නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ළමා පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද විවෘත විය. ළමයින්ගේ ඡුන්දයෙන් ළමා මන්ත‍්‍රීවරු 96 දෙනෙක් තෝරා ගනු ලැබූහ. ඔවුන් අතරින් ඇමැතිවරුන් නව දෙනකු ඇතුළු පහත සඳහන් සිසුන් ප‍්‍රධාන තනතුරුවලට පත් කැර ගත් බව විදුහල්පති කේ.වී.ආර්. කුලරත්න මහතා කියයි.
නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නාමලේඛනය:
කතානායක: තුෂාර විජේවර්ධන, නියෝජ්‍ය කතානායක: හසන් නදී කරුණාරත්න, අගමැති: කසුන් චන්ද්‍රසේකර, කාරක සභාපති: හසිත රණතුංග, නියෝජ්‍ය: එම්.එම්. සමරකෝන්, සභානායක: ඞී.එම්.බී. අබේසිංහ, කෘෂිකර්ම පරිසර ඇමැති: යූ.එල්. අබේසිංහ, සංස්කෘතික හා ආගමික ඇමැති: හිරුෂිකා ජයරත්න, ආරක්ෂක හා ක‍්‍රීඩා: දිලාෂි මල්ලව, සෞඛ්‍ය හා පෝෂණ ඇමැති: එච්.එල්.පී. සම්පත්, ප‍්‍රජා සේවා ඇමැති: තිළිණි බිංඳුසාර, සමාජ සුභසාධන: ජී.එච්. මල්ලව, චර්යා සංවර්ධන හා නිපුණතා: මදුසංඛ බණ්ඩාර, භෞතික හා ආපදා: ඉඳුනිල් යාපා බණ්ඩාර, අන්තර් පාසල් සුහදතා: රජිත මදුශංඛ
කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතා ද පැමිණ සිටියේය.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පාසල්වලටත් දේශපාලන ලෙඩේ බෝ වෙලා.. ළමයින් ඉගෙනගෙන ඉවරවෙලා දේශපාලනය කරන්නෙ.. පාසල් කාලයේ විනෝදයට දුවලා පැනලා කරන ක්‍රීඩාවක් කරන්න.. මේ වා ඔළුවට දාගත්තාම වෙන්නෙ ඉගෙනීම කඩාකප්පල් වෙනවා.. මේවා තේරෙන්නෙ නැද්ද මේ අයට..!(නු)
හොද වැඩක්
ලොකු අයට ඉගෙනගන්න පුළුවං විදියේ මොඩලයක් හදමු දරුවනේ..!(නු)
අනේ දරුවනේ පරිස්සමින්..!(නු)
පිස්සු හැදෙනවනේ. දැන් එච්චරයි අඩු. (නි)
අන්න හරි. දැන්නෙ ගුරුවරුන්ටත් මොලේ පෑදෙන්නේ. ළමා අවදියේම යායුතු මඟ පුහුණු කරන්න ඕනෑ. දැන් ඉතින් ඒ දරුවන්ට ඒ සුදුසු කමත් හරි. අද ඉගැන්වීම බලු කුක්කාට ගිගින්. කාලෙන් කාලෙට නොයෙකුත් වෙනස්කම්. අද ලංකාවෙ අධ්‍යාපනය ගැන කියන්න ගත්තොත් කොතනින් පටන් ගෙන කොතනින් නිමා කරන්න ද? මෙය ළමයිගේ ඉගෙනීමට තියෙන වටිනා කාලය නාස්ති කිරිමක්. (නි)
ඇමති උෂ්ණය ගහලා ළමයිනුත් අහිංසක මිනිසුන් ගස් බදීද?(නු)
පාසල් කාලය නිමා වෙනකොට ඔක්කොටම ඡන්දෙ ඉල්ලන්න පුළුවං එතකොට වැඩි දුර අධ්‍යාපනයක් ලබන්න ඕනෙත් නැහැනේ..!(නු)
මේ සිසුන් ආදර්ශයට ගන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවද? (නි)
විදුහල්පතිතුමාගේ සාක්කුවට ගාණක් එන වැඩක්ද මේක (ස)
