(සුමතිපාල දීයගහගේ සහ ඩි ජි සුගතපාල)
විනෝද සංචාරයක යෙදී අහංගම හෝටලයක නවාතැන් ගෙන සිටි නීති සිසුවියකගේ රුපියල් විසිහය ලක්ෂ අසූ හතර දහස් දෙසිය හැටක් වටිනා රන් අාභරණ දේශීය සහ විදේශිය මුදල්ද සොරකම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම නීති සිසුවිය තම මිතුරියක් සහ ඇගේ සැමියාද සමඟ විනෝද සංචාරයක යෙදි සිටියදී අහංගම අහංගම්කන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇත.
එහිදී මෙම මිතුරු පිරිස හෝටලයෙන් පිටව ගොස් වැලිගම ප්‍රදේශයේ සංචාරයක නිරතව ආපසු හෝටලයට පැමිණ කාඩ් සෙල්ලම් කර තිබේ.
පසුව පිරිස නින්දට ගොස් ඇති අතර නීති සිසුවිය දොරේ අගුල නොදමා කාමරයේ නින්දට ගොස් ඇත.
අලුයම නීති සිසුවියට නැගිට බලන විට මුහුණ වසා ගත් පුද්ගලයකු ඇගේ කාමරය තුළ සිටිනු දැක තිබේ.
එම අවස්ථාවේ කාමරය තුළ සිටි පුද්ගලයා ඇයට පිහියක් පෙන්වා කෑ නොගසන ලෙස තර්ජනය කරමින් පස්සෙන් පස්සට යන විට නීති සිසුවිය එම පුද්ගලයා කාමරයෙන් එළියට තල්ලුකර දමා දොර වසා යාබද කාමරයේ සිටි මිතුරියට සහ ඇගේ සැමියාට දුරකතනයෙන් මේ බව දැනුම්දී තිබේ.
එවිට ඔවුන්ද පැමිණ පරික්ෂා කිරීමේදී රුපියල් විසි හතර ලක්ෂ දහනව දහසක් වටිනා රන් අබරණද මුදල් රුපියල් හැට දහසක්ද රුපියල් දෙලක්ෂ පන් දහස් දෙසිය හැටක් වටිනා විදේශ මුදල් ඇතුළු රුපියල් විසිහය ලක්ෂ අසූ හතර දහස් දෙසිය හැටක් වටිනා දේපොල සොරකම් කර ගෙන ගොස් ඇති පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීති සිසුවිය කෙලින්ම හෙට්ටි වීදියේ සිට සංචාරයට ඇවිල්ල වෙන්න ඇති. මෙච්චර වටිනා ආභරණ මදිවාට විදේශ මුදලුත් ළඟ තියාගෙන. මේ කතාව බොහොම්මයක් සැකයක් සහිත බව පේනවා. ලංකාවේ මොලයක් ඇති බවලතෙක් මෙච්චර ආභරණ , විදේශ මුදල් එක්ක විනෝද චාරිකා යාවිද ?
දොරේ අගුල නොදැම්මේ මන්දැයි සොයා බැලිය යුතුය
අනේ මන්ද සෙනෙවිටත් මට හිතෙන දේමද කොහෙද හිතිලා තියෙන්නේ
යාබද කාමරයේ සිටිය මිතුරියගේ සැමියා ගැන මට සැකයක් පවතිනවා. සාමාන්‍ය දේශීය සංචාරකයකු වන ඇයගේ කාමරයට අමාරුවෙන් හෝ ඇතුල් වුනොත් පලදායක බව හිතන්න වැඩිම ඉඩකඩ ඇති පුද්ගලයා ඔහුය. මොකද ඔහු ඔවුන් සමගම ගැවසුන නිසා කාමරය තුල තිබෙන වත්කම් ප්‍රමාණය දන්නා නිසා.
මෙතරම් වටින දේවල් ඇත්නම් නොදන්නන තැනක ගැහැණු ළමයෙකු දොරේ අගුල නොදමා සිටියේ මන්ද ? විදේශ මුදල් ගේනවා කියන්නේ පිටරටක ඉදලා ආවා කියලා පෙන්නන්නද ? තේරෙන්නේ නැහැ. පොලිසියට බාරකරමු.
මේක ගල් පැලෙන බොරුවක් කියලයි මං නම් හිතන්නේ. රුපියල් 2400000/- රන් ආභරණ කියන්නේ පවුම් 40 ක් විතර (ග්‍රෑම් 320 ක්). විදේශ මුදල් 205260/- = ඩොලර් 1290/- සහ රුපියල් 60000/-. මෙයා හෝටලේට ඩොලර් වලින්ද ගෙවන්නේ කියල බලන්න වෙයි. අපි පිරිමි වෙලත් හෝටල් වල නිදාගන්න කොට අනිවාර්යයෙන් දොර ජනෙල් ලොක් කරනවා.
මෙයා රත්තරන් පෙරව ගෙනද මන්දා ඉන්නේ...