ජුඩ් සමන්ත
නිවාඩු දිනවල සේවයට වාර්තා කර ඇති බවට ව්‍යාජ අත්සන් යොදමින් වැටුප් ලබාගත් නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස එම කාර්යාලයේ සේවකයින් වයඹ ප්‍රධාන ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන පරිපාලන නිලධාරී එම්.ජී.විමලසේන මහතාගේ අත්සනින් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
නිවාඩු දිනවල සේවයට වාර්තා කර ඇති බවට වෙනත් අයෙකු විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙනුවට ඇගිළි සළකුණු යන්ත්‍රයේ සටහන් තබා ඇත.
ඒ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ඇගිළි සළකුණ වෙනුවට වෙනත් අයෙකුගේ ඇගිළි සළකුණ එම යන්ත්‍රයේ ලියාපදිංචි කිරීමටද කටයුතු කර තිබේ.මේ සම්බන්ධයෙන් හෙළිවීමෙන් පසුව පෙබරවාරි 7 වැනිදා එය ද වෙනස් කිරීමට කටයුතු කර ඇත.
දිගින් දිගටම සිදුවන මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කලාප කාර්යාලයේ සේවකයින් විසින් ඉහළ නිලධාරීන් ගෙන් ඉල්ලා ඇති නමුත් ඒ සඳහා ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාව දුෂණය අතින් අද ශ්‍රී ලංකාව ඉහලම ස්ථානයට පත් වී ඇත. එයින් නිදහස් ස්ථානයක් සොයා ගැනීමටවත් බැරිය.
ආවේ නං යහපාලනය කියලා. නමුත් දැන් මේ මොනවද සිද්ද වෙන්නේ කියන එක කාටත් තේරෙනවා ඇති නේද. මේ යන විදිහට අපේ රට ඉවරය.. වහාම මේ ආණ්ඩුව වෙනස් කල යුතුය
මුදල් වංචාවක් නම් ආයේ ඇසීමට කිසිදු දෙයක් ඉතිරිවී නොමැත.
මුදල් වංචාවක් නම් යේ ඇසීමට කිසිදු දෙය ඉතිරිවී නොමැත.අනිවාර්යෙන්ම "අම්බරුවන් 225" දෙනාගෙන් එකෙකුගේ "පාහර ඇම්බැට්ටයෙක්" වියයුතුමය.
අධ්‍යාපනයේ ඉහල තනතුරක්නේද? පහල තනතුරු මොනවා කරයිද? අනාගත ළමා පරපුර? සියලුම දෙන අපේ රටට තම තමන් අදහන සියලු දෙවි දේවතාවුන්ගේ වහන්සේලාගේ පිහිට හා රැකවරණය ලබාදෙන ලෙස අයැද සිටින්න.
සුළු සේවකයා ඉහළ නිලධාරියා කියා වෙනසක් නැත. දූෂණයට, වංචාවට අවස්ථාවක් අාවොත්. තමන්ගේ අවන්කබාවයේ වටිනාකම පැන්නොත් ඒ අවස්ථාවන් ගාණ කඩා ගන්නවාය. මා අදහස් කලේ රුපියල් දසලක්ෂයක් වංචා කරන්න නැති කෙනා රුපියල් කෝටියක් ආවොත් එක ඩැහැ ගන්නවාය. එයාගේ අවංකභාවය රුපියල් කෝටියකට විකිණේ...