කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් දොළොස් දහසක් අයාලේ යා නොදී පුනරුත්ථාපනය කෙළේ ඔවුන් සමාජයට වැඩ දායක පිරිසක් බවට පත් කිරීමට යැයි මහින්ද රාජපකෂ ජනපති අරලියගහ මන්දිරයේ දී පැවැසීය. සමාජගත අභ්‍යාස ලාභින්ට ස්වයං රැකියා සඳහා ණය දෙමින් ජනපති කීවේ ඔවුනට තම ගම්රටවලට ගොස් නිදහසේ සිය ජිවන මාර්ගය සලසා ගැනීමට රජය සියලු ඉඩකඩ සලසා ඇත බවයි. උතුරු සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 40000ක් වැය කැර ගෙන යන බව ද ජනපති කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් චන්දෙ දෙන්නෙත් අපිනේ .(දී)
ප්‍රාදේශිය සභා මන්ත්‍රීලාවත් පුනරුත්ථාපනය කළ යුතුයි කිවුවෙ, මේ පුනරුත්තාපනය සහ කප්පාදු කිරීම යන වචන දෙක්ම තියෙන්නෙ එකම තේරුමක්ද එතකොට? (නි)
අවුරුදු 30ක යුද්ධයෙන් පසු රට ගොඩ නැගීමට උත්සාහ දරන ජනපතිතුමාට අකුල් හෙළන්න එපා...කිවුවට උත්සාහ කරලා ඉවර වෙද්දි අපිට රටක් ඉතුරුවේද කියන එකනෙ ප්‍රශ්නය, මේ යන විදියට. අනේ මන්දා මට ඕවා ගෑන තේරුමක් නෑ වගේ. (නි)
නවලෝකෙද නෑතිනම් ආසිරි එකේද සෑත්කම කළේ? මොන බොරුද, ආයෙ එකතු වුණොත් නිකන් ඉදී. (නි)
මනුෂ්‍යයා තමයි දේවත්වයට යන්නෙත්, බුද්ධත්වයට යන්නේත්, තිරිසන් වන්නෙත්. මේ ලෝකයේ තියෙනවා ලෝක තුනක්. ඒවා තමයි මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක සහ තිරිසන් ලෝක ( දිව්‍ය ලෝක යටතට වැටෙනවා බ්‍රහ්ම ලෝකත්) මනුෂ්‍යයා මැරුණට පස්සෙ ස්වභාව ධර්මය ආරක්ෂා වුණොත් පමණයි මනුෂ්‍යයා කළ පිං , පව් අනුව ස‍්වභාවිකව මේ ලෝක තුනෙන් එකකට ගිහින් ආත්ම භවයක් ලබන්නෙ. මෙලෙස ස්වභාව ධර්මය ආරක්ෂා වෙලා තිබෙන කම් පමණයි මනුෂ්‍යයන්ට ඕනම පවක් ස්වභාවිකව බේරා ගන්න පුළුවන් වන්නේත්, සංසාරයේ ස්වභාවිකව ගමන් කරන්නට සහ ජීවත් වෙන්නට පුළුවන් වන්නෙත්. මේ සෑම දේකටම මනුෂ්‍යයා ස්වභාවිකව ජීවත් වෙලා ස්වභාව ධර්මය රැකගත යුතුයි. (නි)
පුල්ලි මැකීමට වඩා පුල්ලි ඇති නොවන ලෙසට කටයුතු කිරීම තමයි වඩා හොඳ. ලේ ගංගා වල පීනන්නට නැවත සිදු නොවේවා! (නි)
මිනීමරු පුල්ලියන්ගේ පුල්ලි මැකෙන්නෙත් නැහැ, ඔවුන්ට පරණ දේවල් අමතකත් නැහැ. (නි)
ප්‍රාදේශිය සභා මන්ත්‍රීලාවත් පුනරුත්ථාපනය කල යුතුය.(වි)
ජුලම්පිටියෙ අයත් පුනරුත්තාපනය කරයිද දන්නෙ නෑ. (ස)
රොහාන් ලේ දැකීමේ අසාවෙන් ඉන්න මානසික රෝගියෙක්ද?(ස)
රංග ඔබ හරි. මේ වෛරයෙන් පෙලෙන සිංහල ජාතිවාදින්වත් පුනරුත්තාපනය කරන්න ජනපතිතුමනි.(ස)
මොන පිස්සුද . කැලේ විතරයි මාරු උනේ. (දී)
මුතුන් මිත්තන්ගේ කතා අමතක කරන්න එපා (දී)
අතීතය අමතක කරන්න එපා(දී)
එයාලට ස්වයං රැකියා. නමුත් අහිංසක ගොවියන් සහ ශිෂ්‍යයන් අමාරුවේ. (නි)
පුල්ලි මෑකුවට උපතින්ම එන පුල්ලි ආපහු එනව ටික කාලයක් යද්දි. හෑබෑයි අපි පෑරදිලා මස් වෑද්දො ටික දිනුවනම් අපේ පන කෙන්දත් නෑතිකරන්න ඒ තරම් වෙලා යන එකක් නෑ උන්ට.(වි)
රංග , ඔයාට එන්.ජී.ඔ වලින් කියක් ලැබෙනවද ?(දී)
අවුරුදු 30ක යුද්ධයෙන් පසු රටගොඩනැගීමට උත්සාහ දරන ජනපතිතුමාට අකුල් හෙලන්න එපා...(ස)
"...සමාජගත අභ්‍යාස ලාභින්ට ස්වයං රැකියා සඳහා ණය දෙමින් ජනපති කීවේ ඔවුනට තම ගම්රටවලට ගොස් නිදහසේ සිය ජිවන මාර්ගය සලසා ගැනීමට රජය සියලු ඉඩකඩ සලසා ඇත බවයි...." ඒක තමා මේ අය බෝට්ටු වල නැගල ඕස්ට්‍රේලියාවට යන්න පටන් අරගෙන තියෙන්නේ. (නි)
රජිත්, මංජුල සහ සුභාෂිනි වගේ ජාතිවාදින් නිසා තමයි යුද්ධ ඇතිවන්නේ. දෙමළ ජාතිවාදින් වගේම මේ සිංහල ජාතිවාදින්වත් පුනරුත්ථාපනය කළ යුතුයි. (නි)
මේවා මහා භයානක වැඩ.. කොච්චර කොහෙම කළත් කැලේ මාරුඋනාට පුල්ලි මැකෙන්නෙ නැහැනෙ.. මේගොල්ල හංගපු ආයුධ එහෙමත් ඇති.. බන්ධනාගාරෙ රුදවියෝ ටිකගෙ වැඩ දැක්‍කනෙ..(නු)
කැලේ මාරු උනා විතරයි නිරිදුනි .පුල්ලි මාරු නොවේ ! (දී)
කොටියගේ කැළේ වෙනස් වුණා කියලා පුල්ලි වෙනස් වෙන්නේ නැහැනේ. (නි)
කොටියගේ කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙන්නේ නෑ නේ...(ස)
ජීවන වෘත්තියක් සොයාදීම හොඳ දෙයක්...(ස)
මට නම් ෂූවර් නැහැ. (නි)
බොරුද කොටිය කොටියම තමයි (දී)
මෙවන් උතුම් මිනිසකු අපේ රටට නැවතත් නම් නොලැබේවි. (නි)