අක්කරේපත්තුව සාගම ආලේඩිවෙම්බු ගමේ ඉපැරණි චෛත්‍යක නටබුන් ඩෝසර් කර කුඹුරක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ මහා සංඝරත්නය අද එහි වැඩම කර සත්‍යක්ග්‍රහයක් කළහ.
කිරිඳිවැල සෝමරතන හිමි ප්‍රධාන සංඝරත්නය කියා සිටියේ එම ස්ථානය ඉපැරණි බෞද්ධ පුදබිමක් බවත්, එහි ශිලාලේඛණයක් පවා තිබූ බවට සෙරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයා කියා ඇති බවත් ය.
කුඹුර හැදීයැයි කියන දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම ඉඩමට ඇතුළු නොවන ලෙස ඔවුන්ට දන්වා ඇති බව පොලීසිය කියයි.
රජය ඉක්මණින් ක්‍රියාත්මක නොවුණහොත් එම ප්‍රදේශයේ තවත් බෞද්ධ නටබුන් විනාශ වී යතියි හිමිවරු කියති.
්
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනකල් කවුරුත් දන්නේ නැද්ද
අයියෝ සල්ලි
කෝ සර්වාගමික උම්මාදෙන් පෙලෙන පිරිස?..මේවා පෙන්නේ නැද්ද ඒ අයට?
අහමඩ් .. මේවා නිකන් වල වැදිලා තිබ්බ හිස් ඉඩම් නෙමේ නේ, ඔය කියන නටබුන් වුන දාගැබ අපි කරේ තියන් ඉන්න ඕන කියලද කියන්නේ? මේ ලංකා පොලවේ අගලක් නැර බවුද්ද නටබුන් තියෙන්නේ , ඒවා මකල දන්නා හිතන්න එපා.
දැඩි දඩුවම් දෙන්න ඕනේ
කෝ අපේ සර්ව ආගමික කට්ටිය? (නි)
අනේ අපේ රට
ටුවාන්, මෙතන අලුතෙන් පන්සල් හදන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නය තියෙන්නේ තියෙන දේවල් මෙහෙම විනාශ කරන එකෙයි. (නි)
මිනිසුනේ අපේ දේ අපිම රැක ගන්න ඕනේ
මේවා දේව ශාප
ඔය තමයි ලංකාවේ ආශ්වර්යය. තව ඉදිරියට තව ඒවා වෙයි. (නි)
පුරාවිද්‍යා ඒකකය හා බෞද්ධයන් එක්ව ඔතන තිබුණාහා සමානව චෛත්‍යයක් නිර්මානය කරන්න..!(නු)
"බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ.... වනන්තරේ(නු)
ඉක්මනින් ක්‍රියාමාර්ගයක් නොගතහොත් මොනවා කරයිද දන්නේ නැහැ..!(නු)
එයාලගේ ආගම විතරද ලොකු? අපේ ලෝක උරුමයන් විනාශ කරනවා. (නි)
ඕවා තිබුණා කියලා මෙච්චර දවස් කවුරුවත් හැරිලාවත් බැලුවේ නැහැනේ. මෙතන කෑ ගහන අයවත් අඩුගානේ වන්දනාමාන කරගෙන හිටියා නම්, ඕක විනාශ කරන එක වැරදියි. නිකන් වල්වැදිලා තිබුණු ඉඩම් වගා කරලා දුප්පතුන්ගේ කුසගින්න නිවාගැනීම වැරදිද? (නි)
අක්කරේපත්තුව, සාගම, ආලේඩිවෙම්බු, මේ ප්‍රදේශයේ ඉන්නේ දෙමල ජනතාවයි. (නි)
කළබල වෙන්න දෙයක් නැහැ.. බෝ පැලයක් රෝපනය කරලා බුදුපිළිමයක් ගෙනත් තියලා.. පොඩියට පන්සලක් පටන් ගන්න..(නු)
තෝ අර ඔබාමට විරුද්ධව පෙළ පාලි ගිය අය.. සිංහයා තාම හරියට එළියට ආවෙ නැහැ..!(නු)
අහමඩ්, ඔයත් එහෙම ඉන්න. (නි)
ඕක ඔච්චර ලොකුවට හිතන්න එපා. ඔතන පන්සලක් හදාගන්න. (නි)
ජාතියක වැනසීම සහ වසන්ගතයක පිබිදීම කියල කියන්නේ මෙන්න මේවට තමයි. හෑබෑයි අර පහු ගිය දවස් වල මුකුත් නොදෑක පෙලපාලි ගිය සෙට් එකනම් කිව්වේ සියලු ආගම් වලට ගෞරව කරන්නලු කියල තියෙන්නෙ කියල. හෑබෑයි අපිනම් දෑකල තියෙන්න ඒකේ අනික් පෑත්ත...මේකත් ඒ වගෙම තමයි........
