තම සුරතල් නාගයා දෙහිවල සතුන් වත්තට බාරදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීයැයි සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්න විසින් පැවැරුණු මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු 8 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. නිමල් ගාමිණි අමරතුංග මහතා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිනි. පොලිස්පති, නීතිපති, කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති පෙත්සමේ වග උත්තරකරුවෝය. නාගයා තමාට බාර දෙන්නැයි ඇය පෙත්සමෙන් ඉල්ලා සිටියි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ මල්ලී....(ස)
මේක විහිලුවක් නෙමෙයි. අපි එක එක වර්ග වල සුරතලුන්ට කැමතියි. ඇය කැමති නයෙකුට. ඉතිං ඇයි ඌව දෙන්න බැරි? (නි)
නයින්ට විතරද කැමති පිඹුරොන්ට කැමති නෑද ? (ස)
ඇයි මේ කාන්තාවට නාග නලගන කියන්නේ ??? නම වෙනස් කිරීම ගැන පැමිණිලි කර යුතුයි (ස)
අසම්මත පෙමක මේ ලිය පැටලිල ඇත්තේ පෙර භවෙය්දි සැමියා දැයි දත යුත්තේ (ස)
ඇයි ඔය නයා අතහරින්නම බැරි (ස)
නයා තමයි නයා... (නි)
පින් කරපු නයෙක්. (නි)
ඇයි ඒ නයාම ඉල්ලන්නේ (ස)
ඉන්දියාවේ සහ තායිලන්තයේ නයින් සමග කරන විකෘති රංගන තියෙනවා. (නි)
මේක නම් හොද ආදර්ශයක් නෙමෙයි. (නි)
මේකනම් හොඳ ආදර්ශයක් නෙමෙයි... තව ටිකකින් පිරිමින්ට හෙනහුරා ගහවිද දන්නේ නෑ (ස)
මෙහේ ඉන්න නයිජීරියන් කෙනෙක් ගාව ඇනකොන්ඩෙක් ඉන්නවලු.........(ස)
කොහොමද හරි නයා සොයාගන්නේ? අපේ අධිකරණයත් නියමයි. අර ළඟදි මුහුදේ ගිලුන නැව මතකයි නේද කට්ටියට? (නි)
මම නයෙක් දෙන්නම්. ඌව ළගින් තියාගෙන ඔයා නිදා ගන්න. (නි)
මාත් ඇතිකරනවා නයෙක් (ස)
නයා මැරුණොත් අහිංසක කෙල්ලට උසාවියෙන් වන්දි ගෙවන්න වෙයි. (නි)
නංගියේ, ඉතාලියේ නම් හොද පොළොන්ගු ඉන්නවා. උන් හොද නැද්ද? (නි)
ෂුවර් එකටම නයා දෂ්ට කරන්න ඇති. (නි)
ඇයි මේ නයා ගැන මෙච්චර කතා හදන්නේ ? හුඟ දෙනෙක් කොහොමත් ඉන්නේ හතරගාතෙන් ඉන්න අයත් එක්‍කනේ (ස)
මේ කාන්තාවගේ මොළය පරීක්ෂා කළ යුතුයි. ඇයට පිස්සුද මන්දා? (නි)
නයෙක්ගේ අයිතියක් ඉල්ලලාත් නඩු කියනවා නම්, තව ටික කාලෙකින් තව මොනවා ඉල්ලලා නඩු දායිද? (නි)
අනේ, ඕනෑ නම් අපේ ගෙදර ඇවිල්ලා ඉන්න, නයාවත් අරගෙන. (නි)
වගකිවයුත්තන්ට අල්ල්ලන්න පුළුවං නයි තමයි ඉතිං... කෙල්ලගේ නයා අරගෙන දැං කෙල්ලව නටවනවා..!(නු)
නෝටි නයෙක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
නියමයි නංගී. (නි)
මේවා දැකලා ආපේ නෝනත් නයෙක් ගෙනැත් ඉල්ලනවා, ඇති කරන්න (ස)
ණයට ගිය රට... (ස)
සක් දෙවිදුනි මා දිහා දිව්‍ය නෙතින් බල මැන මා කල පිං අගයලා නයෙක් කරනු මැන මෙමා..!(නු)
අපෝ! මෙච්චරකල් නිදානොගෙන ඉන්න පුලුවන්ද? (නි)
නයාගේ තැන මට ලැබුණා නම්....? (නි)
රටකට ගිය කලක්.... (නි)
මීට වැඩිය හොද නැද්ද තව අවුරුදු 100 කින් වගේ විභාගයට ගත්තා නම්..? නැත්නම් නයා මළාට පස්සේ. (නි)
මේක නියපොත්තෙන්ම කඩන්න වෙයි. නැත්තම් ඉස්සරහට එක එක සත්තුන්ගේ ප්‍රශ්ණ ගෙනෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයට. (නි)
එතෙක් කල් නාගයා ඉදීවිද? (නි)
ලබන මාර්තු වෙනකොට නයා මැරිලත් ඇති. නීතියේ තියෙන්නේ මාර තීරණ තමයි. (නි)
මූලික අයිතිවාසිකම් නයින්ටත් තියෙනවද?අනේ මන්දා? ඔන්න ඕකව දීලා දැම්මා නම් නේද හොද? (නි)
ලබන වසරේ මාර්තු 8 වෙද්දී නයාටත් ඔක්කොම අමතක වෙලා තියෙයි. (නි)
පවු. දෙන්න එයාව එයාගේ නයාව. (නි)
තව පැටියෙක් හොයා ගන්නකෝ. (නි)
ලෝකයේ ප්‍රථම නාග අයිතිවාසිකම් නඩුව. (නි)
වෙන නයෙක් හරියන්නේ නැද්ද? (නි)
සත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත පැත්තකට දාලා මේ කාන්තාවගේ මොළය පරීක්ෂා කළොත් නරකද? (නි)
හරියට දරුවෙක් අහිමි වුණු අම්මා කෙනෙක් වගේ. පවු. (නි)
අනේ ඔන්න ඔය නයාව දීලා දාන්න. (නි)
අපේ ගෙදරත් ඉන්නවා නාග රාජයෙක්. (නි)
නටපන් නයිහාමි... (නි)
නාගයා නැවතත් ඇයටම භාරදිය යුතුයි. (නි)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාළේ. නාගයා සමග වාසේ. (නි)
සුදු නංගියේ, ඔයා මිලානෝ එන්න. ඔයාට මෙහේ දුකක් නැතුව ඉන්න පුලුවන්. (නි)
නයා නැතූව බැහැ වගේ. (නි)
එහෙනම් සතුන් වත්තේ ඉන්න ලංකාවට ආවේණික සතුන් සියල්ලම නිදහස් කරන්න වෙනවා. පොලිසියටත් වෙන වැඩක් නැත්නම් හොදයි. (නි)
නිරෝෂා අපේ ගෙදරත් ඉන්නවා ... (ස)
නය දැන් ඉන්නේ සත්තු වත්තේ. දැන් නයාට නළගන අමතක වෙලා ඇති. (නි)
නිමල්, ගහක් මැරුණට පස්සෙත් නඩු යනවනේ. (නි)
මේ දෙහිවල සත්තු වත්තට සතුන් බාර දෙන එක වැරදි දෙයක්. ඒ සතුන් නිකම් දුක් විඳලා මැරිලා යාමක් විතරයි වෙන්නේ. කාගේ තීරණද දන්නේ නැහැ මේවා. (ස)
සමහර තීරණ වල කිසිම ප්‍රායෝගික බවක් නැහැ. ඔය වෙනකොට නයා ඉදීවිද? (නි)