IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


දහතුන්දාහක පඩි වැඩිවීමක් ඉල්ලයි

ලබන අයවැයෙන් රුපියල් 13442.50කින් වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට බල කිරීමේ මුල් පියවර වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඞී. ලාල්කාන්ත මහතා ඇතුළු ක‍්‍රියාකාරිකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත් පත‍්‍රිකා බෙදාහළහ.



අදහස් (0)

දහතුන්දාහක පඩි වැඩිවීමක් ඉල්ලයි

නිර්මලා - කුරුණෑගල Tuesday, 02 October 2012 08:26 PM

නිමා මහත්මිය හෝ මහතා, ඔබ කියන අදහසට මාද එකගයි. ප්‍රථමව අධ්‍යාපනයට නිසිතැන දෙන්න. එයට අවශ්‍ය ප්‍රතිපාදන දෙන්න. නමුත් රටේ ජනතාවගේ පඩිවැඩිවීමත් යම්තාක් දුරට විය යුතුයි. රටේ ආර්ථිකය කඩා වැටෙනුයේ ආණ්ඩුවේ වරදිනුයි. ඒකට ජනතාව පළි නැහැ. රටේ සිදුවන වංචා හා දූෂණ නැවැත්විය හැකිනම් හෝ අඩු කරන්න පියවර ගන්නේ නම් ජනතාවට තවත් සහන දිය හැකියි. නමුත් කිසිම දවසක ඔබ අසා තිබෙනවාද රටේ ආර්ථිකය කඩා වැටුණත්, රට කොයිතරම් ණය වුණත් පාලකයන් ආර්ථිකව කඩා වැටිලා තියෙනවා? ඔහුන් දිනෙන් දින ධනයෙන් සරි වෙනවා. (නි)

:       0       0

ජයන්ත Wednesday, 03 October 2012 08:27 AM

රාජ්‍ය සේවයත් දැන් දේශපාලනීකරණය වෙලා (නි)

:       0       0

රත්නසිරි Tuesday, 02 October 2012 08:50 PM

හරිම අප්සෙට් එක. මේකට හොදයි කියන්නත් බැහැ, නරකයි කියන්නත් බැහැ. රටේ තත්ත්වය ගැනත් හිතන්න ඕනෑ. ඒත් හිත්නත් බැහැ, නොහිතා ඉන්නත් බැහැ. හත්වලාමේ මක්කැයි කරන්නේ? (නි)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 03 October 2012 01:31 PM

දැන් ඉතිං මේ බෙදුව කොළ බලන්න කෙනෙක් ඉතුරු වුණාද? (නි)

:       0       0

රත්නායක Tuesday, 02 October 2012 09:10 PM

මේ අයට මොළය පෑදෙන්න මොනවද දෙන්න ඕනෑ බෙහෙත? (නි)

:       0       0

සමන් කොළඹ සිට Tuesday, 02 October 2012 09:18 PM

රට ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ. කලන්තේ හැදෙයි බලාගෙන. (නි)

:       0       0

මහී Tuesday, 02 October 2012 09:19 PM

ඔයාලමනේ ඉතින් වැඩි පඩිත් එපා කියලා ගිහින් ඡන්දෙ දුන්නේ (නි)

:       0       0

මහසෙන් Tuesday, 02 October 2012 09:25 PM

මොකටද මේ වැඩි පඩි ඉල්ලන‍්නේ? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 09:39 PM

වැඩි කරනවානම් විශ්වවිද්‍යාල ආචාරවරුන්ගේ වැටුප් වැඩි කරන්න..!(නු)

:       0       0

කෝසල Wednesday, 03 October 2012 07:41 PM

අයියෝ සල්ලි

:       0       0

සරත් Wednesday, 03 October 2012 09:09 AM

ශත ගාණක් එක්කම ඉල්ලපු එක හොදයි. එතකොටනේ ශතයක් බලාගන්න පුලුවන් වෙන්නේ. (නි)

:       0       0

රෝහණ Wednesday, 03 October 2012 09:12 AM

නොකෙරෙන දේවල් ගැන කතා කරලා ජනතාව මුලා කරන්න එපා. (නි)

:       0       0

සුමිත් Wednesday, 03 October 2012 09:20 AM

ගන්න පුළුවන් ගානක්නම් මිනිස්සු සහයෝගය දේවි . මෙවා නිකන් ඉන්නවට කරන දේවල් (ස)