ඇයි දරුවනේ ඔයාලට ඉගෙනීම එපා වෙලාද? අද කාලෙ වෙන වැඩ දිහා බැලුවම පාර්ලිමේන්තුවක් ළගින්වත් යන්න ළමයෙකුට සුදුසු නැහැ.. ගුරුවරු මේවා දැන ගත යුතුයි.. දේශපාලනඥයන් පිනවීම නොව ළමුන්ට රටට වැඩ දායක දේවල් කරන්න... ළමයින් මැරයින් පිස්සන් උම්මත්තකයන් කරන්නේ නැතිව..!(නු)
අපේ කට්ටියව අනුගමනය කළොත් නම් පාසලත් සුන් තමයි. (නි)
දැන් ඉන්න ළමයින්ගේ මනස විකෘති වෙලා (නි)
අනේ අපි නොදන්න පාර්ලිමේන්තුව! (නි)
අහවලාව ගෙන්වන්න වෙයි පාර්ලිමේන්තු භාෂාව උගන්වන්න (නි)
ඕවා කරාට කමක් නෑ හොරකම් මැරකම් ගැන හොයන්න එපා (ස)
සෑම පාසලකටම සුදුසු වැඩක්. (නි)
ශ්රී නාග ජාතික පාසලේ මාධ්‍ය ඒකකය විසින් දැක්වූ අදහසට බෙහෙවින්ම ස්තූතියි. ගරු විදූහල්පති කේ.වී.ආර්. කුලරත්න මහතානනි..., පාසැල් දරුවන්ට දේශපාලන විද්‍යාව උගන්වන්න කලින් ඉගැන්විය යූතු වැදගත් වෂයන් අතර පාසල් මට්ටමින් ලිංගික විද්‍යාව ඉගැන්නූවොත් මීට වඩා වටින්නේය. ඒ මන්ද පාසල් යන තරැන ගැහැණූ දරුවන් පාසැලට එන්නේ දරුවට "කිරිදිලා" පූවතක් මෑතකදී මා දූටූවෙමි. එහෙනම් ලැබෙන දරුවා විනාශ කරන්නත් පෙළබෙනවා. එහෙනම් මේවට වගකිව යූත්තෝ කවූරැත්ද...? ගැහැණූ දරුවන්ටම පමණක් නොව පිරිමි දරුවන්ටත් කියාදෙන්න මේ මේ අපරදේ කරන්න එපා කියලා. ඒ වගේම සමාජ ආචාර ගුණධර්ම වලින් පෝෂණය කිරීමත් අතිෂයින් වැදගත් බව මඟ තොටේ ඉන්න සහ යන විට පෙනී යන කරුණූය. අද කාලේ තරුණ ගැහැනු දරුවෙකුට තියා වයසක අම්මලාටවත් පාරේ බැහැලා යන්න පූළුවන්ද...? දරුවෙක් බිහි කිරීමට ඉන්න අම්මලාට නැකිටලා ආසනය නොදෙන මේ සමාජයට අවශ්‍යය දේශපාලනය නොව යහපත් ගුණ ධර්ම පූරුදූ පූහූණූ කිරීමකුයි. හරි හැටි අවබෝධයක් නොමැති මේ දරුවන් රැක බලා ගැනීම යහමඟට ගැනීම ප්‍රධාන ස්ථානය පාසලයි. ඔබ තුමන්ලගෙ වගකීමත් එයම නොවේද...? දේශපාලන විශයක් එක්කර දරුවන්ගේ මනසට තව බරක් එක්කිරීමෙන් වළකින්න. මේ වැඩ වලින් දරුවන්ට විවේකයක් නැතිවෙනවා වගේම දරුවන් අතරත් වෛයිරය,ඉර්සියාව, පලිගැනීම්, ඇති කරන්නද හදන්නේ...? මේ වට ඉඩ තියන්න එපා. ගරු විදූහල්පති තුමනි, ඔබ තුමන්ලගේ අරමූණ ඔවැනි පින්තූර වලින් සැසදිය හැකිද...? දරුවන්ගේ දූර්වළ ක්‍රියාවන් සොයා බලා අදුරට අතවනන්නේ නැතිව, මූළු රටේම ප්‍රසිද්ධ කීර්තිමත් ලේඛකයෙක් සහ දේශකයෙක් වන සමන් වීරවංශ සහ දයා රෝහණ අතුකෝරාළ, මහත්වරුන්ගේ දායකත්වය ලබා ගෙන උදාවෙන හෙටක් සදහා බූද්ධිමත් දරු පරපූරක් වෙනූවෙන් කාළය වෙන්කරන්න...!! (අ)
