ධීවර සංස්ථාව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස පවත්වාගෙන යෑමට යෝජනාවක් ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා අද (4) පැවැසීය.
ධීවර සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද පිළිබඳව මේ සතිය අවසන් වීමට පෙර තීරණයක් ගන්නා බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර පැවැසීය. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව සැකසෙමින් පවතින බවත් එය ලබන සතියේදී අමාත්‍ය මණ්ඩල හමුවට යොමු කරන බවත් ඇමැති සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් විශාල රාජ්‍ය සේවයක් තියාගෙන රටකට ඉදිරියට යන්න බැ. දැනට ලක්ෂ 15 ක් විතර ඉන්න අයට පඩි ගෙවන්නත් සල්ලි නැ. හොදම දේ ලක්ෂ 8 කට විතර අඩු කරන එක. (බ)
පහුගිය රජය පටන්ගත් ඉතා සාර්ථක වැඩපිළිවෙලක් මේකේ තිබුනා. අලෙවිසැල් විවිධ තැන්වල දාලා. මේ කරන්න යන දේ කරන්න එපා. ආයතන ටික විනාශ කරන්න එපා. (නි)
ටැක්ස් වලින් විතරක් ආණ්ඩුව දුවන්න හදන්නේ නැතුව රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කරලා පුළුවන් දෙයක් හරි රටට දෙන්න බලන්න. කළමනාකරණය නිවැරදි කළොත් ධීවර සංස්ථාව පාඩු වෙන්නේ නැහැ. (නි)
රට වටේම මුහුද. මුහුදු වෙරළ දිගටම ධීවර පැල්පත්. ධීවර පැල්පත් පිරෙන්න දුප්පත්කම. ධීවර සංස්ථාව කොට උඩ. වෙන රට වල ධීවරයෝ අපේ ධීවර සම්පත් කොල්ලකනවා. මාළු ගිනි ගණන්. ප්‍රෝටීන හීනතාවය ළදරු මරණ වලට ප්‍රධාන සාධකයක්. මෙන්න අපේ විශ්මලන්තය!! (නි)
අරවින්ද, ඔය කියන රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කරන්නේ කොහොමද ඉහළ සිට පහළටම හොරකම් කරනකොට? (නි)
ධීවර සංස්ථාව ජනතා සන්තක කරන්න වගෙයි (බ)
කරන්න බැරිනම් ඇමතිය ඉල්ලා අස්වෙනවා මිසක් සංස්ථාව විකුණලා හරියනවාද? (ම)