( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම තුළින් නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම මූලික අයිතීන් කඩ කර ඇතැයි කියමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) රිට් පෙත්සමක් ගොනු කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ,අල්ලස් කොමිසමේ සාමාජිකයන් සහ බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ද නම් කර ඇත.
පෙත්සම්කාර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම නිර්දේශ ගණනාවක් නීතිපතිවරයා හා අල්ලස් කොමිසම වෙත නිකුත් කර ඇති බවය.
එම නිර්දේශ නිකුත් වී වසරකට වැඩි කාලයක් ගතවී තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම අසමත්ව සිටින බව චෝදනා කරන පෙත්සම්කාර නීතීඥවරයා මේ තුළින් සිය මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද ඉල්ලීමක් කළේය.
එමෙන්ම අදාළ නිර්දේශ පිළිබඳව නොපමාව පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගන්නැයි නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාගානන්ද කොඩිතුවක්කු මහතා... මේ ගොයියන් අපිව රවට්ටන්න හදන්නේ... එ්කට ඉඩ තියන්න එපා. ගෑවිච්ච ගෑවිච්ච කෙනා එළියට ඇදලා ගන්න.
ඔබතුමා මේ ආණ්ඩුවෙන්ම වැඩ පටන් ගන්න වගේ...
දේශපාලකයින්ගේ රැවටීම් හමුවේ අන්දව සිටින, බැතිමත් ජනතාවකට මෙතුමාගේ ක්‍රියාකාරකම් වටහා ගැනීමට හා මෙවන් නායකයෙකු ලබන්න තරම් ශ්‍රී ලාංකික ජනතාවට පිනක් තිබෙයිද කියන එක තමයි ප්රශ්නය?
මහින්දගෙන් කාලා ජිවිතේ බේරගන්න රට පැනපු නාගානන්දට, මහින්ද ඇතුළු නඩය අමතකවෙලා මහ බැංකු බැඳුම්කර සිද්ධිය එක පාරම මතක් වුනේ මොකද?
සමහර කොමෙන්ට් දැක්කහම මට පෙනුනේ නාගානන්ද එක රැස්වීමකදී කිව්ව දේ. ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවහම බලන්නේ හඳ දිහා නෙමෙයි ඇඟිල්ල දිහා. මේ මනුස්සය කරන දේ දිහා බලල ඒක රට වෙනුවෙන් වටිනා දෙයක්ද කියල බලන එක නේද කලයුත්තේ? හරිනම් රට වෙනුවෙන් නීතිඥ සංගමයෙන් කල යුතු දේ නේද මේ පුද්ගලයෙකු අතින් ඉටු වෙන්නේ?
නිර්භීත සිංහයෙකු වැනි නාගනන්ද මහතා සංවාදයක් කරන ආකාරය අප රූපවාහිනියෙන් දුටුවා.
නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ සුගන්ධිකා නීතිඥ දෙන්න ලංකාවේ උසාවි සහ නීතිඥ වරුන්ගේ තියන නොමනා කම් හුගක් රටට හෙළි කල දෙන්නෙක්... නමුත් මොවූන් හෙළි කල දේ වලින් කිසිදු විනිවිදභාවයක් සිද්ධ උනේ නැහැ මේ කියන වැරදි පාර්ශවයන්ගෙන්. කෙසේ වෙතත් අපි සතුටු වෙනවා නීතිඥ වරුන් වශයෙන් රටට ඇත්ත හෙළි කිරීම ගැන.
පෙරකුම්, එර්දි, යන්නේ කොහෙද මල්ලේ පොල් ගැටළුවක් වගේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට දෙසු කාලාම සුත්‍රය පිළිබඳව සොයාබලන්න.
Bamunuarachchi. අනුන්ගෙ දේවල්වලට අත නොදා තමන්ගෙ මතය ප්‍රකාශ කරනවද .නාගනන්ද කාලයක් පිටරට පැනල හිටියෙ තමන්ගෙ රැකියාව අවංකව කරන්න ගිහින්. එදා ඔහුගේ ඔහුගේ රාජකාරිය අවංකව ඉටු කිරීමට තබා කතා කිරීමටවත් ඉඩ නොදුන්නෙ රාජපක්ෂ රෙජිමයයි. අද ඔහුට නිදහසේ තමන්ගේ මතය ප්‍රකාශ කිරිමට පුලුවන් එහෙත්. ඔහු අවංක ලංකා පුත්රයෙක්නම් රටේ ධනය හොරා කාපු සියල්ලන්ම හෙළිකල යුතුයි.
අනේ මන්දා මේවා ගැන මොනවා කියන්නද කියලා. ඇත්තටම මේවා කියන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහලින් ආච්චි කෙනෙක්වත් නැද්ද මන්දා ලංකාවේ ...