
(නිමල් ජයරත්න සහ එල්.පී.ඩී. බන්දුරත්න )
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේදී අද අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියාගේ කකුල ආබාධ වීමෙන් මැණික්වෙල ගම්මානයේ සැරිසරිමින් සිටින බව වැලිකන්ද වනජීවි නිලධාරීන් පවසති.
29 වෙනිදා අලුයම දෙකයි තිහට පමණ දුම්රියේ ගැටුණු මෙම වන අලියා අවුරුදු තිහක පමණ,වයසති පිරිමි සතකු බවත්,උස අඩි අටක් පමණ වන බව වැලිකන්ද අඩවි වන නිලධාරී සී.ඒ.වනසිංහ මහතා සඳහන් කළේය.
දුම්රියේ ගැටුණු එම වන අලියාගේ පිටුපස පාද දෙකම දැඩි ලෙස හානි සිදුව ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරති.
එම වන අලියා අසාධ්‍ය තත්ත්වයෙන් මාර්ගයේ හා,ගම්මානයේ අතුරු මාර්ගවල ඇවිදෙන අතර,අලියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවි කණ්ඩායමක්,පිටත් වී ඇති බව වී ඇති බවද වනසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd