(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ධීවර වරායේ නැංගුරම්ලා ඇති බහු දින යාත්‍රා වන්හී අද (31) අලුයම සිට කලු කොඩි ප්‍රදර්ශනය කර තිබේ.
මේ පිළිබද බහු දින යාත්‍රා සංගමයේ ලේකම් ලූෂන් ඩෙනිස් පෙරේරාගෙන් විමසූවිට ඒ මහතා
ප්‍රකාශ කළේ ජනවාරි සිට ජාත්‍යන්තර මුහුදට යන සියලු යාත්‍රා සදහා ටැබ් යන්ත්‍ර සවි කිරීම අනිවාර්ය කිරීමට විරෝධය දැක්වීමට මෙසේ කලු කොඩි ඔසවා ඇති බව යි.
මෙම ටැබ් යන්ත්‍ර සවි කිරීම මගින් ධීවරයන්ට මසුන් මැරීමට ඇති අයිතිය අනවශ්‍ය ලෙස පාලනය වීමක් සිදුවන නිසා බහු දින යාත්‍රිකයින් ඊට විරෝධය දක්වන බැව් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂක අයි.එම්.ජී.සරත් චන්ද්‍රනායක මහතාගෙන් කළ විමසීමේ දී එතුමා පවසා සිටියේ ධීවර යාත්‍රා අපගේ මුහුදු සීමාව වන නාවුක සැතපුම් 200 ඉක්මවා යාමේදීත්, විවිධ රටවල දේශසීමා උල්ලංඝණය කිරීමේදීත් ජාත්‍යන්තර නීති කොන්දේසි කඩවීමේදීත් නීතිමය පියවර ගත හැකි බැවින් මෙමගින් ජාත්‍යන්තර වශයෙන් මුහුදු සීමා උල්ලංඝණය පාලනයක් වීමක් සිදු වන බවයි.
බහු දින යාත්‍රාවන්හි ධීවරයෝ මීට පෙර ලොග් සටහන් පොතක් පාවිච්චි කළ බවත් මෙම නව ටැබ් යන්ත්‍රයත් එවැනිම විද්යුත් දත්ත සටහන් වීමක් සිදුවීමක් බවත් යථා කාලයේ දී මෙම ටැබ් යන්ත්‍ර සවි නොකල යාත්‍රාවන්ට ධීවර මෙහෙයුම්වල නිරත වීම සපුරා තහනම් බව එතුමා පැවසුවේය.
පුත්තලම ධීවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාකාරී බහු දින යාත්‍රා 44 කට මෙම ටැබ් යන්ත්‍ර නොමිෙල් බෙදා දීමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය පිලි නොපදින අය ටැබ් නැතිවම හොයාගතහැකි
ගැඹුරෙන් ඇති ප්‍රශ්න නොතකා මතුපිටින් ඇති ප්‍රශ්න වලට විසඳුම් සෙවීමෙන් පලක් නැත. නීතිය හෝ සාමය ගැන පුර්වාදර්ශ නොමැති රටක ධීවරයින් නීතිගත කිරීමට නොහැක. සමස්ථ රාජ්‍යතන්ත්‍රය ජනතාවාදී මෙන්ම දේශාභිමානි විය යුතුය. පාලනතන්ත්‍රය තුල පුර්වාදර්ශ නොමැති කල්හි මුළුමහත් සමාජ ක්රමයෙහි පිරිහීම කිසිලෙසකින්වත් වැළක්විය නොහැක.
ඇත්තටම මේ ටැබ් සවිකිරීම මගින් ධීවර කටයුතු කරන අය සොයා ගැනීම මුහුදු සීමාවන් උල්ලංඝනය කිරීම වගේ දේවල් පහසු කරනවා. කල්පිටියේ ධීවරයින්ටයි ඔවුන්ගේ නීති විරෝධී කටයුතුවලට අපහසුවක් මේ ටැබ් එක. අපි නොදන්න කල්පිටිය කොටි සංවිධානයට අවශ්‍ය ඉන්ධන සහ වෙනත් අවශ්‍යතාවයන් සැපයූයේ මොවුන්. ඉතින් ටැබ් එක තිබිලා කොහොමද?
එහෙනම් මීට පස්සේ නැති වුණා ධීවරයන් සෙවීම නවත්වන්න. ඒ අයට වුවමනා විදිය එ්ක නම් එහෙම වෙන්න දෙන්න හැමදේම... මොකද්ද මේ?
වෙනත් රටවල දේශසීමා උල්ලංඝණය කිරීම වැලැක්වීම, ධීවරයන්ට මසුන් මැරීමට ඇති අයිතිය අනවශ්‍ය ලෙස පාලනය වීමක් වන්නේ කෙසේද?
මේවා සවිකළාම අාවේ ගියේ කොහෙද? දැන් ඉන්නේ කොහෙද කියන එක ගොඩ ඉඳන්ම බලාගන්න පුළුවන්... එතකොට කේරල ගංජා, කුඩු සහ වෙන හොර ජාවාරම් කරන්න අමාරුයි.
මේ ගොල්ලන් ධීවරයෝ කිව්වට මුහුදු ගිහිල්ලා ගේන්නේ මාළු විතරක් නෙමෙයි. එ්කයි ටැබ් වලට බය වෙලා තියෙන්නේ...