ඉන්දියා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් 105 දෙනකු නිදහස් කර යළි දිවයිනට ගෙන්වා ගැනීමට රජය රුපියල් විසිදෙලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පසුගිය මාස නවයේ දී වැය කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුවේ සහාකර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා මහතා පැවැසීය. මේ ධීවරයෝ ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, තංගල්ල, හලාවත, මීගමුව, බේරුවල අය වෙති.