පැවැති හමුවකින් අනතුරුව, විධායක සභාවේ ඒකමතික අනුමැතිය මත මෙම සාකච්ඡා පවත්වන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා කියයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ද මේ රැස්වීමට පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිඥ සංගමය අද රැස්වෙයි
කුමාර් ද සිල්වා-ලන්ඩන් Monday, 15 October 2012 05:22 PM
අධිකරනයේ ස්වාධිනත්වය ඇත්තටම අපේ රටේ තිබුණාද? මම හිතන විදියට එක්තරා ප්‍රමාණයකට රැකිලා තිබුණා. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඇතිබව අපට පේනවා. රට ගැන හිතලා වැඩකළොත් හොඳයි නේද? (නි)
චන්සිරි Monday, 15 October 2012 01:33 PM
පහරදුන් අයව ඇල්ලුවේ නැද්ද ?? (ස)
රමල් Monday, 15 October 2012 01:41 PM
නීතිඥ මහතුනේ අධිකරණය ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් යුතුකමක් .ඒ සඳහා දිරිය ශක්තිය ලැබේවා (ස)
වරුණ Monday, 15 October 2012 01:42 PM
කොපමණ රැස්වීම් තිබුණත්, ස්ට්‍රයික් කරත් ඔහුට සාධාරණය ඉෂ්ටවුණේ නැනේ ? (ස)
යොහාන් Monday, 15 October 2012 02:22 PM
දැන් ඔය කණ්ඩායම ඊළගට මොකක්ද කරන්න යන්නේ? (නි)
චතුල වෙරෝනා Monday, 15 October 2012 02:41 PM
මේවත් දැන් හරියට ළිඳ ළග සංගම් වගේ. කතාව විතරයි, නඩු වලදි පාන් රාත්තල හොරකම් කරපු එකා හිරේට යවනවා, කුඩු ගෙනත් මිනීමරන එකා පිටරටවල් වලට යවනවා....? (නි)
සිල්වා Monday, 15 October 2012 02:52 PM
අයියෝ සල්ලි
ඉන්ද්‍රජිත් Monday, 15 October 2012 03:10 PM
අදිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම ගැන අද පවත්වන කතිකාවන්, අධිකරණයට සම්බන්ධ ඉහළම තැනැත්තෙකුට ගුටිකන්න වෙන දවස පැමිණෙන්නට පෙර පවත්වලා තිබුණා නම් කාගේ කාගේත් ගෞරවය මීට වඩා රැකෙන්න ඉඩ තිබුනා. අද වනවිට මේක හුදෙක් අධිකරණයේ හා ඊට සම්බන්ධව වැඩකරන අයගේ ගැටළුවක් පමණක් ලෙස සමාජගතවී තිබෙන්නේ පහුගිය කාලේ ජනතාව අධිකරණය ගැන තබා තිබුණු විශ්වාසය ඉවත දමා ඇති නිසයි. අධිකරණය සාධාරණ වනවා පමණක් නොව ඒ බව පෙනෙන්නටද තිබිය යුතුයි කියා ස්වාභාවික යුක්තියෙන් බලාපොරොත්තු වෙනවා. (විශේෂයෙන්ම 'යුද අධිකරණයත් සිවිල් අධිකරණයත් එක වගේමද?' වැනි ගැටලුකාරී කාරණා අධිකරණය හමුවේ පැවති කාලයේ වත්..) (නි)