(ඩයනා උදයංගනී)
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද (2) දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැඩි උණුසුමක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ජනතාව ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත්, එළිමහනේ සිදුකරන අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටීමත් කළ යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
හැකි පමණ සෙවණ ඇති ස්ථානවල ගත කිරීම කළ යුතු අතර වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බව ද ඔහු කීවේය.
එමෙන්ම අද (2) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉතුරුවෙලා තියන ගස් ටිකත් කපලා දාමු. ඊට පස්සේ රට කාන්තාරයක් වුණාම සෝලා පවර් යුනිට් හැමතැනම හයි කරලා ගෙවල් වලට AC අරන් දෙමු. ගස් තිබුණා කියලා මොනවටද, ඔක්සිජන් කන්නද...?
ඉතුරු ගස් ටිකත් කැපුවා නම් නිකම්ම කූල්වෙයි ලංකාවම...