පාසල් ක‍්‍රිකට් සංගමය පළමු වරට සංවිධානය කළ අන්තර් පාසල් බාලිකා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (ලෙදර් පන්දු) ශූරතාව දිනාගැනීමට නුගේගොඩ අනුලා විදුහල් ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. බොරැල්ල වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති අවසන් මහ තරගයේදී අනුලා විදුහල් පිල කඩුලූ 8 කින් කොළඹ ගෝතමී විදුහල් පිල පාරජය කළේය.
ගෝතමී විදුහලේ හර්ෂිකා මාධවි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් අවසන් මහ තරගයේදී ලකුණු 63 ක් රැස්කිරීමට සමත් වූවාය. මාධවී තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව සහ දක්‍ෂතම පිතිකාරිය ලෙස ද සම්මාන හිමිකර ගත්තාය.
අනුලා විදුහලේ කාවින්ද්‍යා දෙව්මිණි දක්‍ෂතම පන්දු යවන්නිය ලෙසත්, චතුරි සිල්වා දක්‍ෂතම පන්දු රකින්නිය ලෙසත්, අමාෂා පෙරේරා අවසන් මහ තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසත්, සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ.
ගෝතමී විදුහල ඕවර 20 කදී කඩුලූ 9 ට 113 (හර්ෂිකා මාධවි 63, ප‍්‍රමේෂා රසාංගි 12, කාවින්ද්‍යා දෙව්මිණි 16/3, අමාෂා පෙරේරා 29/2)
අනුලා විදුහල ඕවර 18.3 කදී කඩුලූ 2 ට 115 (අමාෂා පෙරේරා නොදැවී 31, චමෝදි හංසිකා නොදැවී 29, හසිනි පෙරේරා 23)
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
ජයග‍්‍රාහි අනුලා විදුහල් ක‍්‍රිකට් පිල, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න යන මහත්වරු සමග.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ! මගේ නංගිලා ගිය ඉස්කෝලෙ... (නි)
අන්න හරි හුරේ.(නදී)