ඇමැති මර්වින් සිල්වගේ පුත් මාලක හා හිටපු ඇමැති මනෝ විජේරත්න මහතාගේ පුත් රෙහාන් සිකුරාදා (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට නියෝග කෙළේය. මාලක හා රෙහාන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව එම නියෝගය කෙළේය. යුද හමුදා මේජර් චන්දන ප්‍රදීප් සූරසේන ගේ නීතිඥවරයා ද උසාවියට දැන් වුයේ මේජර් උසාවි එන බවයි. මාලක හා රෙහාන් තමාට පහර නොදුන් බව දිවුරුම් පෙත්සමක් මගින් මේජර් උසාවියට මීට කලින් කියා තිබිණි. මහේස්ත්‍රාත් -ඇයි මේ බව කලින් නොකීවෙ? නීතිඥ- පහර කෑමට ලක්වූ මේජර් ඒ වෙලාවේ කම්පනයකට ලක් වී හිටියා. මාලක හා රෙහාන් නොගැසූ බව දැනගත්තේ පත්තරවල ඔවන්ගේ පින්තූර දැකීමෙන් පසුවයි. මහේස්ත්‍රාත් - එක් පර්ශවයකට විරුද්ධව නඩුවක් පවරන්නට සිදුවේවි. මාලක හා රෙහාන් සමග රිමාන්ඩ් කළ මාලකගේ රියැදුරා හා ආරක්ෂකයන් සිකුරාදා උසාවි ඉදිරිපත් කරන බව දැනගන්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන තියෙන්නේ කම්පනය නෙමෙයි අසරණකමයි..(ස)
කොන්ද කෙළින් තියාගෙන මැරුණත් අපිට නම් සැපයි. (නි)
මුලු හමුදාවෙම නම කෑවා. සාමාන්‍ය මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)
නියම මේජර් කෙනෙක් වෙන්න බැහැ. හරි විදිහට නම් මෙයාගෙ තරු ගලවන්න ඕනෑ. ගුටිකාලා ගහපු එකාව බේරන්න හදනනේ නිවට කම නිසා කියලයි මම නම් කියන්නේ. (නි)
අනේ මම දන්නේ නැහැ. අන්තිමට මුකුත් මතක නැති වෙයිද? (නි)
අර සිල්වා ට මතක නැල්ලු මේ සිල්වා ගැහුවේ නැල්ලු නීතිය ගෙන බලු බළල්ලු බලන්න හරි ලස්සනයිලු ... (නි)
ඔන්න ඔහොමලු උනේ
මේජර්ගේ ක්‍රියාව නිසා පැමිණිල්ල බාරගත් පොලිස් නිලධාරීන් සහ රෝහලේ වෛද්‍යවරු සවුත්තු වුණා. ජනතාවත් ඡන්දෙය්දී ඔහොම දෙයක් කළා. බඩු මිල ,ගොවි ප්‍රශ්න,අධ්‍යාපන ප්‍රශ්න ගැන කතා කළ ජේවීපී ය සවුත්තු වුණා. (නි)
මෙයා බය වෙලා
යුද්ධ කාලයේ මෙයා අතින් උන දේවල් හොයලා බලන්න..!(නු)
අයියෝ! විලිලැජ්ජාව පොඩ්ඩක්වත් නැද්දෝ? (නි)
යුද්ධ කාෙල කීදෙනෙක් නම් පාවා දෙන්න අැත්ද කියල හිතෙනවා.(නු)
මොකද්ද කම්පනය බය උනාද
මෙයා බුද්ධි අංශ නිලධාරියෙක් නේද? හරිම පුදුමයි...!(නු)