ලංකාවේ පාර්ලිමේන්තුවෙන් ආදර්ශයක් ගන්නවා නම් නවසිය පනස් ගණන්වල හිටපු වැදගත් මහත්වරුන්ගේ යුගයෙන් ඉගෙන ගන්න කියාදිය යුතුයි. කොහොම වුණත් කැබිනට් එක 9 දෙනෙකුට සීමා කිරීමෙන් කුඩා දරුවන් නැවත වරක් ලොකු මිනිසුන්ට ආදර්ශයක් දී ඇත. (නි)
මේ වැඩේට බනින අයට පිස්සුද මන්දා. පොඩි දරුවන්ට වැඩේ හරියට කරන හැටි පාසලේදී කියා නොදීමේ විපාක නේද අද අපි භුක්ති විඳින්නේ? (නි)
ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් නොබලන එකම රැකියාව දේශපාලනයනේ (නි)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිටකරපු කතාව නම් පංකාදුයි. රට යන්න ඕනෑ ලංකාව ගැන තේරුම් යන්න. ජය වේවා!! (නි)
ඕවට කියන්නේ රඟපෑම් කියලා.. මෝඩ නැතුව ඉගෙන ගන්න (ස)
ඉහත අදහස් දක්වු සියලු දෙනාටම ස්තුතියි. අපේ අරමුණ යහපත්,ගුණවත්,නැණවත් ,දේශපාලන සංස්කෘතියකට දරුවන් යොමු කිරීමයි. ඒ බව මේ පින්තූර වලින්ම පෙනෙනවා නේද? අදුරට ශාප නොකර අපි එක්ව පහන් දල්වමු. (නි)
පාසල් වලට මොකද මේ වෙන්න යන්නේ (ස)
අළුත් දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය කාලයක් මේක (නි)
ප්‍රවේසමෙන් ...සුදු වෑන් ඒවි (ස)
අර මොකද්ද කර්නල් පට්ටමක් ඕන වෙලා වගෙයි ?????(ස)
මේවා පිස්සු වැඩ. පාසල් පද්ධතියත් විහිලුවක් වෙනවා මේවා නිසා. (නි)
ඉගෙන ගන්න, උගන්නන්න තියන කාලය මේ වැඩවලට යොදවලා ගුරුවරු ටික අත් බැඳගෙන ඉන්න අපූරුව බලන්නකෝ. පව් මේ දරුවො ටික. මේ වැඩ පාසල් නිවාඩු කාලවල කළා නම් හොඳයි , අර සෙල්ලං ගෙවල් දානවා වගේ. (නි)
ඡන්දයකින් තේරුවා කිව්වට හැකි නම් තව සොයලා බලන්න. (නි)
ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නේ? හරිහමන් ඉතිහාසෙවත් නොදන්නා මේ ළමයිට මොන දේශපාලනයද? කොයිදේ කරන්නත් මූලින්ම ඉගෙනීම අවශ්‍යයි. මේ වැඩ වලින් බලාපොරොත්තු වන්නේ මොකද්ද? අනාගතේ නිකම්ම නිකන් හිස් ඔලූගෙඩි මෝඩ මැට්ටෝ බිහි කිරීමද? බොරු වැඩ වලට කාලේ නාස්ති නොකර පාසලේ විශයන් කෙරෙහි හිත යොමූ කිරීම මීට වඩා නූවණට හූරුය. දේශපාලන විද්‍යාව උගන්වන්න දැන් එහෙනම් පෞද්ගලික පංතිත් කඩිනමින් ආරම්භ කරාවි. මෙන්න වැඩ...!! මේ වැඩ වලටයි බෝඩ් එල්ල ගෙන කෑගැසිය යූත්තේ..!! ඔය ගමේ කෝ දෙමාපියෝ, වැඩිහිටියෝ.....? (නි)
අපි කරන්නේ පාර්ලිමේන්තුව අභිබවා ගිය නව්‍යකරනයක් (නි)
සුදුසු වැඩක්. ඒත් ලංකාවේ පාර්ලිමේන්තුව නම් ආදර්ශයට ගන්න එපා.(ස)
මේක හොද අදහසක්. අනාගතයේ දේශපාලනය කරන්න ඉන්න අයට ඒ ගැන හොද අවබෝධයක් දෙන්න ඕනෑ. නැත්තම් අද ඉන්න සමහර අය වගේ මෝඩ මැටි හරක් ටිකක් බිහි වෙයි. (නි)
අනාගතය ගැන බයකුත් දැනෙනවා
පිස්සු කතා කරනවාද
හීනෙකින්වත් හිතන්න එපා පුතේ