මෙරට නඩු විභාග වල ප‍්‍රමාදයන් අවම කිරීමට සිවිල් නඩු විධි විධාන සංග‍්‍රහය හා අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ සභාපතිත්වයෙන් කමිටු දෙකක් පත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.
පවතින නඩු ප‍්‍රමාදය ජනතාවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක් බවට පත්ව ඇති නිසා එසේ නොවීමට ගත හැකි හැම පියවරක්ම ගැනීමට රජය කටයුතු කරන බවද අධිකරණ ඇමැති කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් වන ප‍්‍රියසාද් ඩෙප් මහතා සිවිල් නඩු විධි විධාන සංග‍්‍රහය සභාපති ලෙස ද බුවනෙක අළුවිහාරේ මහතා අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීම කමිටුවේ සභාපතිත්වය ලෙස ද පත් කර ඇත.
COMMENTS
නඩු යාමෙන්ජ ප්‍රයෝජනයක් තිබෙන්නේ සල්ලි බාගේ ඇති අයට පමණි. දුප්පතා ට සාධාරණය ඉටුවීමට ක්‍රමයක් ගැන කව්රුවත් හිතන්නේ නැහැ ජනාධිපති නීතීඥයකු වරකට රුපියල් ලක්ෂයක් පමණ අයකරනවා (බ)
නඩු අහලා ඉක්මනට තීන්දු තීරණ දෙනකොට තව හිරගෙවල් දෙක තුනක් හදන්න වෙයි වගේ අලුතින් (නි)
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ නඩු සැසිවාර උදේ දහයට පටන් අරන් දවල් 12-1 වෙනකොට ඉවරයි. නඩු කල්යන්න ඔන්න ඕවත් හේතු (නි)
නඩු ප්‍රමාදවීම සංවර්ධනයට බලපානවා කියල ඇමතිතුමා කියනවා. නමුත් මුලිකවම නීතියේ අාධිපත්‍ය කඩාවැටීමට මෙය බලපානවා කියලයි මම හිතන්නේ. (නි)
කොළඹින් පිට අධිකරණවල නඩු ප්‍රමාද කර තම මඩිය තර කරගන්නන නීතිඥ විනිසුරු හවුල්වී ගෙනයන ජාවාරම ගැන සොයා බලා පිළියම් යොදන්න (ම)