ඕව ගොතපු බොරු
මෙයා මේජර් කෙනෙක් නම් වෙන්න බැහැ..(නු)
මම නම් පිලි ගන්නේ නැහැ
පිරිමිකමටත් ලැජ්ජියි. යුද්දෙදිත් හැංගිලාද දන්නේ නෑ හිටියේ
කවුරුවත් කියන දේ අහන්නේ නැතිව වීඩියෝ එක බලලා තීරණය කරන එක හරි..!(නු)
කමල්, ඔයා කියන කතාව හරි කියලා මටත් හිතෙනවා, මේ වෙන දේවල් වලට. දේශපාලනයට උඩින් යන්න කාටවත් බැහැ(හැම දේටම ). මේ මේජර්ට ලොකු බලපෑමක් වෙලා කියලා හිතෙනවා. මොකද යුද්දේ කරද්දී සතුරාට විරුද්ධව මේ කියන මේජර් එක්ක රණවිරුවෝ දහස් ගණන් ලක්ෂ ගණන් ඉන්නවා. මේ වුණදේට මේ මේජර් විතරයි ඉන්නේ. ඔහු හිතනවා ඇති ඔහුගේ පවුල ගැන.මේ මට හිතනදේ මම කිවුවේ. බලමු හෙට මොකද වෙන්නේ කියලා. (නි)
හමුදාවට අවශ්‍යම පුද්ගලයෙක්...(නු)
බොරු කියන මේජර්ව රිමාන්ඩ් කරලා අහිංසකයින් දෙන්නාව ගෙදර යව්න්න..(නු)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..!(නු)
වීඩියෝ කැමරා එකත් ඒ වෙලාවේ හොදටම බීලා ඉදලා තියෙන්නේ. ඒකටත් කම්පනය හැදිලලු.
අපේ වීරයෝ බලුවෙලා. අනේ මගේ රට?
ශාන් , ඔබ හරියටම හරි..(ස)
කොට්ටෝරුවන්ගේ හොට පැටලෙන පාටක් නෑ.
මෙයා තමයි අනාගතේ රට හදන්න බලාගෙන ඉන්නේ. හිතාගන්න පුළුවන්නේ ලංකාවට මොකද වෙන්නේ කියලා?
ආරක්ෂක අංශ වලට මෙය අපහාසයක් නේද? (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
වැරැද්දකට දඩුවම් කාටත් පොදුවිය යුතුයි. (නි)
ගස් බැන්ද මිනිහෙකුත් අන්තිමට කිවුවලු ගස් බැන්දේ නැහැ කියලා. (නි)
මේජර් ගියේ රාජකාරි ගමනක් නොවේනම්, ඇමති පුතාට එයාට ගහන්න අයිතියක් තියේද? (නු)
දැන්නම් හිතෙනවා ගහපු එකම තමයි හොද කියලා. (නි)
ඇත්තට බලාගෙන යනකොට මහේස්ත්‍රාත් උන්නැහේල නීතිඥයන්ගේ බොරැ වලට රැවිටෙනව. ඵතකොට නීතිය සාධාරණය,කියන්ෙන මොකේටද?(නු)
ඇයි මේ සිල්වලාට මෙච්චර බය? (නි)
මෙයාලා ඇදගන්නවද? ජනතාව අන්දනවද? (නි)
අනේ අම්මපල්ලා.වෙන කවුරුත් නෙමෙයි. අපි පවු. කළකිරෙනවා. (නි)
නියමයි උපුල්..!(නු)
කතිරය ලබන පාරත් ගහන්නකෝ. (නි)
මේවගේ කොන්ද පන නැති මිනිස්සු අපේ ආමි එකේ ඉන්නවා කියලා අපි දන්නේ නැහැනේ. ප්‍රභාකරන්ලට බය වුණේ නැති එඩිතර මිනිස්සු සන්න අපේ ආමි එකේ ඇමති පුතුන්ට නැවෙන අයත් ඉන්නවාද?
