(අංජුල මහික වීරරත්න)

ආසියා සංවර්ධන බැංකුවේ (ADB) මුල්‍ය දායකත්වයෙන් සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (Health System Enhancement Project) අනුග්‍රාහකත්වයෙන් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් වෑන් රථ 3ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බාර දී තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම වැන් රථ නිල වශයෙන් බාරදීමට කටයුතු කෙරිණි.

මෙම ආසන 16 කින් යුත් ටොයොටා හයිස් වර්ගයේ KDH වෑන් රථ හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ ගාල්ල නිරෝධායන මධ්‍යස්ථාන වලින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී කටයුතු කරනූ ලැබීය.