අපේ රටේ පෞරාණික පුදබිම් සහ ගොඩනැගිලි ආරක්ෂා කරන්න, පවතින නීති හොඳටෝම ඇති. ප්‍රශ්නේ තියෙන්නේ නිලධාරීන්ට කිසිම වුවමනාවක් නැහැ, එම නීති ක්‍රියාත්මක කරන්න. අනික මේ දෙපාර්තමේන්තු වලට හරියට ප්‍රතිපාදන නැහැ. නාස්තිකාර වැඩ කරන්නේ නැතුව, කළයුතු දේ නිවැරදිව කරනවානම්, මේ වගේ ගැටළු ඇතිවෙන්නේ නැහැ. (නි)
ඔය පළවැනි වතාව නෙමෙයිනේ මෙවැනි දේවල් සිදුවුණ (නි)
අයියෝ සල්ලි
අපේ මුස්ලිම් ජනතාව නිකමට හිතන්නේ නැහැ නේද, ආණ්ඩුව මොකෝ ඔයාලට ඔච්චර සළකන්නේ කියලා. ළඟදීම දැනගන්ට ලැබේවි. (නි)
හරි හරි. දැන් බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. ඔතන අලුතෙන් පන්සලක් හදලා පුදපූජා කරන්න පටන් ගනිමු. (නි)
ලංකාවේ උරුමය නේද මේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... (නි)
කව්ද කිව්වේ අක්කරේපත්තුව සාගම ආලේඩිවෙම්බු වල මුස්ලිම් කට්ටිය ඉන්නවා කියල. මෙපමණ අදහස් දක්වන්න කලින් සොයා බෙලිය යුතුයි..!(නු)
ජාතියේ ම කරුමය
උරුමයෙන් ඇති වැඩක් නැහැ. උරුමේ ගැන කිය කියා අලුත් දෙයක් නොකර ඉන්නේ කරුමෙට. (නි)
මේ හිමිවරු මරා දමා, ඉතිහාසය ආරක්ෂා කරන්න හදන හින්දා වගකිවයුත්තන් කරුණාකර මැදිහත් වෙන්න. (නි)
මේ කරන අපරාධ වලට නම් හොදක් වෙන්නේ නැහැ. (නි)
වගකිව යුත්තන් කෝ
අපි වවමු.......? නමුත්....? අපි හිතමු. (නි)
මේ ලිපියේ කොතැනකවත් සදහන් වෙලා නැහැ මේ දේ කරලා තියෙන්නේ මුස්ලිම් කෙනෙක් කියලා (නි)
තවත් ඉතින් මොන කතාද? (නි)
කුඹුරක් හැදුවා කියන්නේ එකද (අ)
කෝ අපේ පුරාවිද්‍යා බලධාරීන්... අන්න නැගෙනහිර පුරාවස්තු වනසනවා..!(නු)
බලධාරින්ගේ වගකීමක්... දුරදිග සිතා බලා වැඩ කළොත් හොදයි .. (නු)
මේ දෙදෙනාට දැඩි දඩුවම් දෙන්න.. මෙම ස්ථානයේ මීට වඩා විශාල දාගැබක් හා විහාරස්ථානයක් ඉදිකරමු.. අපිට පුවත්පත් මගින් දැනුම් දෙන්න.. අපි උදව් කරන්නම්..!(නු)
මෙවැනි බෞද්ධ සිද්ධස්ථාන සෑහෙන්න විනාශ කරනවා නැගෙනහිර පැත්තෙ.. අපේ අය අනිත් ආගම් ජාතින් සමග එකට සහජීවනයෙන් ඉමු කිව්වට අපට කරන්නේ මෙන්න මෙහෙමයි.. (නු)
මෙවා නම් අපිත් අනුමත කරන්නේ නෑ (අ)
සුලු මුස්ලිම් පිරිසක් කරන වැඩ වලින් අන්තිමට රට පුරාම විසිර සිටින මුස්ලිම් වර්ගයාට වගකියන්නයි වෙන්නේ. (නි)