දැං කූඩුවට දාන්න ඕන මේජර්ව.. නඩුකාරතුමා ඒක කළොත් කියලා වැඩක් නැහැ..!(නු)
තර්ජනයක් නිසාද දන්නේ නැහැ මෙහෙම වෙන්නේ? (නි)
මොන කම්පනයක්ද
ඔය බොරු
අඩල තැවිලා වැඩක් නෑ අපි හිනාවෙමු.(ස)
මේ වගේ අය හමුදා සේවයෙන් ඉවත් කළ යුතුයි..!(නු)
මේජර්" මරු කතාව ඈ ............(ස)
මෙයට ගහලා තියෙන්නේ බාගෙට අමතක වෙන්න. අරයට වගේ සදහටම අමතක වෙන්නයි ගහන්න තිබුණේ. අපරාදේ අපි බැනලා අදහස් දැම්මේ. මේවට අදහස් දමන අපිටයි සදහටම අමතක වෙන්න ගහන්න ඕනෑ. (නි)
කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්. (නි)
අනේ අපොයි කියලා හිතෙනවා..!(නු)
ඔන්න ඔහොමලු උනේ
අකලංක හරි..!(නු)
කාටවත් මෙහි බරපතළකම ගැන නොතේරෙන එක ගැන පුදුමයි. (නි)
අකලංක හරි. (නි)
එතකොට ඇත්තටම ගැහුවෙ කවුද ? කටුගෙයි හොරකමට වගේ දැන් මේකට අල්ලන්නෙ කවුද ? පොලීසිය දැන්මම කෙනෙක් හොයාගත්තොත් හොඳයි නේද ? අපි එහෙම මේ මේජර්ට තට්ටුවක්වත් දැම්මා නම් එහෙම...?
මොනවද මේ කතා (ස)
මේ මේජර්ට තිබුණේ සටන දිගටම ගෙනියන්න. දැන් එය කොහොමත් පරදිවි. එයාට හමුදාවට තියා තමන්ගේ ගමටවත් යන්න පුලුවන්ද ආපහු? සටන දිගටම ගෙනියන්න තිබුනේ බස්නාහිර පළාතේ චන්දය වෙනකල්වත්. චන්දය අවම පුවත්පත් සාකච්ඡා තියලා තමන්ට සිදුවුණ අසාධාරනය ගැන කියලා විපක්ෂයෙන් ඡන්දය ඉල්ලලා පළාත් සභාවකට යන්න තිබුණා වීරයෙක් වගේ. අපරාදෙනේ. (නි)
මේජර් මාලක ගැන දන්නේ නැතුව මුලින් එහෙම ලොකු කතා කියන්න ඇති. (නි)
කම්පනය ඇත්තද
ඔලුවට වැදුනු පාරට මොලේ කොලොප්පන් වෙලාද කොහෙද (ස)
අනිවාර්යයෙන් එදාට නිදහස් කිරීමේ උපක්‍රමයක් මේක....(නු)
උසාවිය අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉල්ලන බව දැනගත්තහම තමා මේජර් සර්ට තරු පෙනුනෙ. මාලක ළඟ ඉන්න අය ගහන්න ඇති. ඒත් මාලක ගැහුවා කියලා ඔප්පු කරන්න බෑනෙ. ඒ වුණාට, වඩා ජනප්‍රිය වෙන්නෙ මාලක ගැහුවේ නැහැ කියනවට වඩා මර්වින්ගෙ පුත් හමුදා මේජර් වරයෙකුට ගහයි කියන එකනෙ. ඔය වගේ කටට බ්‍රේක් නැති අය ගමේ ගොඩේ කොච්චර ගුටි කනවද! ඒත් පත්තරවල දාන්නෙ නෑනෙ. (නි)
මට මුකුත් මතක නෑ....
