රුපියල් මිලියන 113ක වියදමින් අළුතෙන් ඇතිරූ කෘතිම ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු සඳහා සුගතදාස ක‍්‍රීඩාංගණය තාවකාලිකව වසා දැමීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.
ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට ලබන සැප්තැම්බර් 2-3 යන දිනවල එහි දී පැවැත්වෙන ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා උළෙල අවසන්වීමෙන් පසු සුගතදාස ක‍්‍රීඩාංගණ ධාවන පථය අළුත්වැඩියා කටයුතු සඳහා වසා තැබේ. කෘත‍්‍රිම ධාවන පථය අළුතින් අතුරා විවෘත කර මාස තුනක් ඉක්ම යාමට මත්තෙන් එහි කඩතොලූවීම් කීපයක් හේතුවෙන් අළුත්වැඩියා කිරීමට සිදුවීම මේ වනවිට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
එහෙත් එම ඉදිකිරීම් බාරව කටයුතු කළ දේශීය නියෝජිත ආයතනය වන ගහකොළ ආයතනය පවසන්නේ එය කලබලවීමට කරුණක් නොවන බවත් ඉතා සුළු කඩතොලූවීම් කීපයක් ගැන ලැබී තිබෙන වාර්තාවලට අනුව ඒ සම්බන්ධයෙන් ඉදිකිරීම් කළ විදේශීය නියෝජිත ආයතනයේ අවධානය මේ වනවිටත් යොමුකර තිබෙන බවයි.
මේ අතර නව කෘත‍්‍රිම ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු නිමා කෙරෙන තෙක් එහි කලින් යොදාගෙන තිබූ මලල ක‍්‍රීඩා තරගාවලි කීපයක් අත්හිටුවීමට සිදුවී ඇතැයි ද වාර්තාවේ.
ඒ අතර ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන මලල ක‍්‍රීඩා සහය දිවීමේ සැණකෙළිය ද වේ. ලබන සැප්තැම්බර් 7,8,9 යන දිනවල එය පැවැත්වීම සඳහා සුගතදාස ක‍්‍රීඩාංගනය වෙන්කරවා ගෙන තිබුණත් උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ තරගාවලිය දැන් ලබන සැප්තැම්බර් 14,15,16 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වීමට අළුතින් දින නියම කරගෙන තිබේ. මේ අන්දමට සුගතදාස ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට යොදාගෙන තිබූ තවත් ප‍්‍රධාන පෙළේ මලල ක‍්‍රීඩා තරගාවලි කීපයක් කල් දැමීමට සිදුවී ඇතැයි ද වාර්තාවේ.
වාර්තාවන පරිදි නව මලල ක‍්‍රීඩා ධාවන පථයේ පිටියේ ඉසව් පැවැත්වෙන ස්ථාන කීපයක කඩතොලූවීම් හා දෝෂ හට ගැනීමෙන් මේ තත්ත්වය උදාවී තිබෙන අතර නව ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු ප‍්‍රතිපාදනවලින් රුපියල් මිලියන 30ක ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරිය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ විධානයෙන් තීරණය කර තිබෙන බවද දැනගන්නට ඇත. නව ධාවන පථය විවෘත කිරීමෙන් පසු එහි පැවැති පළමු අන්තර් ජාතික තරගාවලිය වන 15 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලිය පසුගිය ජූනි 9,10,11,12 යන දිනවල එහි දී පැවැත්වුණි.
ශ්‍රී ලංකාව එහිදී රන් පදක්කම්, රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙක බැගින් දිනාගැනීමට සමත් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනි නම් කොළ පාටටත් තියෙනවා. http://www.plexipave.com/track/colorizer.html (නි)
කොමිස් වල ප්‍රතිපල.(ස)
මොනවා හරි කියලා කමිටුවට දාවි...(ස)
ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ .කොන්ත්‍රාත් කරුවන්ගේ වැඩනේ....(ස)
අයියෝ සල්ලී... අලි මදිවට කොටි කිව්වලු...(ස)
නිල් පාට ධාවන තීරු කළින් දැකලම නැහැ. (නි)
මම පළමු වරටයි දැක්කේ නිල්පාට ධාවන පථයක්. මේවා රතුපාටට නේද සාමාන්‍යයෙන් තියෙන්නේ? (නි)
රටට මොනවා වුනත් කමක් නැහැ. කළගුණ සැළකීමට මේ පාරත් ඡන්දය දෙන්නකෝ. ලංකාවේ ඉන්නෙ අඳ - ගොලු - බීරි ජනතාවක් කියලා එතකොට මුලු ලෝකෙම දැනගන්නේ නැතෑ. අයියෝ සල්ලි! (නි)
ධාවන පථය නිල් පාට ඇයි? (නි)