ගල්ගමුවේ දළ පුට්ටුවා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා සහ ඝාතනය සිදු කළ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (1) මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දෙසැම්බර් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත් නියෝග කළේය.
නිකවැරටිය සහ අඹන්පොළ පොලිස් ස්ථානවල අපරාධ පරික්ෂණ නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මොවුන් සතුව තිබී ඇත් දළ කැපීමට යොදාගත් කියත් 3ක්,අත් කියතක කොටසක්,ඇත් දළ වලින් සෑදු සිංහ රූප සහිත පෙන්ඩන්ට් දෙකක්, ඇත් දළ වලින් නිර්මාණය කළ සුරයක්, ඇත් දළ කොටසක් සහ කුඩා ගජමුතු එකක් සොයා ගෙන ඇත.
COMMENTS
ගල්ගමුවේ ඇත් රජු වුයේ මෙමාය... ඉදහිට කුඩු කලෙමි වාහන නැතිවෙන්න.... ඇස කණ වුනෙත් හිත් පිත් නැති උණ්ඩයට ... දල දෙක නිසා නැතිවුණි මගේ ජීවිතය......
මිනිස්සු කතා නොකරන්නේ මේ වගේ අපරාධ එක්ක මිථ්‍යාව මොනතරම් සම්බන්ධයි ද කියන එක. ජෝතිෂවේදියෝ එළිපිටම කියනවා ගජමුතු ළඟ තිබුනොත් සියලු සැප සම්පත් ලැබෙනවා කියලා. මේවා මාධ්‍යවල පලකරනවා කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව... ඉල්ලුම අධික නම් සැපයුමත් කොහෙන් හරි එනවා.
මේ අයට කිසිම නිදහසක් නොදී ඉක්මණින් නඩු අසා ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිතව හිරේ දැමිය යුතුයි.
ජයරත්න කියන එක හරියටම හරි. ඒවා ගැන කවුරුත් කතා කරන්නේවත් නැහැ. ඒ වුණාට අදහන්නේ බුදු දහම.
කවුරුත් කොච්චර අඩි හැප්පුවත් අලියෙක් මරුවාට මිනී මරුවෙකුට වාගේ දඬුවම් කරන්ට නීතියෙන් අවසර නෑ අපේ ලංකාවේ. ඉස්සර වෙලා නීතිය හරිගස්සා ගත යුතුයි.
මේ අපරාධයට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. මුදල් වෙනුවෙන් මිනිසුන්ට, සතුන්ට, ස්වභාව ධර්මයට හානි කරන්නවුන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. නීති මහතුන් පෙනී සිටි ම නොකළ යුතුයි.
මෙම අපරාධ කරුවන් සැඟවූ ආයුධ පෙන්වන්න රැගෙන ගොස් ඉවරයක් කරලා දැම්ම නං අහවරයි.
මේ අමන වැඩේ කරපු නරුමයන් හැම කෙනාගෙම දත් තිස් දෙකම එකින් එක අමු අමුවේම ගලවා දැමිය යුතුයි.
කිසිම කෙනෙක් අපරාධ කාරයෙක් කරන්න බැහැ. නඩු විභාගයකින් තෝරලා.. මේ අය සැකකරුවන් විතරයි. ඇත්තටම කරපු අය ඉන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්... නියම අපරාධය කළ අය සොයා නඩු අවසාන වන තෙක් සියලුදෙනා නිවැරදිකාරයන් බවට පූර්ව නිගමනය කරයි.
ලංකාවේ මිනිසුන් පම්පෝරි ගහනවා අවුරුදු 2500 ක් ඉතිහාසයක් ගැන. නමුත් අදටත් කරන්නේ තිරිසනුන්ට වැඩ අන්ත වැඩ. මිනිසත්වයක් ලබන්න තව කොච්චර කලක් යාවිද සිංහලුන්ට. බුද්ධාගමට මොකද වෙලා තියෙන්නේ?
මේ කල අපරාධයට සොබාදහම කම්පා වී මහා කුණාටු, සුනාමි, වැනි දේවල් ඇතිවී මුළු ලංකාවම වැනසෙනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සිදුවෙනවා. 2004 දෙසැම්බර් 26 සුනාමියට පෙර ඒ ගැන මම ලිව්වා. මෙවරත් මහා විනාසයක් සිදුවී බටහිර පළාතම නැතිවෙනවා. මහා කඳු කඩා වැටී විසල් මිනිස් ඝාතනයක් සිදුවෙනවා. මොනවා කලත් මෙම විනාශය නවත්තන්න බැරි වෙනවා.