(මුදිතා දයානන්ද)
ගල්ගමුව කැලෑවක වැවක් අසල තිබී සොයාගත් ඇත් මළ සිරුර මාස දෙකකට පෙර අතුරුදන්වූ දළ පූට්ටුවාගේ බවට මරණ පරික්ෂණයේදි තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
මෙය වෙඩි තබා සිදුකරන ලද ඝාතනයක් බවට තහවුරු වී ඇති අතර මියගොස් සිටි ඇතාගේ ද දළ කපා ඇති බවට සළකුණූ තිබු බවත් දළ පුට්ටුවාට වෙදකම් කළ වෙද මහතා විසින් ඒ දළ පූට්ටුවාම බවට හඳුනාගත් බවත් පොලිසිය පවසයි.
ඒ අනුව ආගමික වතාවත් සිදුකර ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අවසන් කටයුතු සිදුකරන බවද පොලිසිය පවසයි.
මේ අතර දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසන් කටයුතු කරන්න ඕනේ ඇතාගේ නෙවෙයි. මෙච්චර වටිනා සම්පතක් විනාස කරපු අයගේ...
පේනවා නේද මේ රටට වෙන වින්නැහිය? ස්වභාවික අපදා, රිය අනතුරු, මිනී මැරුම්. කාලකන්නි පව් වැඩ කරනකොට තමන් විතරක් නෙවෙයි පවුල් පිටින් හැඳි ගැවිලා යනවා. ජීවත් වෙවී මැරෙනවා! ආත්ම ගානක් පටිසන් දෙනවා. වන ජීවී ඇමති නව නීති ගෙනල්ල ගෙවල්වල සුරතලේට හදන අලිත් පින්නවලට අරන් ගියා මේ වනජීවී ඇමතිට බැරිවුනා කැලේ ඉන්න අහිංසක සත්තු ඝාතනය කළවිට එයට ඉතා තද බල දඬුවම් දීමට සහ නීතියේ රැහැනින් පලා යාමට ඉඩ නොදීමට නීති ගෙන ඒමට. යහපාලනයේ මෙවන් බොරු රඟපෑම් විතරක්ද තියෙන්නේ.
රජය හිතන වේදියාට අපිට තියන ප්‍රශ්න ( බිම පැකට්ටුවේ සිනි.. ) සිකරට් පැකට් 1 තියෙන ෆොටෝ.. මේ රටේ ඔයිට වැඩිය දේවල් ගොඩක් තියනවා අපිට තියනවා රැකගන්න..........
මේ ඇස් පෙනෙන්නේ නැති අහිංසක ඇත් රාජයා නිර්වින්දනය කරලා අල්ලාගෙන මහජනයාට බලන්න අලි අනාතාගාරයට ගෙන ඵන්නත් අදහසක් වන ජීවී දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආවේ නැත්තේ මොකද? ? ඵයාලත් මේ ඇත් දළ ජාවාරම්කරුවන්ගේ හිතවතුන්ද? මේ සමබන්ධයෙන් මහජනතාවට බලවත් සැකයක් ඇතිවී ඇත ගරු ජනාධිපතිතුමනි මේ සමබන්ධයෙන් සොයා බලන්න.
නීතිය නවල හරි මේක කරපු කාලකන්නි මාරයෝ ටිකට මරණ දඬුවම ලබා දෙන්න.
මේ ජාතික සම්පත නැසූ නොමිනිසුන් සියළුමදෙනාත් ඒ සදහා අනුබල දුන් සහ එය දැනසිටි සියළුම දෙනාටත් ඉතාමත්ම ඉක්මණින් අතිශය වේදනාකාරී මරණය ලඟා වෙනු ඇත. ස්වභාවධර්මයේ බියකරු බව ඔවුන් මරණාසන්න මොහොතේදී සහ ඊට පෙරදීත් පසුවත් අත්විඳිනු ඇත. මේ නරුම වැඩේ කල අය දන්නා කියන අය සහ ඒ අයගේ පවුල් ඉදිරි කාලයේ ගෙවන්නට නියමිත ඒ අවාසනාවන්ත සිදුවීම් දැකබලාගෙන පවින් මිදෙත්වා...!!!
හිටියේ ඇත් රජු ලෙසමය ගලිගමුවේ... දුන්නේ කුඩුවෙන්න වාහන තොගයකට... ඇහැ කණ වුණෙත් මිනිසාගේ උණ්ඩයට... දල දෙක දුන්නෙත් ඒකාගෙම උණ්ඩයට...
තම අවශ්‍යතා ඉටු කරගන්න බැරි වුණාම බිළිඳා දියේ ගිල්වා ඝාතනය කරන මිනිසුන් ඉන්න රටේ දළ පූට්ටුවා ගැන කුමන කතාද? වරද යහපාලනයවත්, මාර පාලනයවත් නෙවෙයි. මානුෂිකත්වයේ පිරිහීමයි.
සතාගේ මරණය ගැන මගේ ශෝකය!
අපේ රටේ තාමත් මෙවන් ජාතික සම්පත් සිටිනවා විය හැක. එ්වා රැකබලාගත යුතුයි නේද? වැරදි කරුට නිදහස දෙනවා කියන්නේ තවත් විනාශයක් කරනවා විය යුතුයි නේද? ජනාධිපතිතුමනි, නීතිය ක්‍රියාත්මක කරන්න බලාසිටියා හෝඳටම ඇතිනේද? අලියෙක් මරා තමන් ගොඩ එ්මට තීරණය කරන්නේ ජාතියක් ජන්මයක් නැතිවුන්ය. අපේ රටට අනවශ්‍ය අයයි. ඔබතුමාට හැකි අයුරින් දඩුවම් කරන්න අපි බලා සිටිනවා. සියලු දෙනාට දේවියන්ගේ පිහිටයි.