
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපියල් කෝටි ලක්ෂයකට වටිනාකමින් යුත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50 ක් පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 36 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
2016 තොරතුරු දැනගැනීමේ පනතෙහි වගන්ති අංක 9 ප්‍රකාරව ව්‍යාපෘතියකට අදාළ තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ප්‍රසිද්ධ කළ යුතු බවත් ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය සහ මුල්‍ය වාර්තා, ව්‍යාපෘතියට අදාළ අනුමැතීන්, ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්තු එම කාණ්ඩ 5 බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ප්‍රසම්පාදනය සම්බන්ධ තොරතුරු පමණක් සැලකුවහොත් එම ව්‍යාපෘති 50 පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇත්තේ සියයට 21 ඉතාමත් අඩු ප්‍රතිශතයක් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. එම මහා පරිමාණ ව්‍යාපෘති 50 න් 21ක් දේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, 29ක් විදේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, ක්‍රියාත්මක වන බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය.
තොරතුරු හෙළි නොකිරීම වංචා සහ දූෂණවලට ඉනිමං තැනීමක් බවත් මහා පරිමාණයෙන් මුදල් ගැවසෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැලකූ විට එය වඩා බරපතළ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල අකටයුතුකම් සිදුවුවහොත් එය රටේ ආර්ථිකයට තදින්ම බලපාන බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැවැන්ත ව්‍යාපෘති 50 ක තොරතුරු තවමත් ජනතාවට වහං කරගෙන
Rata Perata Tuesday, 03 September 2024 11:53 AM
ඕක තමා මම කියන්නේ 'පුළුවන් ශ්‍රීලංකා 'කියලා