ලක් මවුනි, විනාශයක් අත ළගම ......// (නි)
මොනවා උනාම අපිට මොකද? මේජර් කියනවානම් එයාට ගැහුවෙ මාලක නෙමෙයි කියලා අපිට මොකද? අපි ලේ රත්කරගෙන එක එක්කෙනාට බැන්නට වැඩක් නැහැ.. ඔක්කොම එකයි.. අපි තමයි වැරදි මේවට කතා කරනකොට.. අපිටත් කම්පනය හැදෙනවා..!(නු)
හිතන්නත් අමාරුය් මේවා මේ වෙන්නේ 21 වන ශතවර්ෂයේ කියල. ඔන්න වැඩවසම් යුගයේනම් කමක් නැහැ කියමු. මේ රට හදන්න බැ (ස)
දෙයියෝ සාක්කි
මේ මේජර් හමුදාවේ කීර්ති නාමයටත් අපහාසයක්..!(නු)
මේජර් බුද්ධි අංශයේමද? (නි)
කෝ අපේ අභීත සෙනවියන්ගේ චිත්ත ශක්තිය ?? (ස)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලෙ වගේනේ.. මොනවාටද හෝටල්වලට පිස්තෝලයක් අරන් යන්නේ..!(නු)
කොන්දක් නැති මිනිස්සු.. මේවා කියවන අපි පව්..!(නු)
හමුදාවේ කොල්ලෝ මේවා අහන් ඉදිවිද ?? (ස)
යන්නේ කෙහෙද මල්ලේ පොල් කිව්වලු.. මහේස්ත්‍රාත්තුමාවත් රවට්ටලා නීතිඥමහත්තුරු එකම රංගනයක් කරනවා වගේ...!(නු)
මෙයාලට තමයි කියන්නේ........................... කියලා..(ස)
මේක තමන්ගේ බිරිද දෙමාපියන් රවටා රාත්‍රී සමාජශාලාවලට යන කාටත් හොද පාඩමක්..!(නු)
මේ මේජර් කෙනෙක්ද? කම්පනයට මේ කතාව කිව්වද දන්නෙත් නැහැ.. මෙහෙම යනකොට සාමාන්‍ය කෙනෙකුට වෙන දේවල් හිතාගන්නත් බැහැ.. රණවිරුවගේ පැත්ත ගත්ත අයට දැං මොකද වෙන්නේ.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු..
කොහොම බුද්ධි අංශයේ රැකියාව කළාද මන්දා? (නි)
අපි ප්‍රභල විරුද්ධ පක්ෂයක් සෑදීම අත්‍යවශ්‍යයි. (නි)
පිස්සු මිනිහෙක් (අ)
අනේ මන්දා මේජර් (ස)
ඇස් ගෙඩිවලට මොකද වෙලා තියෙන්නේ.. (නු)
මේජර් මොන බුද්ධි අංශයේද දන්නේ නැහැ. (නි)
මේ වගේ මිනිසුන් නිසා රණවිරුවන්ටත් අපහාසයක්.. (නු)
හොදම ඉල්ලමක් මොලයෙන් මතුකරගත්තෙ..!(නු)
මේවා අහලා පන පලයං කිවුවලු. (නි)
එයා මට ගහනවා මට එයා ගහනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ..!(නු)
මේජර්: අනේ මන්දා ඇමතිපුතේ. දැන් මටත් නඩුවක් වැටේද? ඇමතිපුතා: කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා භය නැතුව මතක නැහැ කියන්න. (අනිත්මට මෙහෙම වෙයිද දන්නේ නැහැ) (නි)
මේජර් පන්සිල් පද පහම රකිනවා..!(නු)
හෙට වෙනකොට මහේස්ත්‍රාත්තුත් කම්පනයෙන් නඩුව විභාග කළා කියයි...!
මේජර්ට නෙවෙයි අපිටත් කම්පනයක් තියෙනව අපේ රට යන මඟ ගැන.(නු)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
