නාගයකු සමග ජීවත් වූ සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්නට (ඩිලානි) සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි ද, ඇය නාගයා ආදරයෙන් රැකබලා ගත්තේ යැයිද ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා ඉදිරියේ කරුණු දැක්වීය. ඇය කිසිම වරදක් කර නැති හෙයින් නිදහස් කරන්නැයි නීතීඥවරයා ඉල්ලා සිටියේය. ඇයට එරෙහිව චෝදනා ගොනුකරන බව පොලිසිය දැන්වීය. ඔක්තෝබර් 11 වැනිදාට පෙර එසේ කරන්නැයි දැනුම්දුන් මහේස්ත්‍රාත් ඉන් පසුව ඊට විරෝධතා මතුකිරීමට විත්තියට හැකි බව සඳහන් කළේය. සතුන් වත්තට බාර දී ඇති නාගයාගේ අයිතිය එම නළඟන අත් නොහරින බවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවද අර්ස කුලරත්න මහතා කීවේය. ඔහු සමග තවත් නීතීඥවරු කීපදෙනෙක්ම ඇය වෙනුවෙන් පෙනී සිටියහ. ඇයට කිසිම මානසික ලෙඩක් නැතැයි උසාවියට ඉදිරිපත් කළ මනෝ වෛද්‍ය වාර්තාවේ සඳහවන් වේ. ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව කියයි. අධිකරණයෙන් පිටදී එම නළගන පැවසුවේ නාගයා නැතිව තමනට නින්දද නොයන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ආදරයක්නේ
ඇත්ත තමයි. එයාගේ නයා එයාට දෙන්න. (නි)
විකාර තමයි
පොලිසියත් කරන්නේ මාර වැඩනේ. නයා දීලා දැම්මානම් ඉවරයිනේ. (නි)
අනේ මටත් නයෙක් හදාගන්න ඇත්නම්. මොකද අද කාලේ කොල්ලොන්ට වඩා නයි විශ්වාස කරන්න පුලුවන්. (නි)
මෙතන අදහස් දක්වලා තියෙන හැමෝම වගේ මේ ගැහැණු ළමයාව විහිලුවකට අරගෙන.ඒත් අපි හරියටම දන්නේ නැහැ මේ සිද්ධියේ ඇතුලාන්තය මොකක්ද කියලා. මම මේ ළමයා ගැන තිබ්බ විස්තරයක් කියෙව්වා. ඒක කියෙව්වා නම් ඒකෙ තියෙන්නේ ඇත්තද බොරුද කියල හිතාගන්නවත් බැහැ. ඒත් දැන් වෙන දේවල් කොහොමත් හිතාගන්න බැරි දේවල්ම තමයි. (නි)
වෙනත් සර්පයෙක් හරියන්නේ නැද්ද? (නි)
නයාටත් සාංකාවද දන්නේ නැහැ. (නි)
මේක විහිලුවට ගත යුත්තක් නොවේ. මිනිසුන්ට වගේම සතුන්ටත් තමන්ගේ අයිතිය නිදහස ලබා දීමට මේ ළමය වගේම නීතිඥයෝත් කටයුතු කිරීම අගය කරමි. බුදුන් වහන්සේ පවා නාගයන්ට ගරු කළ බව අප අසා ඇත. (නි)
දැන් එතකොට නටන්න ඔය නාගයාම ඕනෑද? (නි)
වෙන නයි ඇත්තේම නැද්ද, මූවම හොයන්නේ. (නි)
ඔය දුවට ඔය නයාව දීලා දාන්න. (නි)
අම්මෝ, නීතිඥ මහත්වරුන්ගේ කැපවීමේ තරම.... (නි)
ඕවා ඇතුලේ තව කතා තියෙනවා
ගැරඩියෙක් හොද නැද්ද? (නි)
පිස්සු කෙල්ලෙක්
දීලා දාන්න
අනේ පව් ඔය කෙල්ලට ඔය නයාව දෙන්න..!(නු)
ඒ ගෑණූකෙනා හම්බ කරගන කාපු එකත් නැතිකළා. (නි)
දැන් නයි ඇති කරන්නත් අවසර පත් ඉල්ලුවොත් අහිකුණ්ඨිකයන්ට වෙන්නේ මොකක්ද? (නි)
මිනිසුන් කෝටි දෙකටත් වැඩි ලංකාවේ ඇය පමණක්ය නයෙකුට සිත් දැක්වූවේ වරදක් ඇද්ද ඇය සතු මේ හැකියාවේ නයෙක් කියා වෙනසක් නැත කරුණාවේ (ස)
