(පී.ටි.අයි සහ ද හින්දු ඇසුරිනි -- 055)
ධීවර කටයුතුවල යෙදී සිටියදී මියගිය තමිල්නාඩු ධීවරයා සම්බන්ධයෙන් බරපතළ කරුණක් ලෙස සලකමින් ශ්‍රී ලංකාව ඊට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය රජය බලාපොරොත්තු වෙයි.
නාවික කටයුතුවල යෙදී සිටියදී මියගිය 21 හැවිරිදි බි්රජෝගේ සිරුර බාරගැනීම මේ වනවිට තමිල්නාඩු ධීවරයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර ඔවුන් තෙවන දිනයටත් ධීවර කටයුතුවල නිරත වන බව ද ඉන්දියාවේ පී.ටි.අයි පුවත් සේවය වාර්තා කළේය.
එමෙන්ම තමිල්නාඩු ධීවරයෝ පෝක් සමුද්‍ර සන්ධියේ සාමකාමීව ධීවර කටයුතුවල නිරත වීමටත් ඉන්දු ලංකා ධීවර අර්බුදයට කල් පවත්නා විසඳුමක් දෙන ලෙසත් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම්ද ඇතුළු ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙඩි තැබූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්රමුඛ ඉන්දීය ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට ද ඉන්දීය ධීවර සංගම් චෝදනා එල්ල කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සොලී රටේ සොලින් හෙවත් අද තමිල් නාඩු මිනිසුන් එදත් ලංකාවට කරදරයක්, අදත් කරදරයක්.
රටේ සම්පත් මෙසේ මංකොල්ල කෑමට ලෑස්ති වෙන්නේ නම් ආණ්ඩුව දෙපැත්තට වැනෙන්නේ නැතිව දැඩි පියවරක් ගත යුතුය.