දුස්සීල භික්ෂුවක ඉවත් කිරීම සඳහා පදවි ශ්‍රී පුර පුරාණ රජමහා විහාරය ඉදිරිපිට තුන්සියයකට ආසන්න දායකයෝ අද තුන් වැනි දිනටත් උද්ඝෝෂණයක් කළහ. තිස් දෙනෙක් පමණ උපවාසයක් ද කරති. පොලිසිය පන්සලට ආරකෂාව සලසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ ඉතිහාසයේ පළමු සංගායනාව කළෙත් සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය නිසා.. හාමුදුරුවන් කරන කියන දේවල් දන්නේ එයාලව ළගින්ම ඇසුරු කරන අයයි.. මේ ඈත ඉන්න අපි නෙමෙයි.. එම නිසා දුෂ්ශීල හාමුදුරුවන් නෙරපා දැමීමෙන් ශාසනය රුකගන්න පුළුවං..!!(නු)
මම මෙම භික්ෂුව අඳුනනවා. මොහුට එරෙහිව ඇති චෝදනාව තමයි වයස 14 ක දැරියක් ඇයගේ මවගේද අනුදැනුම ඇතිව කාලයක සිට දූෂනය කිරීම. පන්සල වට කරන්න නෙමෙයි හරිනම් ගල් ගසා පන්නා දැමිය යුතුයි. (දී)
සම්පත් ඔය හරියටම හරි (දී)
පිරිසක් පිඩුසිඟා වඩිනකොට තව පිරිසකගේ පන්සල වට කරලා. බුදුන්ගේ කාලෙත් ඔහොම තිබුණා (දී)
ෂා.... නියම ගමක්නේ. (නි)
ඔය උද්ඝෝෂණයට පැමිණි සියල්ලෝම කණ්ණාඩියක් ඉදිරිපිට හිටගෙන තමන් වැරැද්දක් කිසිදා කර නැද්දැයි අසා බලන්න (නි)
බුද්ධාගම විනාශ කරන්නේ අපේ කට්ටියම මිස අන්‍ය ආගමිකයන් නෙමෙයි. (නි)
ඔය වැඩ වලින් වෙන්නේ බුදු දහම විනාස වෙන එක (දී)
බුදු සසුනට ගිය කල (දී)
සම්පත්ගේ මතයට එකග වෙනවා. භික්ෂුවක් දුෂ්ශීල කියල කියන්න ඉස්සෙල්ල කල්පනා කරන්න ඕන තමන් සිල් පද කීයක් රකිනවා ද කියල. අද භික්ෂු සාසනයට විනාස කරන්න බලාගෙන කීදෙනෙක් ඉන්නවා ද? . එවැනි අභියෝග මැද දායකයන්ගේ ආගමික කටයුතු කරමින් උන්වහන්සේලා විශාල සේවයක් සිද්ධ කරනවා. පළමුව තමන් සිල් වතෙකු වෙන්න...(නු)
සාසනය ආරක්ෂා කිරීමට භික්ෂු භික්ෂුණී,උපාසක,උපාසිකා කියන සිව්වණක් පිරිසටම අදාළ වගකීමක් බව සැමකෙනෙක්ම සිතට ගන්න ඕන.සාසනය ආරක්ෂා කරගන්නටනම් භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගන්නට ඕන,ඒක නිසා භික්ෂුන් වහන්සේලාගෙන් සාසනයට වෙන සේවය සලකා අපෙන් සාසනයේ දියුණුවට හා වර්ධනයට වෙන්නට තියෙන යුතුකම ඉටු කරන ඒක තමයි වටින්නේ, භික්ෂුන් වහන්සේලාගේ වැරදි හොයනවට වඩා. මොකද අකෙත් අව මේවා බලල ගොඩක් සතුටු වෙන බව අපි කල්පනා කරන්න ඕන.(නු)
සම්පත්, ඔබ හරි. (නි)
භික්ෂුව දුස්සීල වෙන්න පුළුවන්. සුසිල්වත් භික්ෂූන් සෙවීම නිකිණි සොයනවා වගෙයි. හේතුව දන්නවද? භික්ෂුවක් වෙසින් කවුරුවත් මවු කුසෙන් බිහිවන්නේ නැහැ. මේ දුස්සීල දුෂ්ඨ දුර්ජනයින්ගෙන් පිරි ගිහි සමාජයේ මවකගෙන් උපන් දරුවෙක්මයි පසුව භික්ෂුවක් වෙන්නෙ. භික්ෂූන්ගේ ශීලේ සොයන්න පෙර තම තමන් කෙතරම් සිල්වත්දැයි, විමසා බැලීම වටී. එවිට භික්ෂූ සමාජයත් සිල්වත් වේවි. භික්ෂුවක් යනු දුස්සීල ගිහි සමාජය නැමති මවගෙන් උපන් දරුවෙක්නේ. ඒ මවගේ ගුණ භික්ෂුව තුළත් යම් ප්‍රමාණයක් තියෙනවා. (නි)
සම්පත්, කුමාර ඔබලා හරි.. අපි හැමෝම මිනිස්සු හැටියට කිසිම වරදක් නොකරන හාමුදුරුකෙනෙක් සොයා ගැනීම අපහසුයි.. ඉන්න අයට අපි සළකාගෙන අපේ බුදුදහම රැක ගමු..!!(නු)
සම්පත් ඔයා වගේ හිතන තව දහදෙනෙක් හිටියනම් අපේ රටට ඇති.. ඇත්තටම හරිම සතුටුයි මේ විදිහට තමයි අපි හැමෝම හිතන්න ඔන. ඔයාට ස්තුතියි සම්පත්..!!(නු)
මම සම්පත් සමග එකගයි. (නි)
පළමු ගල සිල්වතෙක් විසින් ගැසිය යුතුයි. (නි)
අනුන්ගේ ඇහේ රොඩු ඉවත් කිරීමට කලින් තමන්ගේ ඇහේ පොල් පරාලය ඉවත් කරගන්න. (නි)
සිවුරු පොරවාගත්තට විවිධ පුද්ගලයන් සමාජයේ අපරාධ කරනවා (අ) ඔවුනට භික්ෂුව යැයි කිම වැරදක් (අ)
දුස්සිලි කියල කියන්නේ කොහොමද? සිල්වත් කියල කියන්නේ කොමද ? හාමුදුරුවරු රහත් වෙලා නැ(නු)
සම්පත් අපට කියන්න කිසිම දෙයක් ඉතිරකර නැහැ ඔබ හරි (අ)
සම්පත්, ඔබ නිවැරදියි. (නි)
කවුරු හරි දුස්සීල නම් එහි ආදීනව ඒ අයටම ලැබෙයි. අනුන් ගැන හොයන්න කලින් තමන් කුසල් රැස් කර ගත්තොත් නේද හොද? (නි)
බුදු දහම රැක ගන්නේ අතළොස්සක් වූ භික්ෂු පිරිසකගෙන්. දුස්සීල භික්ෂූන් වහන්සේලාගෙන් බුදු දහම විනාශ වෙන්නට ඉඩ දිය යුතු නැහැ. අපි සැවොම ඊට එරෙහිව පෙළ ගැසිය යුතුයි. (නි)