IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘නොක්ස් ගහේ පැටියා’

1658 දී පර්සියාව බලා යාත‍්‍රා කරද්දී නැවේ රුවල කැඞීමෙන් 1659.1.19 වැනිදා බි‍්‍රතාන්‍ය නාවිකයකු වූ සුදු ජාතික රොබට් නොක්ස් සහ ඔහුගේ පුත් ‘ඈන් ’ නැවෙන් ත‍්‍රිකුණාමලයේ මහවැලි ගං මෝයේ කොඞ්ඩියාර් බොක්කට පැමිණ පෞද්ගලික ආරක්ෂාව සඳහා සැඟවී සිටි නොක්ස් සියඹලා මව් ගසෙහි ශාඛාවයි මේ. රොබට් නොක්ස් මූතුර් ප‍්‍රදේශයට ගොඩ බැසීමෙන් අනතුරුව මේ ගස අසල විවේක ගිනිද්දී එවකට රජකළ දෙවැනි රාජසිංහ රජුගේ සේනාව විසින් නොක්ස් ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන මහනුවර රාජධානිය වෙත රැගෙන ගොස් තිබේ. රොබට් නොක්ස් හා ඔහුගේ පුතා මේ ගස යට සිටි නිසා එය රොබට් නොක්ස් ගස යනුවෙන්ද හැඳින්වේ. රොබට් නොක්ස් ගසෙහි ශාඛාවක් දැනට මූතුර් මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට දැකගැනීමට හැකියි. මෙහි මුල් ගස බොහෝ කලක සිට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ආරක්‍ෂා කර ඇතත් අඩි 54ක් පමණ වට ප‍්‍රමාණයකින් යුත් එම ගස වයස නිසාම 1957 දෙසැම්බර් 24 වැනි දින පැවති මහා ගංවතුර හා 1964 දෙසැම්බර් 24 වැනි දින පැවති දැඩි සුළි සුළඟින් විනාශයට පත්විය. එදා හෙළදිව නැමැති කෘතිය රචනා කළ රොබට් නොක්ස් සිහිවීම සඳහා වාසනාවකට මෙන් මේ රුක්ෂයෙහි ශාඛාවක් දැනට එම ස්ථානයේ සංරක්ෂණය කර පවත්වාගෙන යෑමට මූතූර් ප‍්‍රාදේශීය සභාව සමත්වී සිටි. මූතූර් මැදි විදුහලේ ඇති සියඹලා ගස.ආරක්ෂක බැම්මෙහි ස්ථාපිත විස්තර පුවරුව.



අදහස් (0)

‘නොක්ස් ගහේ පැටියා’

සහන් Tuesday, 04 September 2012 03:49 PM

එදා රාජසිංහ රජු රොබට් නොක්ස් අල්ල ගත්තු නිසා තමයි එදා හෙලදිව කියලා පොතකින් අපේ ඉතිහාසය ලියවුණේ...(ස)

:       0       0

සහන් Tuesday, 04 September 2012 03:56 PM

එදා රාජසිංහ රජු රොබට් නොක්ස්ව අල්ලා ගත්ත නිසා තමයි "එදා හෙළ දිව" කියලා පොතකින් අපේ ඉතිහාසය ලියවුණේ. (නි)

:       0       0

චන්ද්‍ර Wednesday, 05 September 2012 02:03 PM

දැක්කොත් විනාශයි. අධිරාජ්‍යවාදී කුමන්තුණයක් වෙයි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 04 September 2012 04:23 PM

අහවල් පිස්සුවකට මේ සුද්දන්ගෙ අට මංගල්ල තවත් ආරක්‍ෂා කරනවද? අපිට රකින්න වෙන දෙයක් නැද්ද? (ස)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 11:10 AM

අවාසනාවක මහිම. දෙවන රාජසිංහ රජු ගැන මුකුත් සඳහනක් නෑ...(ස)

:       0       0

සරත් Tuesday, 04 September 2012 11:11 AM

රුක් රෝපණය හා ආරක්ෂා කිරීමේ වැදගත්කම දන්න මුත්තූර් ප්‍රාදේශීය සභාව අනික් අයට‍ත් ආදර්ශයක්...(ස)

