සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට එම්.සී.පී.ඒ නම් වල් නාශකය මුසුවී ඇතැයි රජයේ රස පරීක්ෂක ඇඹිලිපිටිය උසාවියට වාර්තා කර ඇත. එහෙත් රෝහලේ ටැංකියේ ජලයට කිසිවක් මුසුවී නැතැයි රසපරීක්ෂක කියයි. වස දැමී යයි සැකපිට රෝහල් සේවක එස්.ඩී නිමල් රංජිත් ද, ඔහුට ඒ සඳහා උදව් කළැයි කියන දොස්තර ජී.පී.එම් චන්දන ද බ්‍රහස්පතින්දා වනතුරු රිමාන්ඩ් කරනු ලැබ සිටිති. 2-මීතයිල්-4- ක්ලෝරෝෆෙනොක්සි ඇසිටික් ඇසිඩ් නම් මෙම වල් නාශකය ජලයේ පහසුවෙන් දියවේ. එය ඇමෙරිකාවේ පාවිච්චිය සීමා කර ඇත. පිළිකා පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික ඒජන්සිය පවසනුයේ මෙම වල් නාශකයේ පිළිකා කාරක රසායන ඇති බවයි. ශරීරයට ඇතුළුවන වස මළ සමග දින පහකින් මුළුමනින්ම ඉවත්වී යන බව ද, එහෙත් ඇස් හා සමේ දැවිල්ල, යටිබඩේ වේදනාව, ඕක්කාරය, වමනය, ඇඟ දුර්වලවීම හා සිහිය නැති වීම රෝග ලක්ෂණ අතර වේ. ගැබිනි මව්වරුන් එම්.සී.පී.ඒ රසායනයට නිරාවරණය නොවිය යුතුයැයි රසායන විද්‍යාඥයෝ පවසති.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දොස්තරගෙ ගෙදර ටැංකියට වස දාලා
විමල් බණ්ඩාර Wednesday, 22 February 2012 11:55 PM
නීතියෙන් බේරුණත් ලෝක ධර්මයෙන් ඔය දොස්තරට දඩුවම් ලැබේයි..
හේගොඩ Thursday, 23 February 2012 01:08 AM
මේ වගේ අයට නීතියෙන් හොද දඩුවම් දෙන්න ඔන්න..
Yoonus alavi Thursday, 23 February 2012 08:02 AM
දැන් තියෙන්නේ දොස්තර බිස්නස් එකනේ..තරගකාරී දොස්තර බිස්නස් එකේ දී මේවා බලාපොරොත්තු වෙන්න සිද්ද වෙයි...