පදවිය ශ්‍රී පුර රජමහා විහාරයේ සිටිතියි කියන දුස්සීල භික්ෂුව පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලමින් එහි සතර පේරුවේ දායකයෝ දින කිහිපයක් තිස්සේ උපවාසයක් කරති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් මහත්තයෝ, කෙනෙක් මොනවා හරි හොද කරලා තියෙනවා කියලා පසුව කරන වැරැද්දට සමාව දීම ගැලපෙන්නේ නෑ. හරි දේ හරි විදිහටයි වැරැදි දේ වැරැදි විදිහටයි දකින්න ඕන. අපේ රටේ ඉහල පැලැන්ති ගැන සැලකුවාම මෙක ඉතා අඩුවෙන්ම වෙන්නේ. හාමුදුරුවෝ මොනවා හරි හොද වැඩත් කරලා ඇති. නමුත් එකට ශාසනේ පාවා දෙන්න බෑ. සිවුරේ ඉදගෙන වැරැදි කරනකොට එකේ බලපෑම මුළු ශාසනයටම ලැබෙනවා. නමුත් මෙක දේශපාලන බලපෑම්ද කියලා මම දන්නේ නෑ. මාත් මේ පංසල දන්නවා. එත් හමුදුරුවෝ ගැන දන්නේ නැති නිසා ඒ ගැන ලියන්න අමාරුයි. ප්‍රවෘත්තියේ තව විස්තර තිබුනානම් තමයි හොද..(ස)
අද චීවරේ ඉන්න කීදෙනෙක් හරියට සීලය රකිනවද ?(ස)
බුදුන්ගේ කාලෙයත් මේවගේ අය ඕන තරම් හිටිය නේ ඉතින් අදත් නැති වෙන්න බෑනේ නිර්මල බුදු දහම රැකගමු මතු පරපුරට ගෙන යමු (ස)
මේවා කරන්න ඕන බොහොම ප්‍රවේසමෙන්.මේ දෙපැත්තටම බුදු දහම මකන්න හදන අය එකතුවෙන්න පුළුවන්. තව ගිණි තියන්න පුළුවන්. විරෝධය ප්‍රකාශ කරන පින්වත් උපාසක පිරිස මේ දුසිල්වතාට වඩා යහපත් පන්සිල්වත් රකින අයනම් වැඩේ හරි. නැතිනම් දෙගොල්ලොම එක වගේ නේද? භික්ෂුව පමණක් නොවෙයි සාසනය කියන්නෙ. උපාසක උපාසිකා පිරිසත් කොටසක්. හාමුදුරුවරු දුසිල්වත්නම් අපි මහන්වෙලා සිල්වත් වෙන්න ඕන. මහනකමට එන්න මේ එක්කෙනෙක්වත් කැමතිද?(ස)
වෛරයෙන් වෛරය නොසන් සිදේ..!! ඕනැම කෙනෙකු අතින් වැරදි සිදුවෙනවා.. ඒවාට සමාව දීලා වැරදි නොවන විදියට හදාගන්න බලන්න.. පන්නන එක නෙමෙයි කරන්න ඕන...!!(නු)
භික්ෂුවකගේ දුස්සීලභාවය ගැන ගිහි උදවියට තීරණ ගන්න බැහැ. ඒ පිළිබඳ තීරණ ගත යුත්තේ සංඝ සභාවක්. මෙවැනි උද්ඝෝෂණ කිරීමෙන් අවමානයට ලක් වෙන්නේ බුද්ධසාසනයයි. එනිසා වගකිවයුතු භික්ෂූන් වහන්සේලා එක් වී මේ පිළිබඳ කටයුතු කරත්වා...!!! බුදු දහම ලොව තව බොහෝකල් දිලේවා...!!!(නු)
