IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දොස්තරට ගැසූවයි තිදෙනෙක් රිමාන්ඩ්

අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහර දී බරපතල තුවාල සිදුකොට ඔහුගේ මෝටර් රියට අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංධාන ආධාරකරුවෝ තිදෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය විසින්  ලබන 11 වැදා තෙක් අද සවස රිමන්ඩ් කරනු ලැබූහ. අනුරාධපුර නගරයේ පදිංචිකරුවන් වන බී.එම්. ප්‍රසන්න කුමාර බස්නායක, ආර්.ඒ. ටිරෝන් රණසිංහ සහ තාජුල් ලතිෆ් අමීර් හසර් එම තිදෙනාය. බස්නායක, වෛද්‍ය රාජා ජෝන් පුල්ලේගේ නිවසට ගිනි තබා රුපියල් ලක්ෂ 500ක් පමණ වටිනා දේපොළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ දැනට පවතින නඩුවක අධිචෝදනා ද ලැබ සිටී. උතුර මැද පළාත් සභාවේ සභා ඡන්දය වෙනුවෙන් අනුරාධපුර දහයියා ගම සංගීත සන්ධ්‍යාවක් පැවැත්වෙන ස්ථානය අසල වෛද්‍යවරයාගේ මෝටර් රථය නතර කර තබීමේ සිද්ධියක් මත ඇති වූ බහින් බස් වීමක දී ඔහුට පහර දී වාහනයට අලභහානි කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. තවත් සැකකරුවන් අත්අඩංගවට ගැනීමට සිටින බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.මේ තිදෙනා හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කැරිණි. සෙසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළාය.



අදහස් (0)

දොස්තරට ගැසූවයි තිදෙනෙක් රිමාන්ඩ්

ක්‍රිෂාන්ත Sunday, 02 September 2012 02:20 AM

ලංකාවේ දොස්තරලයි කොන්දොස්තරලයි අතර වැඩි වෙනසක් නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 02 September 2012 02:20 AM

දොස්තරලාට වැඩියෙන් දේශපාලකයන්ට සළකන රටකනේ අපි ඉපදිලා තියෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Saturday, 01 September 2012 02:43 PM

දෙන්න නම් එපා ඡන්දේ. (නි)

:       0       0

ලලිත් Saturday, 01 September 2012 12:51 AM

නිවැරදි තීරණයක් ගැනීමට මිනිසුන් වගබලා ගත යුතුයි. (නි)

:       0       0

සෑම් Saturday, 01 September 2012 02:55 AM

කව්ද මේවට වග කියන්න ඕන..? (නු)

:       0       0

වරුණ Saturday, 01 September 2012 08:25 AM

උතුරු මැද පලාතට වර්ෂාව මෙන්ම මහජනතාවට මොලෙත් පහළ වේවා..!!(නු)

:       0       0

ක්‍රිෂාන්ත සයිප්‍රස් Saturday, 01 September 2012 05:12 PM

ඔය බාරවුනා යැයි කියන අය ඇතත්මට මේකට සම්බන්ධ අයද දන්නෙත් නැහැ.. (නු)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 01 September 2012 05:27 PM

ඔය රජරට නමින් ඉන්න මහත්තයා කවුද? (නි)

:       0       0

දයා සෞදි Saturday, 01 September 2012 10:08 AM

මේ මැරයෝ හිතන්නේ නැහ තමන්ට ලෙඩක් දුකක් අනතුරක් සිදුවෙලා දොස්තර කෙනෙකු ළගට යන්න වෙයි කියලා.. චණ්ඩිකම් කලෝ ගස් යට මලෝ..!(නු)

:       0       0

ජනිත් Friday, 31 August 2012 06:53 PM

හොද වැඩේ. (නි)

:       0       0

රජරට Friday, 31 August 2012 07:52 PM

මේගොල්ලේ පරද්දන්න ඕනේ නැත්නම් තවත් නටනවා (අ)

:       0       0

චානක Saturday, 01 September 2012 12:08 PM

වරුණ හරි මේ අයට ඡන්දෙ දෙන අය ඇත්තටම මොලේ උඩද ඉදගෙන ඉන්නෙ කියලා බලන්න..!(නු)

:       0       0

චානක Friday, 31 August 2012 09:14 PM

අනේ මෙයා මේ අයව යට කරනගෙන යන්නත් තිබුණා (අ)

:       0       0

චන්දිම Friday, 31 August 2012 09:39 PM

නූතන වැඩ වසම් සමාජයක් ගොඩ නැගෙමින් පවතී. මැරයන් හාම්පුතුන් වන අතර ජනයා වහලුන්ය. (නි)

:       0       0

නිරන් Saturday, 01 September 2012 12:45 PM

මොකද දොස්තර කියන්නේ රජ්ජුරුවෝද (දී)

:       0       0

ගුණරත්න Friday, 31 August 2012 09:46 PM

රජරට අනෙක් පැත්තේ ඉන්නේ සිල් ගත්ත අයද දන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 09:59 PM

නියමයි නේද? (නි)

:       0       0

වරුණ Saturday, 01 September 2012 01:10 PM

මේ දේශපාලන සංස්කෘතිය රටින් අතුගා දැමිය යුතුයි (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Friday, 31 August 2012 10:21 PM

දොස්තර මොකට මේ අයත් එක්ක කතාවට ගියාද මන්දා?(නු)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 10:54 PM

කාගේ අයද මේ නරක වැඩේ කළේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site