(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් ඉලක්ක කර ගනිමින් ගෙලිඔය නගරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ බව පොලිසිය කියයි .
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ කිසිදු ලියාපදිංචියක් නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානය වටලන අවස්ථාවේදීද එහි විශ්ව විද්‍යාල සිසුන් සිට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද පේරාදෙණිය පොලිසිය කියයි .
එම සම්බාහන මධ්‍යස්ථානයේ සිට ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැක කරන වයස අවුරුදු 25, 28 සහ 30 වයසේ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කළමනාකරු පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බවද පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතෙන්ට එන කස්ටමර්ස්ලාගෙන් වැඩිහරියක් කැම්පස් එකේ අය... ඇසින් දුටු සාක්කි ඇතුව වගකීමෙන් කියන්නේ...!
කැම්පස් යන්නේ තරුණ වයසේ ළමයි. ඒ අයට කායික වුවමනාවන් නැද්ද? වැරැදි විදියට නැතුව මුදලට ඒක කරගත්තාම ඇති වරද කුමක්ද? ඔයිට වඩා පහත් පාහර වැඩ රටේ සිද්ධ වෙන්නේ නැද්ද.?
තරුණ වයසේ අය ඕවට ගිහිල්ලා මුදලට තමන්ගේ ඕනෑ එපා කමක් ඉෂ්ට කර ගත්තාම ඇති වරද මොකක්ද? ඕවට යන්න බැරි කාලකන්නි අපතයෝ තමා ඕවාට ඊර්ෂ්‍යා කරන්නේ?