ඔබට පුදන අය තමයි ඔබට එරෙහිව නැගී සිටින්නෙත්.....(ස)
හේමන්ත ඔබේ අදහස මම ඉතා අගයනවා. යමක් දෙස මැදහත්ව බලන්න ඕන.මේ හිමියන් කල වැරැද්ද මොකක්ක්ද කියලවත් දන්නේ නැති අය කොමෙන්ට්ස් දානවා.මෙ හිමියන් කල හොඳ දෙයක් ඇත්තෙම නැද්ද? හාවා බෙලිගේඩියක් වැටුනහම ලෝකේ පෙඅරලුනා කියා දිව්වා. අනික් සත්තුත් ඔහේ හාවාගේ පස්සෙන් දිව්වා. ඒවගේ තමය් අපේ ගොඩක් අයත්. සසුනෙන් පැන්නුවා වගේ නෙමෙයි කවුද සසුනට ඇතුල් වෙන්නේ. මේ උපවාස කරන අය තමන්ගේ එක ළමයෙක් සසුනට දෙනවද? මේ කොමෙන්ට්ස් දාන කීදෙනෙක් පන්සිල් රකිනවද? ඔබත් නීති පන්සිල් රකින කෙනෙක් නම් මේගැන කතා කරන්න ඔබටත් සදාචාරාත්මක අයිතියක් තියෙනවා.මුලින් තමන්ගේ ඇසෙ කුණු ඉවත් කරන්න. .(ස)
මේ හාමුදුරුවන් යුද්දේ කාලේ පුදුම විදිහට මිනිසුන්ට උදව් කල අයෙක්. ඒ උදව් ගත් අයම තමයි අද එරෙහිවෙලා ඉන්නේ.හාමුදුරුවෝ දුස්සීල නම් කීපදෙනෙක් ගිහින් ඒ ගැන කතා කල යුතුයි. ඉන්පසුව තවදුරටත් ඒවා කරනවානම් අදාල සංඝ සභාවට කියා විනයානුකුලව කටයුතුකළ යුතුයි . මේවා දේසපාලන සහ අන්‍යාගමික බල පෑම් වෙන්න පුළුවන්. බෞද්ධයිනි කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්න..(ස)
මේ මහත්වරු මොන කතා කීවත් තුවාලෙ තියන කෙනා තමා ඒකෙ වේදනාව දන්නෙ මෙතන සහභාගිවෙලා ඉන්න හැම කෙනෙක්ම අන්ද භක්තියෙන් මෙතෙන්ට සහබාගිවෙනව කියල හිතන්න එපා. පෞද්ගලික තරහක් නම් කවදාවත් ගමක මිනිසුන් පාරට බහින්නැහැ පංසිල් රකිනව කියල වැරැද්ද දැකල කටවහගෙන ඉන්න එක සාසනයට කරන යහපතක් කියලද ඔබතුමන්ලා හිතන්නෙ .පිලිකාව දැනගත් මොතේ ඉවත් නොකලොත් ඒ පුද්ගලයගේ අවසානය වැඩි ඈතක නොවනවා සේම මෙවැන්නන් සංඝ සාසනයට පිලිකා වැනිය . සුභද්ද වැනි භික්ෂූන් අද සමාජයෙත් ඇතිබව හොදින් වටහාගන්න. .(ස)
ගොඩක් දුකයි....(ස)
නිකායේ සංඝනායක හිමි මොකද මේ ගැන කියන්නේ...(ස)
දුසිල් භික්ෂුව එලවන එක හොඳයි.එතකොට සිල්වතුන්ට හොඳින් ඉන්න පුළුවන්නෙ. කරන්නෙ ඒක නෙමී දුසිල් යන් එලවන අය සිල්වන්තයොද ? මොන සීලෙද රැකන් ඉන්නෙ කියන කාරණාවයි අපිට තියෙන ප්‍රශ්ණෙ. (ස)
සම්පත්ගෙ කතාව හරි උදවු ගන්නකම් විතරයි!(නු)
මෙයා කරලා තියෙන වැරදි මොනවාද කියලා දාල නැහැනේ..!!(නු)
