
(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්රදේශවලට තව දුරටත් ඇද හැළෙන අධික වැසි හේතුවෙන් දිස්ත්රික්ක 11 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 51 කට නායයෑමේ අනතුරු ඇඟවිම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලදදී
ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහකට තුන් වන අදියරේ රතු නිවේදන නිකුත් කර ඇති අතර තවත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස 16 කට දෙවන මට්ටමේ නිවේදනයද, ප්රාදේශීය ලේකම් කොට්ඨාස 30 කට පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්රික්කයෙ පස්බාගේ කෝරළය, සහ නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, කොත්මලේ නැගෙනහිර , කොත්මලේ බටහිරථ සහ නෝර්වුඩ් යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්රික්කයේ නියාගම තවලම, නෙළුව සහ නාගොඩ, මහනුවර දිස්ත්රික්කයේ උඩපළාත සහ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, අරණායක,දැරණියගල, මාවනැල්ල, සහ යටියන්තොට මාතර දිස්ත්රික්කයේ කොටපොළ, පස්ගොඩ සහ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්රික්කයේ තලවකැලේ, සහ රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
කොළඹ දිස්ත්රික්කයේ සීතාවක සහ පාදුක්ක,ගාල්ල දිස්ත්රික්කයේ බද්දේගම සහ ඇල්පිටිය, ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල සහ මීරිගම, හම්බන්තොට දිස්ත්රික්කයේ වලස්මුල්ල, සහ කටුවන, කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, සහ බුලත්සිංහල, මහනුවර දිස්ත්රික්කයේ පාතදුම්බර, දොළුව යටිනුවර, සහ උඩුනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල, ගලිගමුව,වරකාපොළ කෑගල්ල, සහ බුලත්කොහුපිටිය, රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල, ඇලපාත,කුරුවිට, කලවාන,අයගම සහ පැල්මඩුල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මෙහි රතු නිවේදන නිකුත් කර ඇති ප්රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලිමීටර් 150 ඉක්මවු වර්ෂාපනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ස්ථානයක් කරා යාමට පියවර ගන්නා ලෙසත්, දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති ප්රදේශවලට පසු ගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ස්ථානයකට යාමට සූදානමින් සිටින ලෙසත් පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්රදේශවලට පසු ගිය පැය 24 ක කාලය තුල මිලි මිටර් 75 ඉක්ම වූ වැසි ලැබි ඇති බැවින් පස් කණ්ඩි කඩා වැටීම, ගල් පෙරළීම, පොළොව ගිලා බැසීම ගැන අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2026.09.24 වන දින පෙරවරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය 2026.09.25 වන හෙට දින පෙරවරුව දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd