(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

​දිවුලපිටිය, වෑවගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක අද ඇතිවූ හදිසි ගින්නකින් එම කම්හල විනාශයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

​හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් එම ස්ථානයට යොමු කර තිබූ අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ජල බවුසරද ඒ සඳහා යොදවා තිබිණි.

ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක් දරමින් ගින්න පාලනය කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටිනු දකින්නට ලැබිණි.

​ගින්න හටගැනීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදුව ඇති දේපළ හානිය පිළිබඳව ද මෙතෙක් ගණන් බලා නොමැත. එමෙන්ම මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, දිවුලපිටිය පොලිසිය සහ ගිනි නිවීමේ ඒකකය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරයි.