(විනීතා එම් ගමගේ)
බෞද්ධ ඇතුළු සියලූ ආගම්වල දරුවන්ට ඉරිදා උදයවරුවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර ඇත.
දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තිමය තිරණයක් අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවැසීය.
බුද්ධශාසන අමාත්‍යාංශයේ දී පසුගියදා බෞද්ධ උපදේශන සභාව, රැස් වු අවස්ථාවේ දී බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ බව හෙළිකර ඇත.
අදාල කැබිනට් පත්‍රිකාව අනෙක් ආගම්වල වගකීම් උසුලන අමාත්‍යවරුන් හා අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ එක්ව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පවසා තිබේ.
එහිදි සියලූ ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය සාර්ථකව සිදුකරනු ලබන දරුවන්ට පාසල් විභාගවලදී ලකුණු ප්‍රමාණයන් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධ ශාසන යනු කුමක් ද? බුදුන් වහන්සේගේ අනුශාසනා කරන ලද ධර්මයයි. ඒ දෙය තේරුම් ගත් දහම් පාසල් ගුරුවරුන් කීදෙනෙක් ඉන්නවද? සබ්භ පාපස්ස අකරනං, කුසලස්ස උපසම්පදා , සචිත්ත පරියෝදපනං , එතං බුද්ධානුසසනං
හොද වැඩක්
මේක මෝඩ තීරණයක්
එහෙමනම් හොද දහම් පාසල් පද්ධතියක් සාදන්න වගකීමත් ගන්න. සුදුසුකම් නැති ගුරුවරු උගන්වන නිසා අපි ළමයි යවන්නේ නැත්තේ.
නැති ප්‍රශ්නයක් ඇති කරන්නයි හදන්නේ. මේක අධ්‍යාපන අමාත්‍යංශයට අයිති වැඩක්.
සියලුම ආගම් සඳහා වන අධ්‍යාපනය පාසල් විෂය පථයෙන් ඉවත් කල යුතු ය. ඒ සඳහා ඉරිදා දහම් පාසල් උපයෝගී කර ගත යුතුය. සියලුම පාසල් විභාගයන් හි ආගම විෂය සමත් වීම සඳහා ඉරිදා දහම් පාසල් වල ගන්නා ලකුණු මට්ටම මෙන්ම 80%ක පැමිණීම ද අනිවාර්ය විය යුතුය.
දහම් පාසැල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට පෙර අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොපමණ සංඛ්‍යාවක් දහම් පාසැල් අධ්‍යාපනය ලබා ඇද්ද කියා සොයාබැලිය යුතුයි. බහුතරයක් දහම් පාසැල් අධ්‍යාපනය ලබා ඇත්නම් එයින් පෙනීයන්නේ දහම් පාසල්වලින් යහපත් පුද්ගලයින් බිහිනොවන බවයි.
ඔය වැඩේ ප්‍රයෝගික නැහැ. අනිවාර්ය කරලා වැඩක් නැහැ. පිළිගැනීමක් ඇති කරන්න දහම් පාසලෙන් කරන්නත් විභාගයට ළමයි පුරුදු කිරීම. අනික මේ පාසල් ළමයි හැමෝම දාන්න කොහෙද දහම් පාසල් තියෙන්නේ. කෝ යටිතල පහසුකම්.
දහම් පාසලත් පන්ති කාමරයකට සීමා වුනොත් එපා වෙනවා.
ටියුෂන් මාෆියාව විසින් ළමයි විනාශකර අරගෙන යනවා. ටියුෂන් පාලනය කර ළමයින්ට ළමා කාලය ලබා දී පාසල් පද්ධතිය හොඳට දියුණු කරන්න.
ඉතාමත් අමනෝඥ ක්‍රියාවක්. කුමන ආගම වුව තමන් කැමතිනම් පිළිපදින්නක් මිස අනිවාර්යය දෙයක් නොවේ. අද රට පත්ව ඇති තත්ත්වය බලන කල ආගමට කල හැක්කක් නොමැති බව නිතැතින්ම පෙනෙන්නට ඇත.
ඕනම දෙයක් ඕනාවට වැඩිය ඕනම නැත.
තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබියදී නීති දමා බලෙන් දහම් පාසැලකට යැවීමට උත්සාහ ගන්නේ ඇයි? දරුවෙකු යහ මඟ යන්නේ ආගම නිවැරදිව පිළි පදින මට්ටමට විනා ආගමික ස්ථානවල එක් රොක් වන ප්‍රමාණය වැඩි වන විට නොවේ.
එතකොට ආගමක් අදහන් නැති දෙමව්පියන්ගේ ළමයි? ඕවා බලෙන් පටවන්න එපා.
රටේ මහා ජනතාවට බල කිරීම් කරන්න රජයකට ඇති බලය කුමක්ද? ආගම ඇදහීමට හා ආගමක් ගැන ඉගෙන ගැනීම තම සතු පුද්ගලික කරුණකි. රජයක් මහ ජනතාවගේ ජිවිතයට බලපෑම් කිරීම නතර කලහොත් මැනවි.
ඉතා හොඳ තීරණයක්. අනිවාර්ය කරන්න.
ළමයාගේ විවේක දිනයට බාධා කිරීම සුදුසු නැහැ. බලහත්කාරයෙන් ළමයා ගෙදරින් යවන්න කැබිනට් පත්‍රිකා වලින් පුළුවන්ද?
අගය කලයුතු දෙයක්. නමුත් දහම් පාසල් සහතිකය ගත්තාටම මදි ළමුන් සාරධර්ම වලටත් හුරුකල යුතුයි. අපේ ප්‍රදේශයේ දහම් පාසලකට සදුදා දිනක ගිය මම දැක්කා ධර්ම ශාලාවේ මුලුවල කුණුගොඩ ගසා තිබෙනවා. මිදුල් අතුගාල තැන තැන දමා තිබෙනවා. මේ තත්වයන් වෙනස් කරවන්න දහම් ගුරුවරුත් පුහුණු කල යුතුයි.
මෙම කැබිනෙට් පත්‍රිකාව සම්මත කිරීමට පෙර සොයා බලන්න පාර්ලිමේන්තුවේ අසංවරව හැසිරෙන මන්ත්‍රීවරුන් දහම් පාසල් ගිය අයද නැද්ද කියා. අසංවරව හැසිරෙන මන්ත්‍රීවරු දහම් පාසල් ගිය අය නම් මේ පනතින් වැඩක් නැහැ. ළමා කාලයට පමණක් සංවරකම් තිබිල වැඩක් නැහැ.
පාර්ලිමන්ට් මන්ත්‍රීලටත් අඩුම වශයෙන් උසස් පෙළවත් අනිවාර්ය කර කැබිනෙට් පත්‍රිකාවක් ගැසිම යෝග්‍ය වේ.
බුදුන්ගේ දවස වත් නොතිබුණු ක්‍රමයක් ඉදිරිපත් කිරීමෙන්, අවැඩක් මිස හොඳක් නම් සිදුවන්නේ නැත. එදා තමාගේ දායකයා වූ කොසොල් රජතුමා ට කියා සියළු මිනිසුන් බෞද්ධයන් කළ යුතුය කියා නීතියක් ගෙනෙන්නට බුදුන් වහන්සේ උත්සාහ කලේ නැත. මේ කැබිනට් පත්‍රිකාව සමාන කල හැක්කේ, මධ්‍යතන යුගයේ සියළුම මිනිසුන් පල්ලිය විසින් බලහත්කාරයෙන් කිතුණුවන් කිරීමට කල උත්සාහයටය. මෙය අසාර්ථකයි… බෞද්ධකම බලහත්කාරයෙන් පෙවීම කළ නොහැක. මෙහිදී කළයුත්තේ එම දහම් පාසැල් සහතිකයට වැඩි වටිනාකමක් දෙනවා මිසක දහම් පාසැල් අනිවාර්ය කිරීම නොවේ. එයට හේතුවක් ඇත. මක්නිසාද යත් නියැදිවලින් ගන්නා ප්‍රතිඵල වලින් පෙනී යන ආකාරයට, දහම් පාසැල් යන සහ ගිය දරුවන්ගේ ආචාරශීලී භාවය, ගුණවගාව සහ සමාජයේ හැසිරෙන ආකාරය එසේ නොයන සහ නොගිය ළමයින්ට වඩා ඉහළ තලයක ඇති බව පෙනීමයි...