:       0       0

ස්ටැල්ක් Tuesday, 04 September 2012 11:19 AM

අයියෝ මොනවාට ඕක මතක් කලා ද ? ඕක නිසා අදිරාජ්‍යවාදීන් සිහිවෙනවා කියල දැන් ඕක කපල දාලා ඔතන වෙන මොකක් හරි ගහක් පැල කරලා වෙන පුවරුවක් සවිකරයි (ස)

:       0       0

මනෝහරන් Tuesday, 04 September 2012 11:30 AM

රජතුමා ගැන වෛරයෙන් උවත් ලංකාව ගැන ඇත්ත ලියලා තියෙනවා..!!(නු)

:       0       0

අරවින්ද Tuesday, 04 September 2012 11:32 AM

අපේ ඉතිහාසය අපි රැකගතයුතුයි..!!(නු)

:       0       0

ජයන්ත Tuesday, 04 September 2012 11:30 AM

ස්ටැල්ක් ඔබගේ අදහස හරියටම හරි.. තව ටිකදවසකින් මේ සියඹලා ගහ අපේ දේශපාලඥයෙක් සිටෙව්වා කියයිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

අමිල - කටුනායක Tuesday, 04 September 2012 07:00 PM

ඔව් වරුණ, රජතුමා ගැන නැත්තෙ එතුමා සුද්දා වගේ වැඩ නොකරපු නිසා වෙන්න ඇති. (ස)

:       0       0

සී තොඩිතාර Saturday, 08 September 2012 12:14 AM

කානන් මම ඔබ‍ගේ අදහසට එකගයි..!!(නු)

:       0       0

සමීර වීරවර්දන Tuesday, 04 September 2012 08:34 PM

2001 වසෙර්දී මම නැගෙහිර දිශාවේ කළ සංචාරයක් අතර තුර මූතුර්හිදී මෙම ගස වෙත ගියා.. ඒ කාලයෙත් මේය සංචාරකයන් සදහා වූ අප්‍රකට ස්ථානයක්...!!(නු)

:       0       0

කෙනත් ඇමෙරිකාවේ සිට Tuesday, 04 September 2012 08:53 PM

මේ ස්ථාන හොදින් රැකගත යුතුයි, මොකද මේකෙන් තවත් වැළලී ගිය ඇත්තක් මතුවෙනවා. 1518 පෘතුගීසීන් පැමිණෙන විට මෙන්ම 1815 ඉංග්‍රීසීන් ලංකාවේ සම්පුර්ණ පාලනය අත්කරගනිද්දී උතුරු නැගෙනහිර වෙනම දෙමල රජයක් තිබුන බවත්, එය වෙනම රටක් ලෙස දෙමල රජෙකු විසින් පාලනය කල බවත් උලුප්පමින් තමයි ඔය දෙමල නිජ භුමි සහ ඊනියා ඊළාම් වාදීන් යකා නටන්නේ. මේවා ජාතිය වෙනුවෙන් රැකගත යුතුයි. අපේ දරුවන්ට ඉගැන්විය යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 01:31 PM

ස්ටැල්ක් ඔබ අධිරාජ්‍ය වාදියෙක්ද ? .(ස)

:       0       0

ආනන්ද Tuesday, 04 September 2012 01:45 PM

ඒකෙ බුලත්කොලයකුත් ගහලා..!!(නු)

:       0       0

ස්ටැල්ක් Tuesday, 04 September 2012 02:02 PM

ආනන්ද , එහෙමමම නැහැ. නමුත් මට දැන් හිතෙන්නේ ඒ ය එතරම් නරක නැහැ කියලා.(ස)

:       0       0

කමල් Tuesday, 04 September 2012 03:00 PM

ආනන්ද ඔබ හරි.. ඒකෙත් බුලත්කොලයක් ගහලා..!!(නු)

:       0       0

සිල්වා Wednesday, 05 September 2012 02:53 AM

ඇති යන්තම් මෙහෙම දෙයක්වත් ඉතුරුවෙලා තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site