IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නැගෙනහිර නාගාස් අවසන් මහ තරගයට එයි

නැගෙනහිර නාගාස් පිලට එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයයට සහභාගි වීමේ වරම් හිමිවිය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (29) රාත‍්‍රි පැවැත්වීමට නියමිතව තිබූ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල සහ සනත් ජයසූරිය මෙහෙයවන කදුරට වොරියස් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. නැගෙනහිර පිල පළමු වටයේ තරග හතරක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. කදුරට පිල තරග තුනක් ජය ලබා තරගයක් විසදුමකින් තොරව අවසන්වීමෙන් ප‍්‍රසාද ලකුණු 7 ක් ලබා තෙවැනි ස්ථානයට පත්විය. තරගාවලියේ නීති රීතිවලට අනුව ප‍්‍රසාද ලකුණක් ඉදිරියෙන් සිටි නැගෙනහිර නාගාස් පිලට අවසන් මහ තරගයට පැමිණීමේ අවස්ථාව හිමිවිය. අවසන් මහ තරගය තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ නැගෙනහිර නාගාස් පිල අතර අනිද්දා (31) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය. ක‍්‍රීඩාංගණ සේවකයෝ දැඩි වර්ෂාව මධ්‍යයේ ආවරණ දැමූ අයුරු...



අදහස් (0)

නැගෙනහිර නාගාස් අවසන් මහ තරගයට එයි

චන්ද්‍රසිරි Thursday, 30 August 2012 12:09 PM

පුදුම නීති තියෙන තරගාවලියක්නේ. අන්තිමට මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රංජීව Thursday, 30 August 2012 05:42 AM

අනේ, සනත් පවු. (නි)

:       0       0

උදිත් Thursday, 30 August 2012 12:19 PM

31 වෙනිදා පැවැත්තෙන අවසාන තරගයටත් වැස්සොත් එම තරගයේ ජය පැරදුමත් ලකුණු සටහන අනුව ලැබෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 30 August 2012 12:39 PM

ඒක තමයි අපි කිවුවේ සංගා නැතුව බෑ කියලා. (නි)

:       0       0

රොෂාන් Thursday, 30 August 2012 07:22 AM

ලංකාවේ මෝඩ වැඩ ඉවර වෙන්නයි යන්නේ. (නි)

:       0       0

වරුණ Thursday, 30 August 2012 07:25 AM

කවුද අනේ දැන් ඔය මැච් බලන්නේ? (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 30 August 2012 07:35 AM

දඹුල්ල දැන් තරග වලට අරහන්ද? (නි)

:       0       0

ගාල්ලේ කෙනෙක් Thursday, 30 August 2012 07:58 AM

අනේ සනත් පවු! (නි)

:       0       0

අජිත් Friday, 31 August 2012 05:42 AM

අමුතුම තරංග නීතිනේ මේවා. අර්ධ අවසාන තරගයක දෙපිළටම සම සමව ලකුණු ලබාදෙන එකම ක්‍රීඩාව ටී20 වෙන්න ඇති. (නි)

:       0       0

පෙරේරා Thursday, 30 August 2012 08:24 AM

ඉතිං අපිට මොකද? කවුද ඕවා බලන්නේ? (නි)

:       0       0

විජේ Thursday, 30 August 2012 08:46 AM

ඒක හරිම අසාධාරණයිනේ. තව තරගයක් තියන්නනේ තිබුණේ. (නි)

:       0       0

ලලිත් අරුණ Thursday, 30 August 2012 08:50 AM

මේක හරි අසාධාරණයි. අදත් වැස්සොත්? :D (නි)

:       0       0

ඇන්ඩි Thursday, 30 August 2012 08:56 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ශිරාස් Thursday, 30 August 2012 09:03 AM

වැරදි තීරණයක්. (නි)

:       0       0

මලිත් Thursday, 30 August 2012 01:34 PM

අන්තිමට ඌවයි, නැගෙනහිරයි තමයි 'ෆයිනල්' ආවේ. (නි)

:       0       0

නිරංජන් Thursday, 30 August 2012 09:28 AM

මොන අපරාධයක්ද මේ? (නි)

:       0       0

ලලිත් අරුණ Friday, 31 August 2012 09:20 AM

ඇයි චන්ද්‍රසිරි, සංගා හිටියා නම් වහින්නේ නැද්ද? (නි)

:       0       0

අනන්‍යා Thursday, 30 August 2012 09:39 AM

කමෝන් නාගාස්.... (නි)

:       0       0

කසුන් Thursday, 30 August 2012 02:00 PM

අපි මෝඩයන් නෙමෙයි. ඒ නිසා අපි දුක් වෙන්නේ නැහැ. මේකත් මහ ලොකු තරගයක්ද? (නි)

:       0       0

සරා Thursday, 30 August 2012 09:46 AM

රොෂානුත් මෝඩයෙක් වගෙයි. (නි)

:       0       0

ජගත් Thursday, 30 August 2012 02:26 PM

මැච් එපා කරවනවා...(නු)

:       0       0

සරසි Thursday, 30 August 2012 02:23 PM

හරිම අසාධාරණයි.. මෙච්චර වැදගත් තරගයකට අතිරේක දවසක් දෙන්න බැරි ඇයි..?(නු)

:       0       0

ප්‍රදීප් Thursday, 30 August 2012 11:02 AM

අසාර්ථක තරගාවලියක්..!!(නු)

:       0       0

නිශේන්ද්‍ර Thursday, 30 August 2012 11:09 AM

ප්‍රභාත් ශබ දන්නේ නැද්ද? මගේ අදහසේ හැටියනම් පුටු ටික ගලවාගෙන ගිහිල්ලා හම්බන්තොට පිටියේ සමිකළා.. ඉතිං කොහොමද මිනිසුන් වාඩිවෙන්නෙ..!!(නු)

:       0       0

සිතාරා Wednesday, 29 August 2012 11:42 PM

ඒ වුණාට තව තරගයක් තියන්නයි තිබුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site