අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ ප‍්‍රහාරය ගැනත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීම ගැනත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ සේවා කොමිෂන් සභාව අද සවස 4ට සාකච්ඡාවක් පැවැත්වීමට යයි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සමග පැවැති හමුවකින් අනතුරුව, විධායක සභාවේ ඒකමතික අනුමැතිය මත මෙම සාකච්ඡා පවත්වන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා කියයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ද මේ රැස්වීමට පැමිණීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරනයේ ස්වාධිනත්වය ඇත්තටම අපේ රටේ තිබුණාද? මම හිතන විදියට එක්තරා ප්‍රමාණයකට රැකිලා තිබුණා. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඇතිබව අපට පේනවා. රට ගැන හිතලා වැඩකළොත් හොඳයි නේද? (නි)
පහරදුන් අයව ඇල්ලුවේ නැද්ද ?? (ස)
නීතිඥ මහතුනේ අධිකරණය ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් යුතුකමක් .ඒ සඳහා දිරිය ශක්තිය ලැබේවා (ස)
කොපමණ රැස්වීම් තිබුණත්, ස්ට්‍රයික් කරත් ඔහුට සාධාරණය ඉෂ්ටවුණේ නැනේ ? (ස)
දැන් ඔය කණ්ඩායම ඊළගට මොකක්ද කරන්න යන්නේ? (නි)
මේවත් දැන් හරියට ළිඳ ළග සංගම් වගේ. කතාව විතරයි, නඩු වලදි පාන් රාත්තල හොරකම් කරපු එකා හිරේට යවනවා, කුඩු ගෙනත් මිනීමරන එකා පිටරටවල් වලට යවනවා....? (නි)
අයියෝ සල්ලි
අදිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම ගැන අද පවත්වන කතිකාවන්, අධිකරණයට සම්බන්ධ ඉහළම තැනැත්තෙකුට ගුටිකන්න වෙන දවස පැමිණෙන්නට පෙර පවත්වලා තිබුණා නම් කාගේ කාගේත් ගෞරවය මීට වඩා රැකෙන්න ඉඩ තිබුනා. අද වනවිට මේක හුදෙක් අධිකරණයේ හා ඊට සම්බන්ධව වැඩකරන අයගේ ගැටළුවක් පමණක් ලෙස සමාජගතවී තිබෙන්නේ පහුගිය කාලේ ජනතාව අධිකරණය ගැන තබා තිබුණු විශ්වාසය ඉවත දමා ඇති නිසයි. අධිකරණය සාධාරණ වනවා පමණක් නොව ඒ බව පෙනෙන්නටද තිබිය යුතුයි කියා ස්වාභාවික යුක්තියෙන් බලාපොරොත්තු වෙනවා. (විශේෂයෙන්ම 'යුද අධිකරණයත් සිවිල් අධිකරණයත් එක වගේමද?' වැනි ගැටලුකාරී කාරණා අධිකරණය හමුවේ පැවති කාලයේ වත්..) (නි)