හොර ලියැවිලි හදා ආනයනය කළ රුපියල් කෝටි පහක් පමණ වටිනා සුවඳ විලවුන්, පාවහන්, චීස්, කිරිපිටි, සිගරැට් ලයිටර් හා කරඳමුංගු ඇතුළු භාණ්ඩ තොගයක් අඩංගු කන්ටේනරයක් රේගු නිවාරණ අංශය විසින් අද අත්අඩංගුවට ගනැ ලැබීය. ඩුබායි සිට කොල්ලුපිටියේ සමාගමක් වෙත මෙම කන්ටේනරය එවා ඇතත් මෙතෙක් පැවැති පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එවැනි ආයතනයක් නොමැති බව යැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.ඒ. ධර්මසේන මහතා පැවැසීය. ලොරි රියදුරකු හා වාප්පු ලිපිකරුවකු සැකපිට අත්අඩංගුවට ගැනු ලැබ සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉතා වගකීමෙන් කියන්නේ . ඔය රේගුව රුපියල් කෝටි ගණන් වටිනා බඩු අල්ලනවා කිවුවට ඕව ඔක්කොම බොරු ...ඒ මොකද ඕව ආය වරායේදී ඔක්ෂන් හරි ටෙන්ඩර් හරි දාල විකුනද්දී ඔය බඩු ගන්න පාතාලයෝ , බලය තියෙන අය ඕව ගන්නේ ලක්ෂ 10 - 15 වගේ කුණු කොල්ලෙට ... අන්තිමේට ආණ්ඩුවට හම්බවෙන්නේ හපේ තමයි ... මම දන්නා රේගුවේ , හමුදාවේ , පොලිසියේ මහත්තුරු ටිකක් ඉන්නවා කරන්නෙම ඔය වගේ බඩු කුණු කොල්ලෙට අරන් හොඳ ගණන් වලට විකුණන එක තමයි ...රේගුවේ මහත්තයෙක් ඉන්නවා මහා පරිමාන විදුලි උපකරණ සාප්පුවක් තියෙනවා මහරගම ... එයා රටින් බඩු ගෙන්නන්නේ නැ... ඔය වගේ අල්ලන බඩු එයා කුණු කොල්ලෙට අරන් ගිහින් සාප්පුවේ විකුණන එක තමයි කරන්නේ ...ආණ්ඩුවට හපේ තමයි.(නදී)
සමාගමක් නැත්නම් මොන මොඩයද බඩු එවන්නේ.(නදී)
හම්බන්තොට වරායෙන්ද දන්නෙ නැහැ ඇවිත් තියෙන්නේ? (නි)
මේ අය 80%ක්ම ඉන්නේ හොරු තමයි. (නි)