(සිරංගිකා ලොකුකරවිට)
ගංවතුරින් නිවාස අහිමි වූ පුද්ගලයන්ට නිවාස ඉදිකිරීම සඳහා අනුමැතිය දී මුදල් ලබා දීමට ද කටයුතු කර තිබිය දී නැකැත් නැතැයි කියමින් නිවාස සෑදීම ප්‍රමාද වී ඇතැයි අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය.
දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා විසින් මතුකළ ගැටළුවක් සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවක දී එම කරුණු හෙළිදරව් විය. හේවගේ මන්ත්‍රීවරයා එහි දී පවසා සිටියේ පසුගිය මැයි මස ඇතිවූ ගංවතුරින් නිවාස අහිමිවූ පවුල් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 12ක මුදල තවමත් ලැබී නැති බවයි.
මෙහිදි අදහස් දක්වමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා කියා සිටියේ නිවාස සෑදීම සඳහා රජයෙන් ඉඩම් වෙන්කර දී ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සැලැස්ම සඳහා අනුමැතිය ලබා දිය යුතු බවයි. මෙලෙස අනුමැතිය ලබා දී ඇති නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස 15ක කටයුතු පවා ආරම්භ කිරීම පමා වී ඇත්තේ එම පවුල්වල පුද්ගලයන් නිවාස ඉදිකිරීම සඳහා නැකත් බලමින් සිටින නිසා බව ඔහු තවදුරටත් පැවසීය. නැකැත් නැතැයි පවසමින් ඔවුන් ඉදිකිරීම් ආරම්භ කිරීමට මැළිකමක් දක්වන බව ද අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
එහි දී අදහස් දැක්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ කීවේය.
''මෙය මේ තරම් ප්‍රමාද විය නොහැකියි. මේ පවුල් පිට තැන්වල නවත්වලා ඔවුන්ට මාසිකව බදු කුලිය පවා රජයෙන් ලබා දෙනවා. රජයේ මුදල් අනුමත වී තිබිය දී ඇයි මේ විදියට නිවාස ඉදිකිරීම කඩිනම් කරන්නේ නැත්තේ. එක එක්කෙනාට වෙන වෙනම නැකැත් බලන්න ගියොත් මෙය තවත් ප්‍රමාද වෙයි. සියලුදෙනා කැඳවලා මේ තත්වය පහදා දෙන්න. එක නැකතක් හදලා ඔක්කොම ගෙවල් ඒ වෙලාවේ හදන්න පටන් ගන්න. නැතිව මේවා කරන්න බැහැ. රජයට ලොකු පාඩුවක් වෙනවා. තව ටික දවසකින් මාධ්‍ය වලිනුත් කියාවි අපි මේ සල්ලි දුන්නේ නැහැ, ගෙවල් හැදුවේ නැහැ කියලා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ගංවතුරට කැඩුන ගෙවල් නැකත් බලා හදපු ගෙවල් නොවෙයිද? මේ රටින් ඕස්ට්‍රේලියාව ඇමරිකාව ආදී රටවලට ගිය අය කිසිම නැකතක් නැතුව හොඳ ගෙවල් හදාගෙන බොහොම හොඳට ඉන්නවා.අපේ රටේ දියුණුවක් නැත්තෙත් ඔය ගොන්කම් නිසා.
මේ රටේ නැකත් නැතිව ගෙවල් දහස් ගණන් හදනවා.
"එක නැකතක් හදලා ඔක්කොම ගෙවල් ඒ වෙලාවේ හදන්න පටන් ගන්න. නැතිව මේවා කරන්න බැහැ." මොනවටද එක නැකතක් වත් බලන්නේ. සල්ලි පාස් කරලා නම් ගෙවල් හදන්නේ නැත්නම් ආපහු සල්ලි ටික ගන්නයි තියෙන්නේ. මේ මොන කෝලමක්ද? මහජන මුදල් නිකන් නාස්ති වෙනවා එක එක්කෙනාගෙ මිත්‍යාව නිසා. මෙහෙමත් ආත්මාර්ථකාමි මිනිසුන් සිටිනා රටක්
මෙයාලා මේ නැකැත් නැතුව නෙමෙය කට්ට කමට ගෙවල් හදන්නෙ නැත්තේ. සල්ලිත් පාස් වෙලා. හදනකම් කුලියට ගෙවල් ගන්න රජෙයන් (මහජන මුදලින්) කුලියත් ගෙවනවා. ඉතිං ඇද ඇද හැකිතාක් ඉන්නවා මටනම් පේන විධියට.
ගෙවල් හදන නැකත් කෙසේ වෙතත් ජනතා නියෝජිතයින් කියා ගන්නා පිරිසේ වේලාපත්කඩ ටික බලා ගත්තොත් හොඳයි නේද
නැකත් විස්වාස කරන බලිතොවිල් විස්වාස කරන මිනිසුන්ට දියුණුවෙන්න බැරිය. නැකත් හූනන්ට පමණකි
ඇයි, ගාල්ලේ සුමනේ ලවා නැකතක් හදවාගන්න බැරිද?
අනේ මෙහෙමත් ගල් යුගයේ ඉන්නා මෝඩ පිරිසක්...........
"නැකැත් නැතැයි කියමින් නිවාස හැදීම ප්‍රමාද කරයි" නැකත් විතරක් නොවෙයි හලෝ ප්‍රාදේශීය සභාවෙන් නිවාස සැලසුම් අනුමත කිරීමත්, නිවාස හැදීමත් ප්‍රමාද කරති. පගාව ලැබෙන තුරු සැලසුම් අනුමත වෙන්නේ නැත.