හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් අත්සන් කරගත්තැයි කියන සිද්ධියක් මත ගම්පහ කොට්ඨාසයේ රථවාවාහන අංශයේ ප්‍රධානියකු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ නියමයෙන් අද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු මේ බව තහවුරු කරයි.