(තිළිණි ද සිල්වා)
රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමය වර්තමානයේදී බරපතල වැරදි කරන අපරාධකරුවන් ආරක්ෂා කීරීම සඳහා පෙනී සිටින්නේ යැයි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (10) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එසේම තමන් හා නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය තමන් දෙදෙනාට එරෙහිව පදනම් විරහිත චෝදනා කරන බවද නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම මෙරටට විදෙස් විනිසුරුවරුන් ගෙන ඒමට දරණ උත්සාහයක් යැයි නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සඳහා මරදානේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙසේද කීය.
‘‘වර්තමාන අධිකරණයේ වගකීමක් නැති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අප දෙදෙනා කළ ප්‍රකාශයන් පිළිබඳව නීතීඥ සංගමය මේ වන විට විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් සිටිනවා.ඔවුන් කියන එම අසත්‍ය දෑ වලට අපි ප්‍රතිචාර දැක්විය යුතුයි.එහි මූලික පියවර ලෙස ප්‍රසිද්ධ විවාදයකට එළැඹෙන ලෙසට නීතීඥ සංගම් සභාපතිවරයාට ම විසින් කළ ආරාධනය ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.එම සංගමයේ ව්‍යවස්ථාවට අනුව අධිකරණයේ ස්වාධීනත්වය , නීතියේ ආධිපත්‍ය හා අධිකරණ ක්ෂේත්රයේ වැරදි ආකල්ප ඇති නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු වෙනවා.
නමුත් මේ සංගමය ඒ ව්‍යවස්ථාවට පටහැනි ලෙසින් .ඔවුන් බරපතල වැරදි කරන අපරාධකරුවන් වෙනුවෙන් වර්තමානයේදී පෙනී සිටිනවා. නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම මෙරටට විදෙස් විනිසුරුවරුන් ගෙන ඒමට දරණ උත්සාහයක පවතින බවට ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නැහැ.
අපි මේ දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා කියා සිටින්නේ අධිකරණයේ වගකීමක් නැති වැඩපිළිවෙළ ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කරමින් සිටින වගකීමෙන් තොර ක්‍රියාපටිපාටිය ගැනයි.
ම විසින් අවස්ථා කිහිපයකදීම මේ රටේ විධායකය සහ ව්‍යවස්ථාදාකය විසින් රටේ අධිකරණයට කරනා බලපෑම ගැන මේ නීතීඥ සංගමයට දැනුම්වත් කළා .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොඩිතුවක්කු මහතාත්, සුගන්ධිකා මහත්මියත් කරන කියන දේ දෙස රටම බලා සිටිනවා. ඔබ දෙදෙනාගේ එඩිතර ක්‍රියා කලාපයට මම නම් ඉහළින්ම ගරු කරනවා. අපට පේනවා පුවත්පත් හෝ විද්‍යුත් නාලිකා ඔබේ ව්‍යාපාරයට කිසිම සහයක් නොදෙන බව. ඔවුන්ට වුවමනා වෙන්නේ මේ ජරා මඩගොහොරුවේම එරී හම්බ කර ගැනීම පමණයි. මම යෝජනා කරන්න කැමතියි ඔබ වගේම මේ සටනට බැස ඉන්න රන්ජන් රාමනායකත් සම්බන්ධ කරගන්න කියලා. හැබැයි එතකොට ඔබේ සත්ව්යාපාරයට දේශපාලන මඩ එල්ල කරන්න නීතිඥ සංගමේ ලොක්කෝ ලෑස්ති වෙයි. ඒ හින්දා මගේ යෝජනාව ගණන් ගන්න එපා.
නාගානන්ද, සුගන්ධිකා අපි ඔබ සමගයි.
නීතිඥයින්ට සල්ලි වලින් එහා ලෝකයක් නැත. සල්ලිවලට ලෝකේ ඕනෑම බොරුවක් කීමට ඔවුන් සූදානම්ය. එතනින් එහාට කතාකිරීමට දෙයක් නැත.
දේශප්‍රේමය තක්කඩියාගේ අවසාන නවාතැන්පලයි කියනවනේ.