ඇයි මෙතන ඉන්නා ගොඩක් දෙනෙක් නින්දෙන් නැගිටලා වගේ මෝඩ ප්‍රතිචාර දාන්නේ? මේක ලංකාව කියලා දන්නේ නැද්ද? මේජර්ට මෝඩයෝ වගේ නිවටයා කියලා ප්‍රතිචාර දාන අය, මේජර්ගේ තැනට වැටිලා තමන්ගේ පවුලේ අයව මරලා රස්සාවෙන් එළවලා දානවා කිවුවහම තේරෙයි. රටේ නීතියෙන් පිහිටක් නැත්නම් තමන්ගේ ආරක්ෂාවට ඔහු ගත්ත තීරණය සාධාරනයි. මෙතන ප්‍රතිචාර දාන කිසි කෙනෙක් ඔහුගේ ජීවිත ආරක්ෂාවවත් ඔහුගේ පවුලට මුදල්වත් දෙන්නේ නැහැනේ. නිකන් බොරුවට ප්‍රතිචාර දාලා වැඩක් නැහැ. රටේ නීතිය බල්ලට ගිහින් එච්චරයි. හමුදාවේ සෙට් එකක්වත් එකතු වෙලා මේ දුෂිත අයට වැඩක් දුන්නනම් ඉවරයි. (නි)
ඔන්න රටකට ගිය කල
ඇතුලට මේජර් උනාට එලියට නිකමිම නිකන් චන්දන ප්‍රදීප්නේ. සාමාන්‍ය මනුස්සයෙක් (ස)
ගැහුවෙත් නැත්නම් දෙයියනේ කම්පනයක් හැදුනේ කොහෙන්ද..? මේ මනුස්සයා මැතිවරණ රාජකාරි වත් කොලා නම් අන්න ආතතිය වත් හැදුණා කියලා කියන්න තිබ්බා.කොහොම වුනත් මේ දේ වෙන බව මම කලින් කිව්වා. (ස)
අනේ මන්දා දැන් දැන් වෙන දේවල් නිසා හමුදාව ගැන තිබ්බ ගෞරවය ටික ටික නැති වෙනවා..(ස)
අධි කරණය නොමග යවනවා
ඇත්ත අමු අමුවේ මැරෙන ලස්සන... (නි)
අනේ මන්දා
මෙවැනි දේ මේ නිසා විය හැකිය. 1. මාලක ඇත්තටම ගසා නැත. 2. බීමත් අයෙක්ගෙන් යම් වැරැද්දකට පහර කා ඇත. 3. යම් මුදලක් ලබා ගෙන හිලව්වට බොරු කියනවා වෙන්නට ඇත 4. හමූදාවට වඩා දේශපාලනය බලගතු බැවින් මරණයට බිය වීම. 5. බුද්ධි අංශයේ රහස්‍ය භාවය රැකීම. 6. දුර දිගයාමෙන් තව තවත් දේවල් හෙළි වේ යැයි භය වීම. (නි) 7. පපුවේ එඩිය නැති වීම. 8. ලංකාවේ හැටියට හමුදාවද හැඩ ගැසීම. 9. මෙවැන්නක් සිදුවී නැත. (නි)
අනේ මන්දා, මෙහෙම රණවිරුවෙක්...? (නි)
බලමු මහේස්ත්‍රාත්තුමා මොකද කියන්නේ කියලා. (නි)
මාලක, ඔබට දෙවි පිහිටයි. (නි)
ඇත්තටම හමුදාවෙද ? (ස)
ඇයි අපේ වීරෝධාර හමුදාවට මෙහෙම නින්දා කරන්නේ? (නි)
අනේ මන්දා, පුදුමයි මේජර් කෙනෙක් කිවුවහම. (නි)
එක අතකින් මේවාට ප්‍රතිචාර දමන අයටයි පිස්සු. (නි)
ෂුවර් එකටම මේජර්ට කවුරුහරි තර්ජනය කරන්න ඇති. (නි)
මෙයානම් හොඳ මොල කාරයෙක්..(ස)
අනේ , ඒ කියන්නේ මේජර් ගුටි කාලද? (නි)
ආතතිය වගේද (ස)
තව මොනවා කියයිද දන්නේ නැහැ
අයියෝ සල්ලි
අයියෝ මට මුකුත් මතක නෑනේ.....(ස)
මේ තමයි ලංකාවේ විනාශය..!(නු)
මාර වැඩක් වුණානේ දැන් මේ අමතක වෙන ප්‍රශ්නය. (නි)
අයියෝ අපේ ජෙනරල් මහත්තයාටත් කරන අපහාසයක් නේද මේ.. (නු)
උඹලට මොන හෙණේ ගැහුවත් අපිට මොකෝ නීතිය කියන්නේ අඩ පුස්සක්ද යකෝ (නි)
මෝඩ අදහස් දමන්නන් ගැන මගේ කණගාටුව! (නි)
මේක හමුදාවෙ ලොක්කෙකුට නැතිව පොඩි කොල්ලෙකු වුණා නම්, මාලක මල්ලී ඉවරයි. (නි)
මේ තමයි ආසියාවේ ආශ්චර්‍ය !!!!!!!! (ස)
කොහොමද වැඩේ
බොරු කියන මේජර්ව රිමාන්ඩ් කරලා අහිංසකයින් දෙන්නාව ගෙදර යව්න්න. පව් ඒ අහිංසක දරුවන් දෙන්නා එනකම් අසරණ දෙමාපියො මග බලන් ඉන්නවා..
