(විනීතා එම් ගමගේ)
රට පුරා සිදුවන නීති විරෝධි ගබ්සාව සහ වන්ද්‍යාකරණ ව්‍යාපාරය අහඹු දෙයක් නොව සැලසුම් සහගත සහ උපායශීලී ලෙස කලක සිට කරන දෙයක් යැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
මෙම ව්‍යාපාරය රටේ ඓතිහාසික ජාතිය වන සිංහලයින් ඉලක්ක කරගෙන කරනු ලබන බවත් විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් මෙය මෙහෙයවන බවත් ඒ හිමියෝ කියති.
මෙම සංවිධාන දෙක තහනම් කරන්නැයි 2012 සිට පසුගිය රජයට බලපෑම් කළ බව කී ඥාණසාර හිමියෝ දඹුල්ලේ සිද්ධීය දෙස වෙනම නොබලන ලෙසත් මේ මාෆියාව හෙළි කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ද පැවැසූහ.
කිරුළපන බොදුබල සේනා මුලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඥාණසාර හිමි මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ක්‍රියාත්මක කළ යුතු වැඩක්.
ඔබ හරි අපේ හාමුදුරුවනේ.. මේ එක දෙයක්වත් අහඹු සිදුවීම් නොවෙයි..හිතාමතාම රට තුල මෙවැනි දේවල් සිදුවෙද්දීත් හිටපු පාලකයෝ සහ ඉන්න පාලකයෝ නිදිවදින්නේ ඇයිද කියන එක හිතාගන්නවත් බෑ..
මේ කට්ටියට සිංහලයට හෙන ගැහුවත් මොකද