:       0       0

ලක්මාල් Wednesday, 03 October 2012 09:22 AM

මේ වගේ මෝඩ වැඩ නිසා තමයි විරෝධයකට වත් මිනිහෙක් එන්නේ නෑ (ස)

:       0       0

හිමාල් Wednesday, 03 October 2012 02:23 PM

වැඩියෙන් පඩි දෙන්න මොනවද ඔයාලා වැඩියෙන් කරන්න බලාපොරොත්තු වෙන ‍සේවය? (නි)

:       0       0

චානක Wednesday, 03 October 2012 02:35 PM

පඩි කෙසේ වෙතත් බඩු මිල නම් වැඩි වේවි (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 03 October 2012 12:00 AM

පඩි වැඩිකරනවා නම් හොදයි (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 03 October 2012 12:04 AM

එකපාරටම රවුම් ගණනක් කියන්නකෝ. ඇයි මොකටද ශත ගණන්? (නි)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 12:04 AM

මෙයාලට වෙන වැඩකුත් නැති එකේ ඔන්න ඔහේ කරගත්තාවේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 03:17 PM

රැකියා නැති අයට රැකියා දෙන්න (ස)

:       0       0

ලහිරු Wednesday, 03 October 2012 11:27 AM

මිනිස්සුන්ට කොළ බෙදල වැඩක් තියෙන්නේ නැනේ, ආණ්ඩුවට කියන්න ඕන දේවල් මිනිස්සුන්ට කියල වැඩක් තියෙනවද? ඔය ටික දියවන්නාව පැත්තට ගිහින් බෙදුවනම් හරි (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 03 October 2012 12:43 AM

ඉතාමත් හොඳ වෑඩක්. 1500 ඒවා පාරට විසි කර කර යන ඇමතිවරුන් ඉන්න රටේ දුප්පතුන්ට මේක බොහෝම වටිනා දෙයක්. (නි)

:       0       0

ලක්මා Wednesday, 03 October 2012 12:11 PM

රැකියාවල් කරන මිනිසුන් අතරේ මේ කොළ බෙදන එක හොඳයි ජීවන වියදම අනුව ගණනය කල නිසා සත පනහක් ඇවිත් තිබේ මේ කොළ කියවන මිනිසුන් තම ඡන්දය දෙන විට මේ ගැනත් සලකා බලාවි (ස)

:       0       0

නන්දලාල් Wednesday, 03 October 2012 12:29 PM

ඔය පඩිය හොදටම මදෑ (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 03 October 2012 05:15 AM

ඇයි මේ ගාණ? ඉල්ලන්නකෝ 50,000ක වැඩිවීමක්. (නි)

:       0       0

රණා Wednesday, 03 October 2012 12:40 PM

නියමයි..අලුතෙන් ජොබ් එකක් ගත්තා වගේ (ස)

:       0       0

අසිත Tuesday, 02 October 2012 07:38 PM

පඩි වැඩිවීම ---> වෙළදපොළ ඉල්ලුම වැඩිවීම ---> උද්ධමනය වැඩිවීම ---> ආර්ථිකය කඩා වැටීම (නි)

:       0       0

නිමා Tuesday, 02 October 2012 07:46 PM

20000 ක් වැඩි කළත් අපේ ප්‍රශ්න විසදන්න බැහැ. සල්ලි නෙමෙයි රටේ දැවෙන ප්‍රශ්න විසදන්න. අද අපේ උගතුන්ට කිසිම තැනැක් නැහැ. ඔවුන්ට පරුෂ වදන් වලින් බැණ වැදීම තමයි දැන් වෙන්නේ. අධ්‍යාපනයට 6% දෙන්න. දේශපාලනය රට ඩැහැගෙන ඉවරයි. ඔබට මේ වෙන විපත තේරෙනකොට රටම විනශ වෙලා ඉවරයි. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 02 October 2012 07:54 PM

හරි අසිත. මෙයාලා හැමදාම කළේ ඔයදේම තමයි. (නි)

:       0       0

වරුණ Wednesday, 03 October 2012 07:56 AM

ඉල්ලන ගාණෙන් 10%ක්වත් ලැබුණොත් ලොකු දෙයක්. (නි)

:       0       0

සාදි Tuesday, 02 October 2012 08:26 PM

දැන් සමහරු මේකට විරුද්ධ වෙලා පඩි වැඩිකරන්න එපා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 385 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site