1658 දී පර්සියාව බලා යාත‍්‍රා කරද්දී නැවේ රුවල කැඞීමෙන් 1659.1.19 වැනිදා බි‍්‍රතාන්‍ය නාවිකයකු වූ සුදු ජාතික රොබට් නොක්ස් සහ ඔහුගේ පුත් ‘ඈන් ’ නැවෙන් ත‍්‍රිකුණාමලයේ මහවැලි ගං මෝයේ කොඞ්ඩියාර් බොක්කට පැමිණ පෞද්ගලික ආරක්ෂාව සඳහා සැඟවී සිටි නොක්ස් සියඹලා මව් ගසෙහි ශාඛාවයි මේ.
රොබට් නොක්ස් මූතුර් ප‍්‍රදේශයට ගොඩ බැසීමෙන් අනතුරුව මේ ගස අසල විවේක ගිනිද්දී එවකට රජකළ දෙවැනි රාජසිංහ රජුගේ සේනාව විසින් නොක්ස් ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන මහනුවර රාජධානිය වෙත රැගෙන ගොස් තිබේ. රොබට් නොක්ස් හා ඔහුගේ පුතා මේ ගස යට සිටි නිසා එය රොබට් නොක්ස් ගස යනුවෙන්ද හැඳින්වේ.
රොබට් නොක්ස් ගසෙහි ශාඛාවක් දැනට මූතුර් මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට දැකගැනීමට හැකියි. මෙහි මුල් ගස බොහෝ කලක සිට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ආරක්‍ෂා කර ඇතත් අඩි 54ක් පමණ වට ප‍්‍රමාණයකින් යුත් එම ගස වයස නිසාම 1957 දෙසැම්බර් 24 වැනි දින පැවති මහා ගංවතුර හා 1964 දෙසැම්බර් 24 වැනි දින පැවති දැඩි සුළි සුළඟින් විනාශයට පත්විය. එදා හෙළදිව නැමැති කෘතිය රචනා කළ රොබට් නොක්ස් සිහිවීම සඳහා වාසනාවකට මෙන් මේ රුක්ෂයෙහි ශාඛාවක් දැනට එම ස්ථානයේ සංරක්ෂණය කර පවත්වාගෙන යෑමට මූතූර් ප‍්‍රාදේශීය සභාව සමත්වී සිටි.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා රාජසිංහ රජු රොබට් නොක්ස් අල්ල ගත්තු නිසා තමයි එදා හෙලදිව කියලා පොතකින් අපේ ඉතිහාසය ලියවුණේ...(ස)
එදා රාජසිංහ රජු රොබට් නොක්ස්ව අල්ලා ගත්ත නිසා තමයි "එදා හෙළ දිව" කියලා පොතකින් අපේ ඉතිහාසය ලියවුණේ. (නි)
දැක්කොත් විනාශයි. අධිරාජ්‍යවාදී කුමන්තුණයක් වෙයි. (නි)
අහවල් පිස්සුවකට මේ සුද්දන්ගෙ අට මංගල්ල තවත් ආරක්‍ෂා කරනවද? අපිට රකින්න වෙන දෙයක් නැද්ද? (ස)
අවාසනාවක මහිම. දෙවන රාජසිංහ රජු ගැන මුකුත් සඳහනක් නෑ...(ස)
රුක් රෝපණය හා ආරක්ෂා කිරීමේ වැදගත්කම දන්න මුත්තූර් ප්‍රාදේශීය සභාව අනික් අයටත් ආදර්ශයක්...(ස)
අයියෝ මොනවාට ඕක මතක් කලා ද ? ඕක නිසා අදිරාජ්‍යවාදීන් සිහිවෙනවා කියල දැන් ඕක කපල දාලා ඔතන වෙන මොකක් හරි ගහක් පැල කරලා වෙන පුවරුවක් සවිකරයි (ස)
රජතුමා ගැන වෛරයෙන් උවත් ලංකාව ගැන ඇත්ත ලියලා තියෙනවා..!!(නු)
අපේ ඉතිහාසය අපි රැකගතයුතුයි..!!(නු)
ස්ටැල්ක් ඔබගේ අදහස හරියටම හරි.. තව ටිකදවසකින් මේ සියඹලා ගහ අපේ දේශපාලඥයෙක් සිටෙව්වා කියයිද දන්නෙ නැහැ..!!(නු)
ඔව් වරුණ, රජතුමා ගැන නැත්තෙ එතුමා සුද්දා වගේ වැඩ නොකරපු නිසා වෙන්න ඇති. (ස)
කානන් මම ඔබගේ අදහසට එකගයි..!!(නු)
2001 වසෙර්දී මම නැගෙහිර දිශාවේ කළ සංචාරයක් අතර තුර මූතුර්හිදී මෙම ගස වෙත ගියා.. ඒ කාලයෙත් මේය සංචාරකයන් සදහා වූ අප්‍රකට ස්ථානයක්...!!(නු)
මේ ස්ථාන හොදින් රැකගත යුතුයි, මොකද මේකෙන් තවත් වැළලී ගිය ඇත්තක් මතුවෙනවා. 1518 පෘතුගීසීන් පැමිණෙන විට මෙන්ම 1815 ඉංග්‍රීසීන් ලංකාවේ සම්පුර්ණ පාලනය අත්කරගනිද්දී උතුරු නැගෙනහිර වෙනම දෙමල රජයක් තිබුන බවත්, එය වෙනම රටක් ලෙස දෙමල රජෙකු විසින් පාලනය කල බවත් උලුප්පමින් තමයි ඔය දෙමල නිජ භුමි සහ ඊනියා ඊළාම් වාදීන් යකා නටන්නේ. මේවා ජාතිය වෙනුවෙන් රැකගත යුතුයි. අපේ දරුවන්ට ඉගැන්විය යුතුයි. (නි)
ස්ටැල්ක් ඔබ අධිරාජ්‍ය වාදියෙක්ද ? .(ස)
ඒකෙ බුලත්කොලයකුත් ගහලා..!!(නු)
ආනන්ද , එහෙමමම නැහැ. නමුත් මට දැන් හිතෙන්නේ ඒ ය එතරම් නරක නැහැ කියලා.(ස)
ආනන්ද ඔබ හරි.. ඒකෙත් බුලත්කොලයක් ගහලා..!!(නු)
ඇති යන්තම් මෙහෙම දෙයක්වත් ඉතුරුවෙලා තියෙනවා (නි)