ලබන අයවැයෙන් රුපියල් 13442.50කින් වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට බල කිරීමේ මුල් පියවර වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඞී. ලාල්කාන්ත මහතා ඇතුළු ක‍්‍රියාකාරිකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත් පත‍්‍රිකා බෙදාහළහ.



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ගාණ? ඉල්ලන්නකෝ 50,000ක වැඩිවීමක්. (නි)
අයියෝ සල්ලි
රැකියා නැති අයට රැකියා දෙන්න (ස)
පඩි කෙසේ වෙතත් බඩු මිල නම් වැඩි වේවි (ස)
වැඩියෙන් පඩි දෙන්න මොනවද ඔයාලා වැඩියෙන් කරන්න බලාපොරොත්තු වෙන සේවය? (නි)
දැන් ඉතිං මේ බෙදුව කොළ බලන්න කෙනෙක් ඉතුරු වුණාද? (නි)
නියමයි..අලුතෙන් ජොබ් එකක් ගත්තා වගේ (ස)
ඔය පඩිය හොදටම මදෑ (නි)
රැකියාවල් කරන මිනිසුන් අතරේ මේ කොළ බෙදන එක හොඳයි ජීවන වියදම අනුව ගණනය කල නිසා සත පනහක් ඇවිත් තිබේ මේ කොළ කියවන මිනිසුන් තම ඡන්දය දෙන විට මේ ගැනත් සලකා බලාවි (ස)
මිනිස්සුන්ට කොළ බෙදල වැඩක් තියෙන්නේ නැනේ, ආණ්ඩුවට කියන්න ඕන දේවල් මිනිස්සුන්ට කියල වැඩක් තියෙනවද? ඔය ටික දියවන්නාව පැත්තට ගිහින් බෙදුවනම් හරි (ස)
මේ වගේ මෝඩ වැඩ නිසා තමයි විරෝධයකට වත් මිනිහෙක් එන්නේ නෑ (ස)
ගන්න පුළුවන් ගානක්නම් මිනිස්සු සහයෝගය දේවි . මෙවා නිකන් ඉන්නවට කරන දේවල් (ස)
නොකෙරෙන දේවල් ගැන කතා කරලා ජනතාව මුලා කරන්න එපා. (නි)
ශත ගාණක් එක්කම ඉල්ලපු එක හොදයි. එතකොටනේ ශතයක් බලාගන්න පුලුවන් වෙන්නේ. (නි)
රාජ්‍ය සේවයත් දැන් දේශපාලනීකරණය වෙලා (නි)
ඉල්ලන ගාණෙන් 10%ක්වත් ලැබුණොත් ලොකු දෙයක්. (නි)
පඩි වැඩිවීම ---> වෙළදපොළ ඉල්ලුම වැඩිවීම ---> උද්ධමනය වැඩිවීම ---> ආර්ථිකය කඩා වැටීම (නි)
ඉතාමත් හොඳ වෑඩක්. 1500 ඒවා පාරට විසි කර කර යන ඇමතිවරුන් ඉන්න රටේ දුප්පතුන්ට මේක බොහෝම වටිනා දෙයක්. (නි)
මෙයාලට වෙන වැඩකුත් නැති එකේ ඔන්න ඔහේ කරගත්තාවේ (නි)
එකපාරටම රවුම් ගණනක් කියන්නකෝ. ඇයි මොකටද ශත ගණන්? (නි)
පඩි වැඩිකරනවා නම් හොදයි (නි)
වැඩි කරනවානම් විශ්වවිද්‍යාල ආචාරවරුන්ගේ වැටුප් වැඩි කරන්න..!(නු)
මොකටද මේ වැඩි පඩි ඉල්ලන‍්නේ? (නි)
ඔයාලමනේ ඉතින් වැඩි පඩිත් එපා කියලා ගිහින් ඡන්දෙ දුන්නේ (නි)
රට ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ. කලන්තේ හැදෙයි බලාගෙන. (නි)
මේ අයට මොළය පෑදෙන්න මොනවද දෙන්න ඕනෑ බෙහෙත? (නි)
හරිම අප්සෙට් එක. මේකට හොදයි කියන්නත් බැහැ, නරකයි කියන්නත් බැහැ. රටේ තත්ත්වය ගැනත් හිතන්න ඕනෑ. ඒත් හිත්නත් බැහැ, නොහිතා ඉන්නත් බැහැ. හත්වලාමේ මක්කැයි කරන්නේ? (නි)
නිමා මහත්මිය හෝ මහතා, ඔබ කියන අදහසට මාද එකගයි. ප්‍රථමව අධ්‍යාපනයට නිසිතැන දෙන්න. එයට අවශ්‍ය ප්‍රතිපාදන දෙන්න. නමුත් රටේ ජනතාවගේ පඩිවැඩිවීමත් යම්තාක් දුරට විය යුතුයි. රටේ ආර්ථිකය කඩා වැටෙනුයේ ආණ්ඩුවේ වරදිනුයි. ඒකට ජනතාව පළි නැහැ. රටේ සිදුවන වංචා හා දූෂණ නැවැත්විය හැකිනම් හෝ අඩු කරන්න පියවර ගන්නේ නම් ජනතාවට තවත් සහන දිය හැකියි. නමුත් කිසිම දවසක ඔබ අසා තිබෙනවාද රටේ ආර්ථිකය කඩා වැටුණත්, රට කොයිතරම් ණය වුණත් පාලකයන් ආර්ථිකව කඩා වැටිලා තියෙනවා? ඔහුන් දිනෙන් දින ධනයෙන් සරි වෙනවා. (නි)
දැන් සමහරු මේකට විරුද්ධ වෙලා පඩි වැඩිකරන්න එපා කියයිද දන්නෙ නැහැ (නි)
හරි අසිත. මෙයාලා හැමදාම කළේ ඔයදේම තමයි. (නි)
20000 ක් වැඩි කළත් අපේ ප්‍රශ්න විසදන්න බැහැ. සල්ලි නෙමෙයි රටේ දැවෙන ප්‍රශ්න විසදන්න. අද අපේ උගතුන්ට කිසිම තැනැක් නැහැ. ඔවුන්ට පරුෂ වදන් වලින් බැණ වැදීම තමයි දැන් වෙන්නේ. අධ්‍යාපනයට 6% දෙන්න. දේශපාලනය රට ඩැහැගෙන ඉවරයි. ඔබට මේ වෙන විපත තේරෙනකොට රටම විනශ වෙලා ඉවරයි. (නි)