මෙසේ වූයේ ඇයි? මෙය අරුමයක් නොවේ. සිංහලයන් නිවටයන් ලෙස නිදා සිටීම මෙයට හේතුවයි..(නු)
මම දේශිය ගේ ප්‍රකාශය අනුමත කරනවා...!(නු)
සිංහල බෞද්ධ කියල තියෙන සාක්ෂි ඔක්කොම මකල දාපල්ලා. එතකොට ඉබේටම ඕව සිංහල රටේ නෙමි කියන්න පුළුවන්. ..!!(නු)
අපේ සිංහල පාලකයෝ හැමදාම කලේ අපි රවට්ටපු එක.අඩුම ගානේ අපේ අනන්‍යතාවය අපේ උරුමය අනාගතයට ගෙනයන වැඩපිළිවෙලක් හදන්න බැරි පාලකයෝ ඉන්න මහා අවාසනාවන්ත රටක් මේක. දැන් බලන්න අර බලන්ගොඩ කුරගල.එකට වෙනම ඉතිහාසයකුත් ලියල ඉවරයි. මේවා ආරක්ෂා කරන්න හොද වැඩපිළිවෙලක් හදන්න බැරි ද ?. බොරුවට පත්තර වල දානවා පුරාවිද්‍යා විනාස කරපු අයගෙන් මේ වසරට රුපියල් කොටියක අදායමක් ලැබුන කියල.ඔය සල්ලි වලින් පාරේ ඉන්න බල්ලන්ට ආප්ප අරන් දෙන්න. මට හොදටම විස්වසෛ උන්වත් ඒවා කන එකක් නැ. මේවා මහා හෙනගහන අපරාද.ලෝකේ සමහර රටවල් අතීත උරුමයන් නැතුව ලතවෙනවා.අපේ කට්ටිය තියෙන එකත් විනසවෙනකන් බලන් ඉන්නවා.දැම්ම ක්‍රියාත්මක නුනොත් හෙටම ඔතන වෙනත් ආගමක එකක් අටවවී.ඊට පස්සේ එතනින් ඉවත් කරන එක බොරු.(නු)
තරංග 2012-09-22 16:18:44 සිංහලයනි එක් වෙයවු. සිංහල ජාතිය බේරාගනිවු. ඇයි තාම නිදිද? (නි)
බය වෙන්න දෙයක් නැහැ. අර ධර්මරාජ්‍යයේ කට්ටිය ඕක බලාගනිවී. (නි)
දෙයියෝ සාක්කි
සිංහලයනි එක් වෙයව් . සිංහල ජාතිය බෙරාගනිව් .(ස)
අපේ උරුමය
මේවා විනාස කරලා දානකම් පුරාවිද්‍යා බලධාරීන් නිදි ...(ස)
මෙහිදී කණගාටුවෙන් උනත් නොකියම බැරි කරුණක් තියනවා.පහුගිය මෙවැනි සිදුවීම් දෙස බැලීමේදී මොකක්ද මේවට ගත්ත පියවර? හැමදෙයක්ම අවසාන අවස්ථාවේදී තමයි මෙයාලට ඇස් ඇරෙන්නේ, පස්සේ අපේ හාමුදුරුවෝ පිරිවරාගෙන උද්ගෝෂණ කරනවා, ඒවා වැඩක් තියනවද? මොකද මුල්ම අවස්ථාවේදී මේවට තදින් පියවර ගන්න බැරි? අන්තිමේදී මේවා නවතින්නේ ආගමික ගැටුම් බවට පත් වෙලා .මොකද ඔය ගමේ අඩුම තරමේ ග්‍රාම සේවක කෙනෙක් හිටියේ නැතිද ?සමහර පුරාවිද්‍යා ස්ථාන බෝඩ් ලෑල්ල විතරයි, එතන හදල තියෙන්නේ වෙනත් ආගමික ස්ථාන(කුරගල).මේවා තේරෙන භාෂාවෙන් කියනවනම් ගොඩින් බේරගන්න ඕන දේවල්.දැන් ලෝකේ යන රටාව අනුව ඕනෑම සුළු සිද්ධියක් මහා විනාශයක් කරන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්න බව බලධාරීන් වටහා ගත යුතු වෙනවා.
