ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) අටවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (17) රාත‍්‍රි පැවැති දෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල කඩුලූ 6 කින් තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීය. නැගෙනහිර පිල ලකුණු 147 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකුර් රහිම් පන්දු 39 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැුස්කළේය.නැගෙනහිර පිල වෙනුවෙන් ශාමින්ද එරංග දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ තුනක් දවාගත්තේය. බස්නාහිර පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 146 (තිලකරත්න ඩිල්ෂාන් 35, ඩැනියල් ස්මිත් 11, දිමුත් කරුණාරත්න 25, කැමරොන් බෝර්ගස් 32, සචිත‍්‍ර සේරසිංහ 11, ශාමින්ද එරංග 20/3, අජන්ත මෙන්ඩිස් 34/2)නැගෙනහිර පිල ඕවර 19 කදී කඩුලූ 4 ට 151 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් 30, මුෂ්ෆිකුර් රහිම් නොදැවී 54, ඇන්ජලෝ පෙරේරා නොදැවී 15, ඩර්ක් නැනිස් 34/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර නාගාස් ලෙස වෙනස් විය යුතුය.
මේක නිවැරදි විය යුතුයි....
බස්නාහිර නාගාස් ද ? නැගෙනහිර නාගාස් ද?(නු)
නැගෙනහිර ක්‍රිකට් ඩුන්ඩිස් පරදව බස්නාහිර නාගස් ජයග්‍රාහණය කරයි. දවසේ හොඳම සිරස්තලය. වෙන රටක කෙනෙක්ද කොහේ ද ටයිප් කරල තියෙන්න (අ)
මේකතාවේ නොගැලපීමක් තියෙනවා නේද ?
මම හිතුවේ " බස්නාහිර ටීම් එකට තෙවැනි පරාජයත් කියලයි "
ඔහොම යන්. ඔහොම යන්. අනේ දෙවිදුනි, නුඹ කොහිද? (නි)
නැගෙනහිර නාගාස් විය යුතුයි..!(නු)
බැරිද දවාලෙ තරග පවත්වන්න.. අපට විදුලිය කපනවානේ..!!(නු)
නාගාස් කණ්ඩායම නම් නැගෙනහිරයි..!!(නු)
බස්නාහාරට කණ්ඩායම් දෙකක් තියෙනවාද? (අ)
බස්නාහිර නාගාස් නෙමෙයි.නැගෙනහිර නාගාස් නේද ??
SLPL අපේ අයට වැරදිලා වගේ..(ස)
වැරදිලා වගෙයි....
අනේ මන්ද ඔහේල මොනවා ලියනවා ද කියලා. මේක නොදැම්මානම් මීට වඩා හොඳයි (අ)
නියමයි මැතිව්ස්.(ස)
නැගෙනහිර නාගාස් නේද ???