නයා බාලවයස්කාරයෙක් නිසාලු දුන්නේ නැත්තේ. (නි)
මටත් හැමදාම ලොකු නයෙක් හීනෙන් පේනවා.(නදී)
අහිකුන්ටිකයින්ටත් තියෙන අයිතිය සිංහල අපිට නැද්ද? (නදී)
නයාට ගහලා පොල්ල වරද්දගෙනද දන්නේ නෑ..(ස)
නාග ලොවින් එන නාලිය විලසේ එන්න නංගී ඉතාලියට. (නි)
ජඩ වැඩ කරන ඇමති පුත්තුන්ව පොලිස් කණ්ඩායම් දෙකක් දාලත් අල්ල ගන්න බැහැ. අහිංසක නයෙක්ව අල්ලාගෙන. ඕවා තමයි අපේ පොලිසියේ හපන්කම්. (නි)
නසාර්, ඔබගේ අදහසට මමත් එකගයි..!(නු)
මේ සතා පටවන්න සත්තු වත්තට...(ස)
නයා නැතුව නින්ද යන්නේ නැත්නම් එන්න මම නිදිකරවන්න (ස)
නඩුවට කතාකරන අය ඇහුවම පේනවා මෙයා දරුණු හැපින්නක් බව (ස)
අනේ අපොයි ලබුත් තිත්තලු නේද ? (ස)
අපේ වත්තෙත් ලොකු නයෙක් කැරකෙනවා (අ)
නයා පටවන්න සත්තු වත්තට .... (ස)
අලුත් නයෙක් හොයාගන්නකෝ. (නි)
අනේ මෙයාගේ නයා මෙයාටම දෙන්නකෝ...(ස)
කසාද බදින්නත් නීතියෙන් අවසර ඉල්ලාවිද දන්නේ නෑ..(ස)
අනේ අම්මප මේ ගෑනුන්ටයි, මිනිස්සුන්ටයි තියෙන ප්‍රශ්න! කොහේද යන නයෙක් .................!!(ස)
නාගයත් සමග මෙයාවත් සත්තුවත්තට බාර දෙන්න..! (නු)
නයාගෙනුත් කටඋත්තරයක් ගත්තනම් ඇත්ත දැනගන්න තිබුණා..! (නු)
නයාගේ විස දළ ගලවලද දන්නේ නෑ ,(ස)
ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් අපි නසී (ස)
නයින්ට ආදරේ කරන්නේ මේ රටේ කොල්ලෝ නැතිවද. මෙයාලට පිස්සු. කොහොම උනත් රටේ ඉහලම ප්‍රසිද්ධ නීතිඥයෝ දුසිම් බාගයක් විතර නඩුවට කතා කරන්න තරම් මෙයා පොහොසත්ද ? (ස)
තුඹස තුල විසීම නයාගේ අයිතියක් (ස)
අනේ මම ඒ නයා උනානම් (ස)
නින්ද යන්න ඒ නයාම ඕනැද?(ස)
අරුම පුදුම දේවල්නේ අහන්න ලැබෙන්නේ දැන් අපේ රටෙන්..මේකනම් ආශ්චර්‍යමත් රටක්ම තමයි....(ස)
ඊට පස්සේ මෙයා නයත් අරගෙන අපි හිරවෙලා යන බස්වලටත් නගියිද දන්නේ නැහැ.(ස)
ගිය ආත්මේ මෙයා හැපින්නියක්ද දන්නේ නෑ (ස)
දීලා දාන්නයි තියෙන්නේ (ස)
නයි කයිද රොස් පාන් නාග චමිපා (ස)
මුකුත් කියලත් බෑ මුකුත් නොකියත් බෑ ?(ස)
දයාබර නයෝ ඔබේ ....මංගල දිනේ... ලඟයි වගේ (ස)
අයියෝ නයා
ආනන්ද සර්පයා දුටුවාද ?
ඔයාට වෙන නයෙක් හරියන්නේ නැද්ද ඩිලානි? (නි)
අක්කේ, ඔයා නයා අරන් අපේ ගමට එන්න. මම ඔයාවයි නයාවයි දෙන්නම බලාගන්නම්. (නි)
කම්පනයක්ද දන්නෙ නැහැ නේද? (නි)
නලගනත් අතහරින්නෙම නැහැ වගෙයි. ඔහොම යන්. (නි)
නඩුව කතා කරන අයට නම් මේක නාග මාණික්‍යයක් වගෙයි. අයියෝ සල්ලි! (නි)
මගේ නෝනාත් නයෙක් ඉල්ලයිද දන්නේ නැහැ. (නි)
මාර වැඩේ....(ස)
මම නම් දකින්නේ ඔතන ඇයගේ වැරැද්දක් නැතිබවයි (නි)
මිනිස්සුන්ගේ හැගීම් සමග සෙල්ලම් කිරීම හොද නැහැ (නි)
පව් දෙන්න ඔය නයාව.නැත්නම් මෙයා අසනීප වේවි (ස)
අහිකුන්ටකයින්ට තියෙන නිදහස ඇයි අනිත් අයට නැත්තේ ..පව් මෙයා (ස)
මෙම තරුණිය අත වරදක් නැත (නි)
ඔය නයා ඔය ළමයට දෙන්න වහාම (ස)
නයෝමි (ස)