ඉන්න හා හිටපු පාදඩයො මේ රටේ නීතිය, අාර්ථිකය, සංස්කෘතිය, අැතුළු සමස්ත සමාජයම විනාශයට පත් කරලා තියෙන්නේ. එ්වගේ ලක්ෂණ තමා මේ පහළ වෙන්නේ. මේ කතා අැත්ත වුවත් බොරු වුවත් මේ සමස්ත සමාජය ඉස්සරහම හෑල්ලු වන්නේ රටේ ගරු කටයුතු තැන්. රටක්, සමාජයක් දරා සිටින්නේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන කුලුණු තුනෙනි. එ්කෙන් අධිකරණය ගැන පමණයි ජනතාවට පැහැදීමක් තිබුනේ. එහෙත් වැටත්, නියරත් ගොයම් කනවා නම් ජනතාවට කවර සරණක්ද? නීතිය ගැන කොහොමද විශ්වාස තබන්නේ. ජනතාව වන අප ඉදිරියේ දී බුද්ධියෙන් තීරණ නොගෙන හදවතින් තීරණ ගත්තොත් එ් අපි යන්නේ ලොකු විනශයක් කරායි. රටේ බහුතර ජනතාවට එ් ගැන හිතන්නවත් පාලකයන් ඉඩක් තබලා නෑ. භෞතික වශයෙන් යමක් පේන්න තිබුනට මානව සමාජයක යහ පැවැත්මට අදාළම දේවල් වලින් පල්ලම් බැහැලා තියෙන්නේ...
ගරු නීතිඥ තුමෙනි. නීතිය සංවරකම ගරු අධිකරණයෙ ස්වාධිනත්වය අපේක්ෂා කරන නීති ගරුක ශීලාචාර, එහෙත් අද අසරණවී සිටින ශ්‍රී ලාංකීක ජන සමාජය ඔබ තුමන් සමගයි. වෙනදාටත් වඩා ඔබ තුමන්ගේ සේවය අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත.
ඔය ගමන ඉදිරියටම යන්න. ප්‍රංශයේ වුනා වාගේ ලොකු වෙනක් වේවි.
මෙතරම් බරපතල අවනීතිය පිලිබදව රටට හෙලිකල ඔබලා දෙන්නා ඇත්තටම ජාතියේ ගෞරවයට පාත්‍ර විය යුතුයි. ඒක ජාතික වගකීමක් අද ඔබලාට බොහෝ තර්ජන ගර්ජන එල්ල උනත් රටේ පොදු ජනයා ඉන්නේ ඔබලා සමගයි.
නාගහනන්ද මහත්තය අතාරින්න එපා...............මේ දේශපාලනය ඉවර කරන්න ඕනේ.
මේ රටේ බුද්ධිමත් නීතිගරුක ජනතාව ඔබලා වටේ පෙළ ගැහෙනවා සිකුරුයි.
මේ අධිකරණ පද්ධතිය සහ ජනතාවට අසාධාරණ කරන නීති වේදීන් ඉන්න බව අපි දන්නවා. ඒ වගේම දේශ ද්‍රෝහී දේශපාලුවන් සිටින බවත් අපි දනිමු. ඒවාට යමක් කල යුතුමය. නමුත් අප රට තුළ ක්‍රියාත්මක වන බොහෝ සංවිධාන සහ පුද්ගලයින් ගෙන යන වැඩ පිළිවෙලවල් ගැනත් යම් අවබෝධයක් අපට ඇත. බොහෝ අය සද්භාවයෙන් මෙන් ඇවිත් මේ රට විනාශ කරන අයුරුද අපි දනිමු. රට වෙනුවෙන් යයි කීවාට මොවුන් ලොකු විනාශයක් මේ රටට කරන්නේ විදේශයන්ගෙන් ලැබෙන දොළ පිදේනි ලබමිනි. එවන් පරිසරයක් තුළ නාගානන්ද සහ සුගන්ධිකාගේ භූමිකාව ගැන ප්‍රශ්නයක් ඇත. ඔබලා එංගලන්තය පැත්තේ සිට එකවර පැමිණ මේ ගෙන යන්නේ තවත් රුකඩ න්‍යාය පත්‍රයක්ද? අනෙක ඔබලා සමග දැවටෙන රන්ජන් කියන්නේ බොරු සංදර්ශන පවත්වමින් මේ රට විනාශ කරන අයෙකි.ඔබලාට රටේ දැවෙන යුද්ධයක් පවතී සමයේ එංගලන්තයේ සිට නිහඬව සිටියේ ඇයි ඔය කතා කරන මාතෘකාව ගැන අපේද ඇත්තේ අප්රසාදයකි.නමුත් ඔබලාගේ හැසිරීම තවත් බටහිර රූකඩයක් බව නම් කිව යුතුමය.