හිතාගන්න බැහැ මට අනෙ මොනවද මේ වෙන්නේ මැරකම් රජවන රටකයි අපි ජීවත් වෙන්නේ රණවිරුවොත් මැර පුතුන්ට හිස නමාන ඉන්නේ කවදද දෙවියනේ මේවට දඩුවම් ලැබ දෙන්නේ (නු)
මේකත් අර තමන්ම ගස් බැදගත්තා වගේ වැඩක්.. මේජර් උනත් ජීවිතේට ආදරෙයිනේ..!(නු)
මෙයා යුද්දෙ කළේ කොහොමද දන්නේ නැහැ මේ විදියට කම්පනය වෙවි...(නු)
අපි දන්න විදියට රජයේ නිලධාරයකු බොරු ප්‍රකාශයක් කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක්. දැන් මේ මේජර් එක්කෝ පොලිසියට බොරු කියලා. නැත්නම් උසාවියට බොරු කියලා. ඒක නිසා උසාවියේ වටිනා වෙලාව නාස්ති කරපු මේ මේජර් ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා, උසාවියෙ වෙලාව අත්තට වටිනා බව පෙන්නලා දුන්නනම් හරි..
අපි දන්න කාලෙ ඉදන් නීතිය හැමෝටම පොදු නෑ. අපි ලේ රත්කරගෙන වැඩක් නැහැ. මේක තමා වෙන්නේ.(ස)
ජෙනාරාල් එස් එෆ් හමුදාපති වෙලා ඉන්න කාලෙදි අබිමානයෙන් කතා කරපු රණවිරුවන් අද පහලට බැහැලා. ඇමති පුතුන්ගෙන් ගුටිකන තරමට වැටිලා. මේ නැති කරන්නේ රටක හමුදාවක අභිමානයයි. හමුදාවක වීරත්වයයි.
ශාන්, ඔයාගේ අදහස හරියටම හරි. අයුක්තියේ ගිනි උණ්ඩය දැන් ගිනියම්වෙලා අවසානයි. ඕක මුලින්ම කාට එල්ල වෙයිද කියලා අපි බලාගෙන ඉදිමු. (නි)
පිස්සු (ස)
හමුදාවෙ ඉන්නේ රණවිරුවො කියලා අපි දැනගෙන හිටියේ. දැන්නේ දන්නේ මෙහෙම අයත් ඉන්නවා කියලා.
කොහොමද කතාව පිට ඇරපු හැටි. ලොක්කො මේවා වහනවා. අපි දන්නවා වෙච්ච දේ.
අනේ අපොයි රණවිරුවන්ට යන කලක්..(නු)
මට අහන්න බැරිවුණා මෙයි මොන බුද්ධිකද කියලා?
අමතකවීම දැං බෝවෙන ලෙඩක් වෙලානෙ...! (නු)
මොන බොරු කතාවද
අපේ බුද්ධි අංශවල මේ වගේ අයත් ඉන්නවද ? (ස)
මේක, ඌ මට ගහනවා. මට ඌ ගහනවා වගේ දෙයක්. අන්තිමට බැලුවහම මම මටම ගහගෙන. දැන් කට්ටියම අධෝමුඛයෙනුත් හිනහ වෙනවා ඇති. (ස)
සල්ලියි බලයයි තියෙනවානම් මොනවද කරන්නන බැරි..!(නු)
ඔය මේජර්ට විරුද්ධව කතා කරන අය හිතලා බැලුවද ඒ මනුස්සයට කොපමණ බලපෑමක් එන්න ඇතිද කියලා.. ඔහොම කියන්න..(නු)
මේක හමුදාවෙ ලොක්කෙකුට නැතිව පොඩි කොල්ලෙකුට වුණා නම් මාලක මල්ලී ඉවරයි. (නි)