සබරගමුවේ පැවැති අයහපත් කාලගුණය නිසා පැය හතර හමාරක ප්‍රමාදයකින් පසුව කපිලවස්තුපුර සර්වඥ ධාතු වහන්සේ අද පස්වරු 2.30ට අනුරාධපුර මහජන ක්‍රීඩංගනයට ගුවනින් වැඩම කරවනු ලැබූහ. ඒ වනවිටත් ධාතු වන්දනාව සඳහා පෙළ ගැසී සිටි පෝලිමේ දිග කිලෝ මීටර් තුනක් පමණ දික්විය. රුවන්වැලි චෛත්‍යාරාමධිපති පල්ලේගම හේමරත්න නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නය ද මැතිඇමැතිවරුන් ද මහජන ක්‍රිඩාංගනයේ සිට සම්බුද්ධ ජයන්ති විහාරය දක්වා ගමන් ගනිද්දී ධාතූන් වහන්සේ රැගත් පෙරහැරේ ගමන් ගනිද්දී ගුවනින් මල් ඉසිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාතු ප්‍රදර්ශනය කිරීම තුලින් වෙන වෙන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ නොකරන්න..මේ අපේ නිර්මල බුදුදහමයි...(ස)
මේවා සර්වඥ ධාතු (නි)
ධාතු වන්දනාව යන අතරේ අැතැමුන් බුද්ධ, ඉස්ලාම්, හින්දු, ආගම වලට බනිනවා, කිතු දහමට විතරයි බනින්නේ නැත්තේ (වි)
සාධු...සාධු...සාධු...සාධු...
පුදුමත් හිතෙනවා
සාධු.......... සාධු.........(දී)
බුදු සරණයි (දී)
මගේ රටට දළදා හිමි පිහිටයි
පද්මී එතකොට වැස්ස වළාහක දෙවියෝ මේ පැත්තට ආවේ නැත්තේ ඡන්දය ඉලක්ක කරගෙනද ??(ස)
අති නිර්මල බුදු දහමට මේ කරන ගෞරවයට හැමෝටම පින්....තවමත් අපේ රටේ ගුණ යහපත් මිනිස්සු ඉන්නවා...සතුටුයි...(ස)
මේ වැඩේ කරල තියෙන්නේත් ඡන්දය ඉලක්ක කරගනද කියලා හිතෙනවා මේක ප්‍රදර්ශණය කරන පළාත් දිහා බලපුවාම..!!(නු)
ජාතික හා ආගමික කටයුතු වලදී සියලුම දෙනා දායකත්වය ලබාදිය යුතුයි.අනෙකුත් ආගම්වල පූජකතුමන්ලාට ආරාධනා කොට ආගමික කටයුතු සමගියෙන් කළ යුතුයි.එවිට ජාතික සමගිය ඇතිවෙනවා සේම රටේ දියුණුවටද බලපානු ඇත. සාදු ! සාදු !සාදු..... (ස)
ඇත්ත කතා කළොත් එයා ද්‍රෝහියෙක් වෙනවා (නි)
ජීවමාන බුදුන්ගේ අනුහසින් රටට සෞභාග්‍යය උදාවේවා! (නි)
මිනිමරුවන්, ස්ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන්, පගා කරුවන්, කුඞු මුදලාලිලා ප්‍රංශයේ නැති නිසා සම-හරක් අදහස් ලියා එවා ඇත. (නි)
මොනවා නැතත් අපි දැන් දාතු වඳිනවා..සාදු ! සාදු !සාදු..........(ස)
හර්ෂන සහෝදරයා, අපි කාලයක් ඇන කොටා ගත්තේ භාෂාමය ප්‍රශ්නයක් මුල් කර ගෙනනේ. අපි එයින් සියළු දෙනා අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා කීවොත් නිවැරදියි. දැන්වත් මෙවැනි දේ අගය කළ යුතුයි. ජාතික හා ආගමික කටයුතු වලදී අනෙකුත් ආගම්වල පූජකතුමන්ලාට ආරාධනා කොට ආගමික කටයුතු සමගියෙන් කළ යුතුයි. ඒ වගේම අපිද ඔවුන්ගේ මෙවැනි කටයුතු වලදී අපේ දායකත්වය ලබාදිය යුතුයි. එවිට ජාතික සමගිය ඇතිවෙනවා සේම රටේ දියුණුවටද බලපානු ඇත. (නි)
සමහර පළාත්වල විතරක් ධාතු ප්‍රදර්ශනය කරන්නේ ඇයි....(ස)
සාධු... සාධු... සාධු...! (නි)
නිමල්, මේවා මෝඩ වැඩ. (නි)
මෙහෙම යනකොට තව තව දේවල් ඉදිරියට අපිට දැකගන්න පුළුවන් (නි)
අජිත් අනුන් කරන පිනක්වත් අනුමෝදන් වෙන්න වාසනාවක් ඔයාට නැහැනේ. කොසොල් රජුගේ දානය ගැන අපහැදුණු අය අපාගත වුනු හැටි අහල නැද්ද. ඒක අමතක කරන්න එපා. අපරාධකාරයෝ ලොව කොහෙත් සිටිති. එයාලා එක්කොම ඔයා වගේ හිතන අයයි. පහුවෙලා හරි කෙනෙක් හොඳ වෙනවනම් එය කාගේත් යහපතට බව සිතන්න. (ස)
මේ පූජකයන්ව ගාව ගත්තේ මොනවටද ? (ස)
ආගමික වැඩවලටත් කෙනෙහිලි කමි ලියන විදෙස්ගත ලාංකිකයක්ටත් ඉර පායනවනෙ (අ)
මේ ධාතූන් වහන්සේලා නිදන් කරතිබූ කපිලවස්තුපුර චෛත්‍යෙයෙන් සොයා ගත්තු කුඩා කරඬුවේ බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියා තිබුනේ බුදුරජුන්ගේ නෑයන් විසින් උන්වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළ බවයි. ඒ නිසා විවිධ තැන්වල ධාතූන් කොතෙකුත් තිබුණද කපිලවස්තු ධාතූන් වහන්සේලා සැබෑම සර්වඥ ධාතූන් බව පැහැදිලියි. ඒ අසිරිමත් ධාතු කෙරෙහි සැදැහැ සිත් උපදවාගෙන ජීවමාන බුදුන්ට වදින අයුරින් අපේ බෞද්ධයන්ට සැක හැර වන්දනා කරගත හැකියි. (ස)
මිනිමරුවෝ ස්ත්‍රී දූෂකයන් බාල අපරාධ කරුවන් පගා කරුවන් කුඞු මුදලාලිලා මේ සියලුම දෙනා ධාතු වදිනවා සාදු සාදු සාදු (ස)
සාදු ! සාදු !සාදු..... (අ)
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍යක් පෙරුම් පුරලා බුදු වන ආත්මයේ සියලු සැප අත් හැරලා අවුරුදු හයක් දුෂ්කරක් ක්‍රියා කරලා බුදු වුන බෝසතානන් වහන්සේගේ දාතූන් වහන්සේලා බලන්න ඕන වෙලාවක් බලා සිටින්න අපේ රටේ සැදැහැවත් බෞද්ධයන්ට පුලුවන්. (ස)
දේශපාලකයෝ වනාන්තර ගස් වැල්විනාස කරපු නිසා වර්ෂාව නැහැ. දාතු ප්‍රදර්හනයෙන් වත් වර්ෂාව ලැබේවි දැයි බලමු. (ස)
සර්වඥ ධාතූන්වහන්සේලාගේ අනුහසින් රජරටට වැසි ලැබේවා (අ)