3 වෙනි පන්සිල් පදය රැකල නෑ....(ස)
මේ කරන දෙය සාසනයට හිතකර නෑ. හෙට තව විහාර ආරම ඉස්සරහත් මෙහෙම උද්ගෝෂණ කරාවි. මේවගේ ප්‍රශ්ණ විසඳන සාසන සම්ප්‍රදායක් තියනවා. මේ පන්සලේ ප්‍රධාන දයකොයෝ ඉදිරිපත්වෙලා නිකායේ නායක හාමුදුරුවරුන්ට කියන්න ඕන. හාමුදුරුවෝ හරි රටේ සිවිල් නීති කඩනවානම් පොලිසි යන්න තිබුණා . මේ ලෝකයේ අකණ්ඩව පවතින එකම සංස්ථාව සංඝ සංස්ථාවයි. එහෙම රැකුණේ විනයක් ඇති නිසා. සංඝයාගේ විනය ගැන උන්වහන්සේලා තවදුරත් බලාගනිවී. .(ස)
දායකයන්ට පැවිදි අය ගැන තීරණ ගැනීමට නොහැක...!(නු)
මම හිතන්නේ ඕක තුන්වෙනි සිල් පදය වෙන්න ඕනෑ. මම දන්න හුගක් හාමුදුරුවරුන් ඉන්නවා බිරියන් සහ පෙම්වතියන් ඉන්න. හාමුදුරුවරුන්ටවත් ඉන්න නොදෙන මේ පවුකාරියන්ව අල්ලලා දඩුවම් දෙන්න ඕනෑ. (නි)
දුස්සීල වේවා සිල්වත් වේවා ඒක තීරණය කරයි සංඝ සභාව.පිස්සුද මේ මිනිස්සුන්ට.ඇත්තටම ඔය කියන ගමට මේ හාමුදුරුවන්ගෙන් අබ ඇටයක් තරම් වත් සේවයක් උනේ නැද්ද?? (ස)
හිතලා මතලා අපි සැවොම ක්‍රියාකල යුතුයි...!!(නු)
හැම දෙයකින්ම උලුප්පලා පෙන්වන්නෙ හාමුදුරුවරුන්ගෙ වැරදි විතරයි. අනිත් ආගම් වල වෙන පහත් වැඩ, පූජකයො කරන වැරදි වැඩ ඇයි පල නොවෙන්නෙ.ඒ අයට බයද? ගරුත්වයටද? (ස)
මේ ගැටළුවට මේ නිකායේ ලොකු හාමුදුරුවන් ඉදිරිපත් වෙන්නේ නැද්ද? ගිහියන් කොහොමද මේවට ඇගිලි ගහන්නේ..!!(නු)
මෙන්න නියම බෞද්ධයන්. (නි)
දෙවුදත් පරපුරේ කෙනෙක්ද දන්නේ නැහැ. දුස්සීලයන් පන්නා ශාසනය රැකගත යුතුයි. (නි)
ඒ කියන්නේ එයා එක පන්සිල් පදයක්වත් රැකලා නැද්ද? දැන් මොකක්ද එයා කරලා තියෙන වැරැද්ද? (නි)
අනේ එහෙම දුස්සීල භික්ෂුවක් එහෙම ඉන්නවා නම් අපිටත් කියන්න හොදේ. (නි)
දැන් මොකක්ද මේ භික්ෂූවගෙන් වෙලා තියෙන්නේ? අපිටත් දැන ගන්න කියන්නකෝ. (නි)
අපිද ඔබ සමගයි. (නි)
දුස්සීලයින් පන්නා දමමු. අපි ඔබ සමගයි. (නි)
ඕවා කරලා හරියන්නේ නැහැ. ගහලා එළවාපල්ලා! (නි)
