දෙහිවල සතුන් වත්තේ ඔටු දෙනක පැටවකු බිහිකරන්නට යතියි ලැබුණු පශු වෛද්‍ය උපදෙස් අනුව ඔටු දෙනට සත්කාර කරද්දී ඇය සෙනසුරාදා මිය ගියාය. එහෙත් රෝසි නම් එම ඔටු දෙනට ගැබක් නොතිබුණ බව දෙහිවල සතුන් වත්තේ අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතා කියයි.
ඔටු දෙන ගැබිනියක බව ලැබුණු උපදෙස් අනුව ගැබට අවශ්‍ය ප‍්‍රතිකාර සඳහා බෙහෙත් හා වෙනත් දේටත් පශු වෛද්‍යවරියගේ ගමන් බිමන් සඳහාත් රුපියල් හැටදාහක් වැය කළ බවද අධ්‍යක්‍ෂවරයා කියයි.
ඔටු දෙන මියගියේ වැරැදි ප‍්‍රතිකාර නිසාදැයි දැන් සොයන බවද ඔහු පවසයි. මොස්කව් සතුන් වත්තෙන් 2004 සැප්තැම්බර් 18 වැනිදා ලංකාවට ලැබුණු රෝසිගේ වයස අවුරුදු අටකි. රෝසිගේ සැමියා ”බින්දු” දැන් තනිවී සිටියි.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුවත්තෙත් ඉන්නේ හොර දොස්තරලද?
එහෙමනම් පශු වෛද්‍යවරියගේ යුතුකමයි ඉඳ හිටවත් බින්දුගෙ තනියට හිදීම.
ලංකාවෙ ඉන්න දොස්තරලා හොර දොස්තරලා.
අනේ පව්!
ගැබ තියෙන තැන වැරදිලාද දන්නේ නෑ..
මේවගේ දොස්තරලා ලංකාවේ මිනිස්සුන්ටත් බෙහෙත් කරනවා..
දොස්තරලා නෙමේ කොන්දොස්තරලා....
අහින්සක සතෙක් නිකන් මැරුණා. අනිත් අයටත් මේකම වෙන්න කලින් විසදුමක් දුන්නනම් හොදයි.
ඇත්තටම මේ මිනිස්සු කල්පනා කරලා වැඩ කරන්නේ නැහැනේ. අහිංසක සත්තු මරනවා. මේ එකක් විතරයි.
මෙහෙම අයටද වැටුප් ගෙව්වේ?
පව් අසරණ සතා.
පව්