(අංජුල මහික වීරරත්න)
අඩු මිලට වී මිලදීගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (1)පැවසීය.
නීතිවිරෝධීව ගබඩා කර තිබෙන සීනි තොග ද රජයට පවරාගෙන කිලෝව රුපියල් 130ට දීමට පියවර ගෙන ඇති අයුරින් ම නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටින සහල් තොග වටලා හාල් කිලෝව රුපියල් 97 බැගින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
කාබනික කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක මෙන්ම කාබනික පොහොර ආනයනය කිරීමට පෞද්ගලික වෙළඳුන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් එවැනි ඒවායේ හිඟයක් ඇති නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජසන්තක රණවා නොවේ එසේ හැකි ඉක්මනින් කල යුතුයි. එලෙසම එම ගබඩා සහිත දෙපොලද ජාකසන්තක කල යුතුයි... කිසිවිට මේවාට කාලය ගත යුතු නැත.
මෙයාත්, බන්දුල ගුණවර්ධනත්, අජිත් කබ්රාලුත් සහ අලි සබ්රිත් කටින් සේරම කටින් සේරම කරනවා. දැන් මෙයා මෙහම කිව්වට, ලොකු ලොකු හාල් මෝල් අයිතිකරුවන් ඉදිරියේ දන ගහන්න වෙනවා කියල මෙයාම් කිව්වා. දැන් ඉතින් කයිවාරු ගහනවා. මෙයා මෙම ඇමතිකම බාරගත්තු දවස ඉඳන් කියපු දේවල්. රසායනික පොහොර වෙනුවට කාබානික පොහොර. නමුත් දැන් රසායනික පොහොරට අවසර දීල. හාල් ඇටයක්වත් පිට රටින් ගෙන්න දෙන්න නැහැ කියලත් කිව්වා, නමුත් දැන් පාකිස්තානයෙන් හාල් ගෙන්න ඇමති මණ්ඩලය අවසර දීල.
ඒකත් බලමුකෝ...තව එක්කෙනෙක් කිව්වා කරනවා කියලා... කෝ කළාද?
දැඩි නීති ක්‍රියාත්මක කිරීම කළ යුතුයි...
රා බීපු මීයෝ පාර්ලිමේන්තුවේ පිරිලා..!
පුළුවන් නම් සීනි වලට කරපු දේ කරන්න . ඉතිහාසගත වෙනවා.
කයිය විතරයි. දැන් අවුරුදු ගානක් තිස්සෙම සහල් මාෆියාව තියෙනවා...