සිංහල බෞද්ධ සහෝදර සහෝදරියනි, ඔබලාගේ මෙම ප්‍රයත්නය අපි අගය කරමු. හිස මුඩු කර, කහපාට රෙද්දක් පෙරවගත් පමණින් තිරිසනෙක් බෞද්ද භික්ෂුවක් වන්නේ නැත. මෙය රටේ අනෙක් බෞද්ධයින්ටත් මහඟු ආදර්ශයකි. අප සම්මා සම්බුදු පියාණන්ගේ නාමයෙන්, රට වැසි සියලුම බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනුයේ, කිසිම දුස්සීලයකුට දානමාන දෙන්න එපා. දුස්සීලයව රටට හෙළිකර, පන්සල්වලින් පන්නා දමා, මේ අභාවයට යමින් පවතින බෞද්ධ සාසනය ශුද්ධ කර , ආරක්ෂා කරගන්න දැන්වත් සූදානම් වෙන්න. (නි)
පළමු සංඝායනාව කළෙත් දුස්සීල භික්ෂූවක් නිසයි.හැබැයි දැන් දුස්සීලයන් වැහි වැහැලා. (නි)
පිරිසිදු බෞද්ධ ආගමේ තමයි මේ වගේ අනිත් ආගම් හිනස්සවන වැඩ වැඩි හරියක් තියෙන්නේ.මේවා වෙනකම් මහනායක,අනුනායක හිමිවරුන් මොකද කරන්න? ඔන්න ඕවා තමා බෞද්ධයන්ට තියෙන ගැටළු. ඒ අය මාලිගාවල් වගේ පන්සල් හදාගෙන ඉන්නවා.අනිත් පැත්ත ගැන හැරිලාවත් බලන්නේ නැහැ. සමහර විට අපේ ආගම හෑල්ලුවට ලක් කරන්න මෙවන් දේ වෙනින් අය කරනවද දන්නෙත් නැහැ. ඒවත් හොයල බලන්න ඕනෑ. කෝක වෙතත් සංඝායනාවකට හොදම කාලය මෙයයි. බුදුනේ....බුදු පියාණනේ.... මනුසත් දෙරණේ අදුර මකා.... පුණරාගමණය කළ මැනවී.... (නි)
බොදු බල සේනාවට මේවා පෙනෙන්නේ නැද්ද ? (නි)
ඔය සේරමලා පන්සිල් පද පහම අකුරටම රකින කට්ටියද? (නි)
දුස්සීල භික්ෂුව පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලන්නේ කාගෙන්ද? මේ පන්සලේ තව හාමුදුරුවරු ඉන්නවද? මේකට උපවාස කරන එකේ තේරුම මොකද්ද? මේක හරියට අපේ මන්ත්‍රී තුමා අයින් කරන ලෙස ඉල්ලලා උපවාස කිරීමක් වගෙයි. (ස)
මෙන්න නියම බෞද්ධයෝ .මමත් ලංකාවේ හිටියනම් මාත් සහය වෙනවා මේ අයට .මේ ගැන සොයි බැලිය යුතුයි..(ස)
මේ වගේ අයගේ නම් ගම් හෙලිකරන්න..වගකිව යුත්තනි ඔබ කොහිද ? (ස)
ලෝකේ කොහෙවත් සිද්ධ නොවන දේවල් තමයි ලංකාවේ සිද්ධ වෙන්නේ...(ස)
හාමුදුරුවෝ එලවපු එක නම් හොදයි (ස)
මේ භික්ෂුව අවුරුදු 14 ක ගැණු ළමයෙකුට අතවර කිරීමේ චෝදනා එල්ලවෙලා තියනවා .එකයිලු .(ස)
ස්වාමීන්වහන්සේගේ තත්වය දිනෙන් දින පිරිහෙනවා . මේවා දැකල අන්‍යාගමික කට්ටිය හිනාවෙනවා ඇති (ස)
දුස්සිල භික්ෂුන් වැඩිවනවා මිස අඩුවන්නේ නැහැ. එය ධනවාදයේ යථාර්තයයි. (ස)
ජයරත්න කියන දේ ඇත්තනම් පොලීසියටනේ ඉතුරු වැඩ ටික තියෙන්නේ....(ස)