දඹුල්ල සිද්ධිය වගේ අන්තිමට හාමුදුරුවරු වැරදි කරුවන් කරාවි..(ස)
නබිතුමාට අපහාස කලා කියලා මැරෙන්න හදන අයද මේ මේවා විනාශ කරන්නෙ.. දැං මහ ඇමතිත් මෙයාලගේ කෙනෙක් නේ..!(නු)
මේවගේ උපවාස සත්‍යග්‍රහ කිරීම පලක් නැත.. මෙතන හැමෝම එකතුවෙලා චෛත්‍යක් නිර්මාණය කරමු..!(නු)
අපි බොදු බල සේනාවෙන් ඉල්ලා සිටින්නේ උද්ඝෝෂණය කිරීම නොව මෙම ස්ථානයේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමයි..!(නු)
අයියෝ ලංකාව
මගේ රටට දළදා හිමි සරණයි
ලංකාවට උදවුවට ඉන්නේ දැන් අරාබි රටවල් පමණි. බටහිර රටවල් ඉන්නේ කොටින්ගේ පැත්තට. අරාබි රටවල් කියන දේවල් අපට අහන්න වෙලා තියෙන්නේ. අපි ඇහුවේ නැත්නම් අපට උදවුවට ඒ අයත් නැති වෙනවා, බොරුවට ලොකු වචන දාලා ජාතිවාදී අදහස් දැම්මට වැඩක් නැහැ. නැගෙනහිර ඊයේ උද්ඝෝෂණ වලට පොලීසියේ එක්කෙනෙක් හරි හිටියද? (නි)
ස්වභාව ධර්මයෙන් උත්තර ලැබෙයි
තවමත් ප්‍රමාද නැහැ. කරුණු වටහා දීලා පුරාවස්තු ආරක්ෂා කරන්න. (නි)
ලංකාව මුස්ලිම් රටක් වෙන්න තව වැඩි දවසක් නැහැ. (නි)
බුදු දහම නිර්මල දහමක්.. ඒක විනාශකරන අය මොනම විදියකින් හරි විනාශ වෙනවා.. ලෝකය දිහා බැලූවිට එය මනාව පැහැදිලියි.. බාමියන් පිළිම විනාශ කළ අයට සිදුවූ දේ..!(නු)
අර පෙලපාලි ගිය කට්ටිය මේවට මොකද කියන්නේ ? ඒවට සද්ද නෑ නේද ? (ස)
සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි..!(නු)
අනේ අපොයි
"දේශික" මසුරන් වටිනා කතාවක් කීවේ. මොන ආගමක උනත් පුරා වස්තුන් රැකගත යුතුයි. විල්පත්තුවේ ඇති ලංකා ඉතිහාසයට ඉතාමත් වැදගත් කමක් ගෙනදෙන කුවේණිගේ කාලයට අයත් නටබුන් වල් වැදෙමින් බෝඩ් කැල්ලකට පමණක් සීමා වී ඇත. හෙට දවසේ ඔතනත් විනාශ උනාට පසුව මෙහෙම තැනක් තිබුනා කියා ප්‍රසිද්ද වේ. (නු)
කරුමෙ මේවා නම්
කලින් දැන ගන්න ලැබූනා දඹුල්ල සිද්ධිය.. අනේ අපොයි මේ රටේ ඉන්න මිනිසූන්ට කූමක් වෙලාද.....? ලෝක විනාසේ පෙර නිමිති වගේ.. (නු)
මට ඉල්ලන්න තියෙනවා හැමෝගෙන්ම එක දෙයක්.කරුණාකර අපේ දුව දරුවන්ට අපේ ඇත්ත ඉතිහාසය උගන්වන්න.දැනට එය පාසල් විෂය දාරාවෙන් ඉවත් කර ඇත. මන්ද ඉතිහාසය ඉගැන්වීම ජාතික සන්හිදියාවට ප්‍රස්නයක්ලු? අඩුම ගානේ එම ළමයි ලොකු උන දවසක මේවා රැකගනීවී.දැන් ඉන්න පාලකයන්ගෙන් ,පුර විද්යන්ඝයන්ගෙන්,මහාචාර්යවරුන්ගෙන් අපිට මේවට සරණක් ලැබෙන එකක් නැ. අවුරුදු දහස් ගණනක් තිබුච්ච උරුමය විනසවෙනවා බලන් ඉන්නෙ ලෝක පාලක දෙවියන්ටත් කරන්න දෙයක් නිසා වෙන්න ඇති.(නු)
මේවනම් මොනවද කටුගෙයත් හොරු බින්ද රටේ..!(නු)
අපේ අයට ඡන්දය විතරයි ලොකු..(නු)